IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව ලංකාවේදී

( තිළිණි ද සිල්වා)
ලෝකය පුරා සිටින ඩාවුදි බෝරා ප‍්‍රජාවේ ‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව සඳහා 21000ක බෝරා ජාතිකයින් පිරිසක් ලබන 01 වැනිදා සිට පුරා දින දහයක් කොළඹ රැදී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව එම ප‍්‍රජාවගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන්ගේ  ප්‍රධානත්වයෙන් බම්බලපිටිය මුහුදු මාවතේ ( මැරයින් ඩ‍්‍රයිව් ) හි පිහිටි ප‍්‍රධාන ඩාවුදි බෝරා පල්ලිය කේන්ද්‍ර කර ගනිමින්  පැවැත්වෙනු ඇත.
 
මේ සමුළුව සදහා මෙරටට පැමිණෙන 21000ක් පමණවන බෝරා ආගමිකයින්  සඳහා මේවන විටත් ගල්කිස්ස ,කොළඹ සහ මීගමුව දක්වා ප‍්‍රදේශයන් හි තිබෙන ප‍්‍රධාන පෙළේ් සියළුම හෝටල් 100ක ,  කාමර 3000ක් පමණ ඔවුන් වෙන් කරගෙන ඇති බවත් , මීට අමතරව එම ප‍්‍රදේශවලින් සුඛෝපභෝගී තට්ටු නිවාසද වෙන් කරවා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
 
එමඟින් සංචාරක කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 31 ක ආදායකමක් උපයාගත හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කීය.
එසේම අතිවිශාල පිරිසක් පැමිණෙන මෙම සමුළුව ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී හා ආහාර නාස්තිය අවම ලෙසින් පැවැත්වෙන බවද කොළඹ ප‍්‍රධාන බෝරා පල්ලිය සඳහන් කර සිටී.
 
සමුළුවට ශ්‍රී ලංකාව ,  ඕස්ටේ‍්‍රලියාව, බහරේනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ඊජිප්තුව, ප‍්‍රංශය, ජර්මනිය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ජපානය, කෙන්යාව, කුවේට්, මැලේසියාව, මියන්මාරය, නෙදර්ලන්තය, නෝර්වේ,  ඕමානය, පාකිස්තානය , පෘතුගාලය, කටාර්, සවුදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව, ස්වීඩනය, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්ය,ය, උගන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල් වල සිටින ඩාවුදි බෝරාවරුන් පැමිණෙති. 
 
 මෙම  සමුළුව විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ විසින් ක‍්‍රියාත්මක කර ඇති  මීට පෙර 2009 වර්ෂයේද ලංකාවේ මෙවැනිම බෝරා ආගමික සමුළුවක් පවත්වනු ලැබිණි.



අදහස් (8)

‘‘ අෂරා මුබාරකා’’ ආධ්‍යාත්මික සමුළුව ලංකාවේදී

Amila Sunday, 25 August 2019 08:46 AM

බෝරා මුස්ලිම් බහුතරය ඉන්න රටක් තිබුණේම නැද්ද ඕක තියන්න? මේවා හරහා තමයි එක එක අන්තවාදීන් රටට රිංගන්නේ. ඇයි ඉතින් සමුලුවට එනවා කියන්න පුලුවන්නේ ඕනෙ කෙනෙක්ට.. මතකද ළඟදීත් ඔහොම ප්‍රධාන මුස්ලිම් අයගේ ලෝක සමුලුවක් මෙහේ තිබුණා. මේ වක්‍රාකාරයෙන් එන්නේ වෙන පොටකට කියලා නම් පේනවා. මේවාට විරුද්ධව විය යුතුය. ඔය බොරුවට කෑගහන සංවිධාන කෝ..?

:       143       255

සේන Sunday, 25 August 2019 08:50 AM

ඇමරිකන් ඩොලර් විතරක් බලලා බෑ නේද? මේ මිනිසුන් මොකද මේ රැස්වීම්වලට අපේ රටට එන්නේ? එයාලගේ ආගම අදහන රටවල් නැද්ද?

:       130       285

jagathwana Sunday, 25 August 2019 10:10 AM

කුට්ටියක් දුටුකළ ඕනෑම ජරාවක් ගිලින ජාතියක්ද අම්මපා ඉපදිලා ඉන්නේ? හරිම දුකයි මේවා ඇහෙද්දීත්. බලන්නකෝ මේ සෞදි අරාබියට ඇවිත් ඔයවගේ වෙන ආගම්වලින් වැඩමුළු පවත්වන්න පුලුවන්ද කියලා. කාගෙන් අනුමැතිය අරන්ද මේ වැඩමුළු පවත්වන්නේ?

:       54       169

ගල්කටස් Sunday, 25 August 2019 10:14 AM

සමුළුවක් නම් තියා ගත්තට කමක් නැහැ. ඒ මුවාවෙන් තුුස්ථයන් එවිද දන්නෙ නැහැ .ඉන්දියාවට ගහනවා කියලා ලංකාවට අයෙ වැඩක් දෙයිද දන්නෙ නැහැ . මේ අාණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ .

:       0       7

savin Sunday, 25 August 2019 03:50 PM

මේ අය ත්‍රස්තයින්...

:       1       0

Aris Sunday, 25 August 2019 04:21 PM

නුදුරේදීම ඉස්ලාම්කරණය කරන්න පුළුවන් රටක් තමයි මේකට තෝරාගත යුත්තේ. මේවා මුස්ලිම් රටවල තියල වැඩක් නැහැ. අනෙක වෙනත් ජාතින් ජීවත්වෙන බලවත් රටවල මේවට ඉඩක් නැහැ. එන්න ඉස්සෙල්ලා වතගොත හොයනවා. දැක්කනේ ඇමෙරිකාව පසුගිය කාලේ අරාබි රටවල් ගණනක සංචාරකයන්ට පවා ඇමෙරිකාවේ සංචාරක තහනමක් දැම්ම...

:       0       37

sharm warn Monday, 26 August 2019 05:02 AM

මට ප්‍රශ්න දෙක තුනක් තියෙනවා .1. ඇයි මෙයාලා ලංකාව ම මේ වැඩේට අල්ලගන්නේ ? 2. අපිට සංචාරකයෝ කියලා එන්න ඉන්නේ මේ කාන්ඩේ විතරද ? 3. 21000ක් ආවම , 21000 ම ආපහු ගියා ද කියලා හොයලා බලන්නේ කවුද ? 4. මෙහෙම දේවල් බහුතර මුස්ලිම් නොවන රටවල තියන්නේ මොන පර‍මාර්තයෙන්ද ?? 5. බෞද්ධ , කතෝලික හෝ හින්දු ආගමක ලෝක සම්මේලනයක් පවත්වන්න මේගොල්ලන්ගේ රටක ඉඩක් දෙයිද මේ සම්මා ජාතියට ?

:       2       1

රත්නසිරි නල්ලපෙරුම Monday, 26 August 2019 02:47 PM

මේකෙ එන අයට ආරක්ෂාව දීමක් ගැන සඳහන් වුණා. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද බෝම්බ ගහන්නෙ උන්මයිනේ. මුස්ලිම් 7% ඉන්න රටක මේවගේ ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට තෝරාගන්නේ ඇයි කියන දෙයට පැහැදිලි පිළිතුරක් සොයාගත යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 676 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1257 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1461 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 809 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 769 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 245 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site