IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘මීගමු කලපුව හැරීමෙන් කලපුව විනාශ වෙනවා‘‘

(විනීතා එම් ගමගේ)

මීගමු කලපුව සංවර්ධනය යැයි කියා ධීවර අමාත්‍යංශ්‍ය දියත් කරන ව්‍යාපෘතිය හේතුවෙන් කලපුව විනාශ වෙමින් පවතින බව ධීවරයෝ පවසති.

විශාල මහජන මුදලක් වැය කරමින් කලපුව සංවර්ධනය කරන බව පැවසුවත් සිදුකර ඇත්තේ කලපුව හැරීම පමණක් යැයි ද එයින් කලපුවත් එහි කඩොලාන පද්ධතියත් විනාශ වෙමින් පවතින බවත් සමස්ත ලංකා ධීවර වෘත්තිය සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා ලංකාදීපයට පැවැසීය.

මීගමු කලපුවේ මෝය කට ආසන්නයේ කුඩා ගඟ ප්‍රදේශය ද කොතලාවල පාලම ආසන්න ප්‍රදේශය ද කලපුව හෑරිමෙන් මේ වනවිටත් විනාශ වෙමින් පවතින බව ඒ මහතා කීය.

ධීවර අමාත්‍යංශය සිදුකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ධීවර ජනතාවට මසුන් අස්වැන්න නැති වී යන බවත් මේ විනාශය නතර කරන ලෙස ධීවර ජනතාව අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ත් රොෂාන්ත මහතා කියා සිටියේය.

කරවල වාඩිවලින් එන අපද්‍රව්‍ය හා කලපුව අසල හෝටල්වලින් එන අපද්‍රව්‍ය කලපුවට එක් වීම නවතාලන්නැයි අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට  මුවාවෙමින් මෙසේ කලපුව හාරන බවත් මෙයින් තම අරමුණ ඉටු නොවන බවත් ධීවර ජනතාවගේ අදහස යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වනවිට කළපුවෙන් පස් ටිපර් 13000 කට ආසන්න ප්‍රමාණයක් හාරා ඉවත් කරගෙන ඇතැයි ද ඔහු කියා සිටියේය.

කලපුවෙන් හාරා ඉවත් කරන පස් විකිණීමටත් පන්සල් පල්ලි ඇතුළු දේවස්ථානවලට නොමිලේ දෙන්නටත් කටයුතු කරන බව වාර්තා වී ඇතැයි පැවසූ අරුණ රොෂාන්ත මහතා මෙයින් කලපුවේ සමතුළිත බව නැතිවී යන බවත් පෙන්වා දුන්නේය.

කලපුවේ ජෛව විවිධත්වය විනාශ කරන මෙම ව්‍යාපෘතිය වහා නවතා කලපුව රැක ගන්නට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (9)

‘‘මීගමු කලපුව හැරීමෙන් කලපුව විනාශ වෙනවා‘‘

lanka Thursday, 13 February 2020 03:17 PM

ඔය හාරන පස් තමයි අරන් ගිහින් ටිපර් එකක් රුපියල් 9000 - 13000ත් අතර ගණන්වලට මිනිස්සුන්ට විකුණන්නේ. මේ පස්වලින් රජයට සත 5ක ආදායමක් එන්නේ නැහැ. ඔක්කොම පස් ජාවාරම් කාරයොයි, දේශපාලකයොයි තමයි බෙදාගන්නේ. මේ විදියට නොමිලේ ලැබෙන පස් විකුණලා තමයි ඔය සෙට්එක ප්‍රකෝටිපතියන් වෙලා තියෙන්නේ...

:       0       0

Mohan Thursday, 13 February 2020 04:33 PM

ශ්‍රී ලාංකික ඉතිහාසයේ විශාලම පරිසර විනාශය මෙම රජය යටතේ සිදු වෙමින් පවතී .

:       0       0

aka Thursday, 13 February 2020 05:17 PM

මේක දැන් සෑහෙන කාලෙකට කලින් පටන් ගත් ව්‍යාපෘතියක්නෙ. ගොඩවෙලා තිබෙන කලපුව නොහාරා ඕක කරන්න පුලුවන්ද කියන එක නම් දන්නෙ නෑ. හැබැයි ඕකෙන් ඇයින් කරන රොන්මඩ වලින් පස් වලින් වගේ ප්‍රයෝජනයක් නම් නෑ.

