IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 50,000ක්

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ප්‍රාන්ත දෙකක මහ අමාත්‍යවරුන් දෙදෙනකු නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ඒ අතරවාරයේදී අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (3) 50,000 ඉක්මවා ගියේය.

අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (3) දින පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී වාර්තා වූ නව වයිරස ආසාදිතයන්ගේ ගණන 52,972ක් විය. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 1.8කි. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් සහ ආසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවූ අනෙක් රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි.

අවසන් පැය 24 කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 771ක් වාර්තා වූ අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 38,135ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ සභාපතිවරයා මෙන්ම එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද වන අමිත් ෂාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය. හෙතෙම වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර ඇත.

ඔහු ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලකට වන අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි. කර්නාටක ප්‍රාන්තයේ සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැතිවරුන් ද නව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබිණි.

“පසුගිය දින කිහිපයේ මා අසළට පැමිණි මා සමඟ සිටි සියලු දෙනා හුදෙකලා වී ස්වයං-නිරෝධායනය වෙන්න. වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරගන්න” තමාට කෝවිඞ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් කරමින් අමිත් ෂා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ එලෙස දැක්විණි.

අමිත් ෂා අවසන් වරට අග්‍රාමාත්‍ය මෝදි මුණ ගැසුණේ කවදාදැයි විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමාට නිශ්චිතව කිව නොහැකි යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක කීය.

රොයිටර්

055

 



අදහස් (0)

අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 50,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site