IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සින්න වෙන්න ගිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අරගෙන‘ - දූෂණ විරෝධී හඬ

(නිමල කොඩිතුවක්කු)      

උග‍්‍ර ණය උගුලකට සිරවී  සිටන නෙවිල් ප‍්‍රනාන්දු  රෝහල රාජ්‍ය බැංකුවකට සින්න වීමට ආසන්න අවස්ථාවේ රජය මැදිහත්වී එම රෝහල බේරාගෙන ඇතැයි දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (13) පැවසීය.

මේ හේතුවෙන් සෑම මසකටම රුපියල් මිලියන 25 බැගින් වසර 10ක කාලයක් සදහා රුපියල් මිලියන 3000 ක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බවත් එහි පළමු වාරිකය පසුගිය අගෝස්තු මාසයේදී ගෙවා ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

මරදාන පිහිටි සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

‘‘අපි ළඟ තියෙනවා නෙවිල් ප‍්‍රනාන්දු මහතාට ලංකා බංකුව ණය දීපු ආකාරය පිළිබඳ තොරතුරු. 2011 මැයි මාසයේ මිලියන 130යි.  ජූලි මාසයේ මිලියන 120යි. නොවැම්බර් මාසයේ මිලියන 300යි. 2012 වසරේ ජූලි 25 වනදා මිලියන 1000යි. 2014 අපේ‍්‍රල් 04 වනදා මිලියන 170යි. 2016 ජූලි 28 වනදා මිලියන 225යි. 2016 අගෝස්තු 22වනදා මිලියන 100යි. 2017 මැයි මාසයේ 25 වනදා මිලියන 103යි. 2017 ජුනි මාසේ 06 වනදා තව මිලියන 300යි. ඔක්කොම මිලියන 2466ක් දීලා තියෙනවා.  මේ මිලියන 2466න් මේ වනවිට මිලියන 2265ක් ණයයි. ණය ගෙවා ගන්න බැරි නිසා විවිධ අවස්ථාවල බැංකු අයිරාවක් අරගෙන ණය ගෙව්වා. බැංකු අයිරා පහසුකම් දුන්නා මිලියන 660ක්. නෙවිල් ප‍්‍රනාන්දුගේ සමස්ත වත්කම් වලට වැඩිය ණය දීලා තියෙනවා.          මේ බැංකු නිලධාරීන්ට ආණ්ඩුවේ ඇමැතිවරන් සිදු කළ බලපෑම් මත තමයි මේ ණය දෙන්න සිදු වෙලා තියෙන්නේ. දැන් නෙවිල් ප‍්‍රනාන්දුට මේ ණය ගෙවන්න රෝහලට ආදායම් නැහැ. මේ ජාවාරම තමයි අද හවුල් ආණ්ඩුව සුජාත භාවයට පත් කරලා තියෙන්නේ. ‘‘යැයි ද ඔහු කියා සිටියේය.



අදහස් (17)

‘සින්න වෙන්න ගිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අරගෙන‘ - දූෂණ විරෝධී හඬ

sahan Wednesday, 13 September 2017 02:42 PM

හැම දේකටම කෑ ගහන එක තමයි කරන්නේ.., වසන්තලගේ අභ්‍යන්තරය බැලුවොත් තියෙන්නෙත් වංචාව තමයි. බොරුවට මාධ්‍ය සංදර්ශන දානවා.

:       2175       851

maheeWednesday, 13 September 2017 08:25 PM

සහන්, ඔබ සමග මමත් එකඟයි. සදාකාලිකවම කෑ ගහන එක හැර, හැම දෙයක්ම කඩා කප්පල් කරන්න හදන එක හැර මොනවද මොවුන් කරන්නේ? සයිටම් වැරදි හින්දද මේ? නෑ, විශ්ව විද්‍යාල සංගම්වල බලය පෙරටුවන් අතට යනවට බයට. සයිටම් වැරදි නම් නිසි මගට ගන්න, ප්‍රමිතීන් ඇතිකරවන්න, අධ්‍යාපනයේ තත්වය ඉහල නංවන්න බල කරමින් කටයුතු කරනවා මිසක් ඒක කඩා කප්පල් කරන එකද කල යුත්තේ? සංගම්වල බලය අල්ලගන්න ඕන නිසා රෝගීන් ප්‍රාණ ඇපයට ගන්න දොස්තර මාෆියාවත් එක්ක එකතුවෙලා ජනතාව තලන්නත් මොවුන් සුදානම් බව නම් පැහැදිලියි. දෙඩවිල්ල විතරයි, කෙරුවාව නෑ.

