IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අගමැති රනිල්ගෙන් නව පක්ෂයක්

"ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගාලුමුවදොර පිටියේදී මේ මොහොතේ පැවැත්වෙන ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

 

(36698)



අදහස් (40)

අගමැති රනිල්ගෙන් නව පක්ෂයක්

dias Monday, 17 December 2018 01:18 PM

ඕකේ එක සාමාජිකයෙක් පමණක් ඉන්න මුස්ලිම් කොංග්‍රසයත් ඉන්නවද?

:       227       456

NishanMonday, 17 December 2018 11:54 PM

මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීලා 8දෙනෙක් ඉන්නවා

:       0       0

Jaya Monday, 17 December 2018 01:30 PM

ඒ පාර තව විගඩමක් පටන් ගන්න යනවා. කරුණාකරලා තරුණ මනුස්සයකුට ඔය පක්ෂය බාර දීලා ගෙදර යන්නකෝ...

:       352       657

ඇත්ත සත්‍යපාල Tuesday, 18 December 2018 12:02 AM

සැමටම එකඟ විය හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන මුවාවෙන් කොහොමහරි තම බිරිඳට නායකත්වය මාරුකරලා යන විදිහක් බලන්නේ... මම කියූ බොහෝ දේවල් ඔප්පු වෙලා තිබෙනවා. මේකත් එහෙමයි කියල මම විශ්වාස කරනවා.

:       0       0

Adam Monday, 17 December 2018 01:57 PM

අපේ රට විනාශ කරන වසලයින් පන්නා දමමු. දරුවෙක් හදාගන්න බැරි මේ අයට මේ රට හදන්නේ කොහොමද?

:       3451       1595

SKBMonday, 17 December 2018 03:44 PM

දරුවන් ජාතක කළත් ඒ අයත් හරියට හදාගන්න බැරි තාත්තලා ගැන කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි...

:       513       1028

sandy123Monday, 17 December 2018 03:57 PM

කාගෙවත් පුද්ගලික ජීවිතයට මඩ ගහන අයගේ මානසිකත්වය ගැන කුමන කතාද? මේවා බොහොම පහත් වැඩ.

:       405       736

helaya Monday, 17 December 2018 09:19 PM

ඔබ වැනි සමනළයින් නිසා අපේ සිංහල ජාතිය හීනවේගෙන යනවා..

:       27       69

sandy123Monday, 17 December 2018 04:03 PM

ඒ වාගේම දේශපාලනය කළ ඉහළ තනතුරු දරපු අයගේ නොසණ්ඩාල වනචරකම මම ඇහැට දැකලා තියෙනවා. ඒවා ලියන්නත් ලැජ්ජයි... තනිකරම බාල අපරාධ. එ් නිසා කවමදාකවත් කාගේවත් පුද්ගලික දේවලට අදහස් නොදා ඔහුගේ සේවාව සහ ප්‍රතිපත්ති වලට තමන්ගේ විවේචන හෝ අදහස් දමන්න. මන්දයත් එය ඔබගේ හැදියාව පිළිබිඹු කරනවා.

:       148       430

NuwanTuesday, 18 December 2018 10:35 AM

ප්‍රතිපත්තියක් තියෙන එක දේසපාලුවෙක්ගේ නමක් කියන්න පුලුවන්ද?

:       0       0

Raveendra Monday, 17 December 2018 02:02 PM

මේ කියන එකෙත් ලොක්ක මෙයාම වෙන්න ඇති. මොකද අසුචි සමිතියක වුනත් ලොක්ක වෙන්න උපන් හපනා..

:       464       637

yaha Monday, 17 December 2018 02:03 PM

තියෙන පක්ෂයෙන් රට ගොඩ ගන්නකෝ... මිනිස්සුන්ට කොයි පක්ෂෙන්ද කියල‍ා වැඩක් නැහැ.. රටට සේවයක් කරන්න. නීතිය හැමෝටම සමසේ ක්‍රියාත්මක කරන්න අනාගත දරුවන්ට හොඳ රටක් හදන්න. දැන් වංචා කාරයින් ලංකාවේ වැහි වැහැලා... මේ ක්‍රමය වෙනස් කරන්න.. ඔයගොල්ලෝ පක්ෂ හදනවා.. රැලි තියෙනවා... අවුරුදු 4.5/6 ඉවර වෙලා විරුද්ධ පක්ෂෙට යනවා.. එනවා.. මෙලෝ වැඩක් නැහැ..

