උතුරේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසුණේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ එලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මුණ ගැසී උතුරේ තත්ත්වය සම්බන්ධයෙන් විමසා ඇත.
උතුරු මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වන බවටත් පලාලී සහ පලෙයි ප්‍රදේශවල නීති විරෝධී අයුරින් මාර්ග බාධක දමා තිබූ බවටත් ලැබුණු පැමිණිලි නිසා අග්‍රාමාත්‍යවරයා එලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මුණ ගැසී කරුණු විමසුවේය.
කෙසේ නමුත් අදාළ මාර්ග බාධක ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
055
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
ගරු අගමැතිතුමනි, තරාතිරම නොබලා ප්‍රජාතන්ත්‍රවාදයට සර්වබල ඡන්දයට මේ කළ නීතිවිරෝධී බලපෑමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට කඩිනමින් යන්න. රටවැසියෝ අවදියෙන්.
අගමැතිතුමනි,මේ සම්බන්දයෙන් නීතියේ ඉදිරියට යා යුතුමයි.
මේ කාරණාව බරපතලයි. ඉදිරියේදී මෙවන් දේ නොවන්න නීතියේ ඉදිරියට යන්න. යහපාලනය ක්‍රියාත්මක කරන්න.
ඒකේ අවාසිය සජිත්ටයි.
මටනම් මෙයා හරි සැකයි.
ගණන් කරන හැටි කියාදෙන්න ගිහින්.....
මෙයාට තියෙන හදිස්සිය.....
රට කෑවා ඇති. දැන් ගෙදර යන්න.