IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


’ජනපති වූවාට එජාපයේ නායකත්වය ලැබෙන්නේ නෑ’

(අංජුල මහික වීරරත්න)

 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්‍ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් මේ වන විට ඉවත් කර පවතී.

ඉහත වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබුවේ වර්ෂ 1994 දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා විසින් පෙන්වා දෙනු ලැබූ වැදගත් කරුණක් පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේ නම් ඇයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිරිනැමීමට සිදුවන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දෙනු ලැබීය.

ඉහත නීතිමය කරුණු සැළකීමට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්‍ෂ නායකත්වයට පත්විය යුතු යැයි යන වගන්තිය 1994 වසරේදීම ඉවත් කිරීමට පියවර ගැනිණි.



අදහස් (9)

’ජනපති වූවාට එජාපයේ නායකත්වය ලැබෙන්නේ නෑ’

ආන්ජලෝ නුගාරා Thursday, 12 September 2019 09:52 AM

මෙම විස්තරය සජිත්ට දැනගැනීමටයි. ඕනෑ නම් විලියම් ගොපල්ලව කෙනෙක් විය හැකියි.

:       19       116

Prabha Thursday, 12 September 2019 10:34 AM

කොහොමත් නායකත්වය ලබන්න නම් රනිල් වික්‍රමසිංහ යනකම්ම බලන් ඉන්න වෙයි.

:       0       28

Hafeel Thursday, 12 September 2019 12:26 PM

මේ ලෝකය අවසන් වෙනතුරු ඔහු තමයි පක්ෂයේ නායකයා...

:       0       1

Kamal Perera Thursday, 12 September 2019 11:09 AM

1994දී කරපු දේටත් බනින්න රනිල්ට...

:       2       20

samThursday, 12 September 2019 12:16 PM

1994දි රනිල් තමයි පක්ෂ නායකයා වෙලා හිටියේ විජේතුංග යනකොට... එයා ජනාධිපතිකමට ඉල්ලන්න ඉන්නකොට ගාමිණි දිසානායක ආපහු ආවා. ඔහු මියගියාම ඔහුගේ මැතිණියව අපේක්ෂකත්වයට දැම්මා. නවීන්ගෙන් අහන්න...

:       0       12

lalithm Thursday, 12 September 2019 11:09 AM

ජනපතිකම තියෙනවා නම් එජාපෙ නායකකම බම්බුවකටද? විලියම් ගොපල්ලව වුණත් ලෝකය දන්නේ ජනපති වුණු හින්දනේ. එජාපෙ නායකයා කියලා ලෝක ඉතිහාසේ ලියවෙන්නේ නැහැ නේද?

:       10       52

[email protected] Thursday, 12 September 2019 11:22 AM

අදාල නෑනේ... ජනාධිපති වෙන්නේ නෑනේ...

:       29       160

Dilip Thursday, 12 September 2019 11:24 AM

පක්ෂයේ වෙනස් වීම පාක්ෂිකයින් දැනගත යුතුයි.

:       0       22

Hafeel Thursday, 12 September 2019 12:32 PM

මේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂය. ඒ විධායක බලතලෙන් වැඩියෙන්ම බැට කෑවෙත් ඔවුන් තමයි. ප්‍රේමදාසගෙන් පසු ඔවුන්ට තාම ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ රනිල් ගෙනාපු පක්ෂ ව්‍යවස්ථාවත්. අතුකෝරලත් රනිල්ගේ ලණුව කාලා ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 330 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 687 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 844 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 458 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 521 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 183 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site