IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘උතුරේ ජනතාව වෙනුවෙන් දෙමළ මන්ත්‍රීවරු ඒකරාශී වියයුතුයි‘‘

(එෆ්. අස්ලම්)

සිංහල බෞද්ධ යටත්වාදී ආණ්ඩුවට එරෙහිව නැගී සිටිමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවෙන්   සියළුම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිපත්තිගරුකව ඒකරාශී විය යුතු යැයි ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සිය පාර්ලිමේන්තු දේශපාලන ගමන ආරම්භ කරමින් අද (13) මුල්ලිවයික්කාල් හි සැමරුමක් සිදුකළ අතර එම සැමරුමට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේද කීය.

      ‘‘කිසිම ඵලකට නැති කැබිනට් මණ්ඩලයක් වත්මන් ආණ්ඩුව පත්කරගෙන තිබෙනවා.ඒ කැබිනට් මණ්ඩලය මුළුමනින්ම සිංහල බෞද්ධ යටත්වාදයට අනුගත පවුල් පාලනයකට  පවතින්නේ. දෙමළ ජනතාවගේ අනාගතය ගැන තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක්. විවිධ අර්බුදවලට දෙමළ ජනතාව මුහුණ දී සිටිනවා.

දෙමළ ජනතාවගේ භූමියත් පැවැත්මත් අනතුරේ හෙලෙන ආකාරයේ අකටයුතුකම් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගතව සිදුවෙනවා.

වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දෙමළ මන්ත්‍රීවරුන් උතුරු නැගෙනහිර භූමියත් දෙමළ ජනතාවගේ පැවැත්මත් අනාරක්ෂිත වන සෑම අවස්ථාවකදීම නැගී සිටීම  ඔවුන්ගේ වගකීමක්.

නව රජයේ සිංහල බෞද්ධ යටත්වාදය පරාජය කිරීමට නම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අඩුම තරමින් ප්‍රතිපත්තිගරුකව මෙවන් අවස්ථාවලදී ඒකරාශී විය යුතුයි ‘‘යැයිද හෙතෙම කීය.



අදහස් (10)

‘‘උතුරේ ජනතාව වෙනුවෙන් දෙමළ මන්ත්‍රීවරු ඒකරාශී වියයුතුයි‘‘

Vimukthi Thursday, 13 August 2020 05:20 PM

සිංහල රටේ ඉදන් දෙමල අයිතිවාසිකම් ඉල්ලන ඔය වගේ ආත්මාර්ථකාමී මේ රටේ ඉන්න එක ගැන තමයි දුක.

:       0       20

Namal Thursday, 13 August 2020 06:44 PM

මේ වගේ මිනිස්සු හින්දා තමයි රටට විපත.

:       0       21

මිනිසා Thursday, 13 August 2020 10:56 PM

පිස්සුද? දෙමළ මිනිස්සු කුලප්පු කරන්නේ නැතුව ඉන්න... නුඹලා අවුරුදු ගාණක් දෙමළ ජනතාව අන්දලා ඡන්දෙ ගත්තා. නැති ප්‍රශ්නයක් සිංහල, දෙමළ අතර මවලා නුඹලා ඡන්දෙ ගත්තා. දැන් ඉන්න දෙමළ මිනිස්සු ඕවාට අහු වෙන්නෙ නෑ. ඒ මිනිස්සු දන්නවා නුඹලා මවන යකා බොරු යකෙක් කියලා...

:       0       31

ශංකර් Friday, 14 August 2020 12:41 AM

උතුරේ ජනතාව යතාර්ථය තේරුම්ගනිමින් සිටී. ඔබලාගේ ජාතිවාදය ප්‍රතික්ෂේප වී ඇත.

:       0       33

sharm warn Friday, 14 August 2020 03:34 AM

මේගොල්ලෝ හැමදාමත් කළේ කොළඹට වෙලා සියලු වරප්‍රසාද භුක්ති විඳින ගමන් දුප්පත් උතුරේ ජනතාව නොමග යවමින් ඒ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ හෙළන එක... තමිලිනීගේ පොත කියවනකොට ඒ බව ලස්සනට පෙනුණා.

:       0       23

jayasekara Friday, 14 August 2020 03:47 AM

ප්‍රභාකරන් -2

:       0       20

Bamunuarachchi Friday, 14 August 2020 04:45 AM

ඔයාලා නැති ලෙඩ හදන්න එපා.

:       0       2

Bamunuarachchi Friday, 14 August 2020 04:47 AM

දෙමළ මන්ත්‍රීවරු විතරක් නොවෙයි සමගි ජන බලවේගය, ජෙප්පෝත් එකතුකර ගන්න.

:       14       25

Ajanthan Siwanesan Friday, 14 August 2020 08:15 AM

ඔය දෙමළ ජනතාව ගැන ආදරේට කියන කථා නෙමේ. මේ පාර මන්ත්‍රී ආසන අඩුවීමෙන් ඇති වුණු භය බීරාන්තකමට කියන ඒවා. සුමන්තිරනුත් විසිවෙන්නනේ ගියේ... මොකුත්ම වැඩක් නොකර ඉඳලා ඡන්දෙන් පරාද වුණාම, මේ වගේ අන්තවාදී කථා කියකියා ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහටවත් මොකක්හරි සේවයක් කරනවා. ඇමතිකම් තියාගෙනත් මොකුත් වැඩක් නොවුනේ මොවුන් හිතුවා ඊළාම් කථාවෙන් හැමදාම උතුරේ මිනිස්සු අන්දගෙන ඉන්න. විග්නේශ්වරන් 4ක් බලාපොරොත්තු වුණාට උන්දෑටත් එකයිනේ හම්බ වුනේ. හොඳම වැඩේ...

:       0       61

Prem Friday, 14 August 2020 09:44 AM

ජාතිවාදිි නොවී මිනිසුන්ට වැඩකරන්න පුරුදු වෙන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 0 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 18 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 86 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 135 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 259 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 93 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site