:       0       0

C.K.Lankaputhra. Friday, 14 February 2020 12:29 AM

මම දැක්කා තැනක සනත් නිශාන්ත මහත්තයා කියලා තියනවා කවුරු මොනවා කිව්වත් ව්‍යාපෘතිය කරනවලු. දෙව්මිනි නෝනට අරහෙම කියන්න පුලුවන් උනේ මේ ජනාධිපතිතුමා ඉන්න හින්දලු. මේ ජනාධිපති ඉන්න නිසාම තමයි නිශාන්ත මහත්තයටත් මහත්තයටත් ඔහොම කියන්න පුලුවන් උනේ. හැබැයි දෙන්නම පරෙස්සමෙන් හොඳේ.

:       0       170

Asanga Friday, 14 February 2020 12:39 AM

ඇයි ඉතින් නිසි බලධාරීන්ට මෙය නොපෙනේ.?

:       0       7

රවින් Friday, 14 February 2020 01:41 AM

දැක්කේ නැද්ද පහුගිය දවස්වල දේශපාලු නුගත්කම පෙන්නපු හැටි. ගැහිල්ල පිටපස්සේ ඔය දේශපාලු සෙට් එකම ඇති. පරිසරය ගැන තිබුන දැනුමයි රෙද්ද අස්සේ තිබුණු වලිගෙයි දැම්මේ එලියට. කිසිම දැනුමක් නැති ඔවැනි ඔලමොට්ටල කියමන්වලට ඇහුම්කන්දී උන්ගේ බැලමෙහෙවර කරන නිලධාරීන් හින්දා තමා කලපුවේ විනාශය පටන්ගෙන තියෙන්නේ. ලංකාවේ දේශපාලුවෝ ගෑවිච්ච තැනක් ඇතිනම් එතන විනාශයේ ආරම්භය එයයි.

:       0       431

lalithm Friday, 14 February 2020 02:41 AM

කලපුවට ඔය කියන දේට වඩා හානියක් ඔතන වටේ ඉන්න මිනිස්සු දමන ජරාව දමලා ගොඩ කිරීමෙන් වෙනවා. මාළු අපද්‍රව්‍ය මිනිස් මල සහ වෙනත් කුණු. නිකමට බලන්න කලපු වතුරේ පාට සහ ගන්ධය.

:       0       10

දිමුත් Friday, 14 February 2020 04:25 AM

ඉතින් තව ග්‍රවුන්ඩ් එකක් හදමුකෝ

:       0       9

Champa Friday, 14 February 2020 05:27 AM

කිසි වැඩක් පිළිවෙලකට නැහැ. සල්ලි යොදවන්න ඕනේ හින්දා කොමිස් ගහන්න ඕනේ හින්ද ව්‍යාපෘති කරනවා. මෙතන මේ ව්‍යාපෘති කරන්න ඉස්සෙල්ලා හරි නම් පරිසර වාර්තාවක් කැඳවන්න එපැය. හැමදාම වුනේ මේක. කරවල වාඩි වලිනුයි හෝටල් වලිනුයි අපද්‍රවය කලපුවට දානව නම් ඒ හෝටල් වහන්න ඕනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. කෝ අර පරිසර පොලෝසිය කියලා එකක් තියෙන්නේ මේ ස්ථාන ආරක්ෂා කරන්න. ලෝක ප්‍රසිද්ධ මීගමුව කලපුව කියන්නේ ආදරෙන් රැක ගන්න ඕනේ සම්පතක්. මෙතන තියෙන කඩොලාන බලන්නම එන සංචාරකයොත් ඉන්නවා. අනිත් අතට කොළඹ නගරයේ වාතය අපිරිසිදු වෙලා තියෙන එකම ඇති මේ කඩොලාන බිම් රැක ගන්න. කාට කියන්නද? දේශපාලකයන්ට කවදාවත් පරිසරය ගැන හැඟීමක් තිබ්බේ නැහැ. ධීවර වෘත්තීය සමිතිය හරි මේ වෙනුවෙන් කතා කරන එක ලොකු දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 252 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 541 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 650 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 385 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 462 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 166 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site