:       15       348

RaveendraMonday, 17 December 2018 03:47 PM

yaha මයා වෙත, "කෙසෙල්වතු නිකායට "අයත් මේ " නිගන්ඨයින්ට " රටේ දියුණුව තියා ආරක්ෂාවවත් අදාළ නැත. ඉන්න තරමක් හොරුන්ව ආරක්ෂා කරමින් තමන්ද හොරා කමින් ඉන්න අතර බටහිරෙන් කිව්වොත් හිටගෙන වැසිකිළි පලයව් කියලා මේ හැත්ත දුව දුව වැසිකිළි යනවා යනවාමයි...

:       49       324

මුනසිංහ Monday, 17 December 2018 02:04 PM

වැඩක් වෙන එකක් නැහැ. දැන් යල් පැනලා...

:       32       190

ගල්කටස් Monday, 17 December 2018 02:21 PM

නව පක්ෂයක් පිහිටුවීමෙන් පමණක් ඵලක් නැත. එ.ජා.ප. අාකල්පමය වශයෙක් වෙනස් විය යුතු අතර සිංහල ජනතාව ඔබව පිළිගන්නා තත්වයකට පත් විය යුතුයි. එසේම බෞද්ධ භික්ෂූන්, රණවිරුවන්ට ඔබේ පක්ෂය ගැරහීම නැවැත්විය යුතුය. මේ රට තුළ ජනතාවගේ අාදරය දිනාගත් ජනාධිපතිවරු දෙන්නෙකි. ප්‍රේමදාස - මහින්ද යන මහත්වරුන්ගේ රටාව අනුගමනය නොකර ඔබට ගොඩ යන්නට නොහැක. සෑමවිටම තම රටේ බහුතර ජනතාවගේ හැඟීම් තේරුම් අරන් වැඩ කරන්නේ නම් අාපදා වෙනස් විය හැකි බව දක්වමි...

:       4       512

අනුරTuesday, 18 December 2018 02:36 AM

ඔබේ අදහස හරි. මහින්දත් ප්‍රේමදාසගේ හොදගති අනුගමනය කිරීමෙන් තම ජනප්‍රියතාව වැඩි කරත්තා

:       0       0

ධනුෂ්ක Monday, 17 December 2018 02:29 PM

ඊළඟ මහ මැතිවරණයෙන් පීචං වෙලා යන්න හිටපු පිරිසකට ලොකු පීචනුයි, පොඩි පීචනුයි එකතු වෙලා දින 50ක් තිස්සේ ඔක්සිජන් ලබා දුන්නා. දැන් නැවතත් ඔවුන් සිංහ හම් පොරවාගෙන අැවිත්...

:       14       162

nihal Monday, 17 December 2018 02:52 PM

ඉදිරියේදී එම පක්ෂයට සම්බන්ධ වී ජයගන්නා කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන්ට පක්ෂේ මාරු කොළොත් මන්ත්‍රී අසුන අහිමියි.. දැන් හකීම්ලා, රිශාඩ්ලා... කේවල් කරලත් හමාරයි.

:       0       43

sirimal Monday, 17 December 2018 03:23 PM

ඡන්ද ලකුණ මහ බැංකු ගොඩනැඟිල්ලද? මොකද බොරු වුනත් ඒ මඩ ඉහින්, කණින් තැවරිලයි තියෙන්නේ.

:       114       227

RaveendraMonday, 17 December 2018 03:35 PM

අර්ජුනගේ රූපෙත් නරකම නැහැ. හොයාගන්න බැරිම වුනොත් කලවැද්දෙක්ගේ රූපයක් වත් දාමු.

:       49       228

විජිත් Monday, 17 December 2018 09:21 PM

හොඳ අදහස, මීට කලිනුත් කලවැද්දාගේ නෙලුම් මලනේද ණයට ඉල්ලාගත්තේ..?

:       0       9

Raveendra Monday, 17 December 2018 03:31 PM

අපි මෙම නවතම පක්ෂයට සුබ පතන්නෙමු. එමෙන්ම ඒ සදහා පක්ෂ ලකුණ ලෙස මහා බැංකුවේ හෝ අර්"ජෝන් " ගේ මූණත් තහඩුව සහිත රූපයක් යෝජනා කරනවා කවුරුත් විරුද්ධ නැහැ නේද? කුඹුරේ හතර මායිම නොදන්නා මේ ගොයියාට ජය වේවා!!!!

:       77       94

Amila Monday, 17 December 2018 04:14 PM

දැන් තියෙන පක්ෂ මදිද? මේයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණොත් රාජිතගේ වගේ සමහරවිට ජනවාරි වෙනකොට අායෙත් අලුත් අගැමති කෙනෙක් පත්වෙන්නත් පුලුවන්..

:       38       58

NishanMonday, 17 December 2018 11:50 PM

පොහොට්ටු අටවන කොට ඔයා ඔහොම කිව්වද?

:       0       0

jagathTuesday, 18 December 2018 04:58 AM

එත් ඊලග නායකයා සජිත්

:       0       0

Hafeel Monday, 17 December 2018 05:02 PM

එම අලුත් පක්ෂයේ නායකයාත් ඔයාමද?

:       0       0

Perera Monday, 17 December 2018 05:27 PM

ඕන පක්ෂයක් හදාගන්න. හැබැයි දැන් වත් 2015දී එනකොට කරනවා කියපු දේවල් කරලා තෝරු, මෝරු දෙතුන් දෙනෙක්වත් දඬුවම් වින්දේ නැත්නම් ඔය පෙර පිනකට හම්බවෙච්ච ඔක්සිජන් ටිකත් නැතුව ගිහින් ලබන ඡන්දෙන් ගෙදර ගිහිල්ලවත් බේරිලා ඉන්න ලැබෙන එකක් නැහැ.

:       0       0

Mahee Monday, 17 December 2018 06:02 PM

ඩී.එස්., ඩඩ්ලි හීනෙන් ඇවිත් බය කළාවත්ද අපේ පක්ෂයේ නම කන්න එපා කියලා.

:       0       2

GALHENA Monday, 17 December 2018 09:18 PM

ප්‍රජාතනත්‍ර නියමුවා ලෙස සළකන රටේ පාලකයින් ලෝකයේ සිටින ඉහළම දූෂිතයන් හා යුද ගිණි අවුලන්නන් බවට ක්‍රියාවන් සියල්ල ලොවට හෙලිකර පුද්ගලයාව මරණ දණ්ඩනය දෙන්න සොයමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී යන්න නිකම්ම නිකම් නමක් පමණයි ඔය කතා හොඳයි ප්‍රශ්න පත්තරේට ලියන්නයි, තනතුරටයි පමණක් ඉගෙන ගත්ත අයටයි. ලෝකයේ පවතින පාලන ක්‍රමවේදය ගැන අවබෝධයක් ඇති සත්‍ය හඳුනනවා.

:       0       0

විජිත් Monday, 17 December 2018 09:22 PM

සමනලයා මාර්ක් එක නරකද...?

:       0       31

Bandara Monday, 17 December 2018 10:31 PM

පරණ එක අලුත් ලේබලයකින්.

:       0       9

jaya Tuesday, 18 December 2018 12:15 AM

මහ බැංකු කඩන්න මේ රටට කියල දුන්නු මහින්දලා තමයි වගකියන්න ඕන.

:       0       0

Ratnamalala Tuesday, 18 December 2018 01:05 AM

නමේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනට එක නැති එකම පක්ෂය වෙන්න බැරි කමකුත් නැහැ.

:       0       2

Lakmal Tuesday, 18 December 2018 02:01 AM

ඉගෙනගත්ත පාඩම් වලින් රට දියුණුවට වැඩ කරලා දෙය්යනේ කියලා විශ්‍රාම යන්න

:       0       0

Lakvidu Tuesday, 18 December 2018 02:56 AM

තමන්ගේ නමත් මාරුකරලා බැල්වොත් නරකද මෙයා..?

:       0       0

janaka Tuesday, 18 December 2018 03:56 AM

මම යෝජනා කරනවා අලුත් පක්ෂයට නව දැක්මක් සහිත අලුත් නමක්,

:       0       0

Ruwan Tuesday, 18 December 2018 04:36 AM

රටට අවශ්‍ය නව පක්ෂ නොව නව මුහුණුය.

:       0       0

sampath pathirana Tuesday, 18 December 2018 07:00 AM

වෙස් මුහුණු බැදන් ආවත් අපි නෑ රැවටෙන්නේ.....

:       0       1

Hafeel Tuesday, 18 December 2018 08:17 AM

එම පක්ෂයේ නායකයාත් ඔයාමද?

:       0       1

nimasi Tuesday, 18 December 2018 02:48 PM

පුදුම විය යුතු දෙයක් නොවේ මෙය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 236 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 512 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 622 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 374 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 452 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site