:       146       336

samiraThursday, 14 September 2017 07:42 AM

ඒ කියන්නේ ඕන හොරෙක් ඕන හොරකමක් කරාට ඒවා එලිනොකර ඉන්න ඕන ඇයි මේ සහන්ලට කරදරයි නේ ඉතින් ඔයා දන්නවනම් වංචාවල් එලිකරන්නකෝ ඔයගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මෙරටවල් වලපල්ලට යන්නේ

:       0       40

sunil Wednesday, 13 September 2017 02:48 PM

ඉතින් ඒ රෝහල දේශීය රෝහලක්නේ? එ්කේ අයිතිකාරයා ලාංකිකයෙක් නේ.... චීනෙක්වත් ඇමරිකන්කාරයෙක්වත් නොවේනේ? සේවය ලැබුණේ මේ රටේ ලෙඩුන්ට නේ? එ්ක රජයට පවරා ගත්තත් මේ රටේ ලෙඩුන්ටමනේ සේවය කරන්නේ, චීනෙටවත් අමරිකාවටවත් නොවේනේ? රජයට පවර ගත්තානම් තව රෝහලක් හදන වියදම් රජය දරන්න ඕනි නැහැනේ, වැරැද්දක් තියෙනවා නම් එ්ක පෙන්නලා දීලා, එ්කට විසඳුමක් දුන්නොත් නරකද? හැම දෙයක්ම විවේචනය කරනවට වඩා...

:       863       1024

ONE SRILANKANWednesday, 13 September 2017 04:22 PM

අනේ මේ

:       73       402

kamani de silvaThursday, 14 September 2017 12:38 AM

මේ හලෝ මේක වංචාවක්...මෙයාට තව අවුරුදු 10 න් අයෙත් ඉස්පිරිතාලය අයිතිවෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් පවා නැතිව රාජිතගේ ඕනෑකමටයි මුදල්දිල තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නයට නඩු.

:       70       198

ගයාන්Thursday, 14 September 2017 03:16 AM

මහත්තයෝ තාම එ්ක රජයට පවරගෙන නෑ.අනගතයේදි පවරන බවට ලියවිල්ලකට එදා අත්සන් කරලා තියෙන්නේ හැබැය් රාජිත කිව්වේ කොහොමද?.තාම ඒක ප්‍රයිවට් එකක්.හැබැයි මිනිස්සුන්ගෙ බදු සල්ලි ගෙවනවා ඒකේ ණය ගෙවන්න.අයිතිය නෙවිල්ට. අනික කව්ද රජයට කිව්වෙ රෝහල රජයට ගන්න කියලා සය්ටම් එක ගන්න කිව්වේ.හැබැය් කලේ රොහල අරන් නෙවිල්ගේ ප්‍රශ්නේ විසදපු එක.හැබැයි රටට කිව්වේ අපි ප්‍රශ්නෙට සධාරන විසදුම් දුන්නා කියලා.

:       8       170

gihan Wednesday, 13 September 2017 04:14 PM

එහෙනම් මටත් රෝහලක් හදන්න සල්ලි දෙන්න. මට ඕන විදියට තමයි වියදම් කරන්නේ. සුනිල්, ජාතික මිලදී ගැනීම් ප්‍රතිපත්තිය දන්නේ නැද්ද? කාටවත් ඕන විදියට රෝහල් හදන්න මහජන මුදල් ගන්න බැහැ. අර සිල් රෙදි වගේ තමයි. නෙවිල් මහතා එ්ක හැදුවානම්, එයට ණය ගෙවන්න ඕන. අපේ බදුමුදල් වලින් බිස්නස් කරන්න බැහැ.

:       50       569

Nandalal DE SILVA - France Wednesday, 13 September 2017 05:04 PM

මේ ගොල්ලොත් කරලා තියෙන්නේ හරියට...."අස්පය පැනල ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ" ඔලමොට්ටල වැඩක් නේද ? සින්න වෙන්න ඇරලා නිකන් ඉන්නේ නැතුව, රුපියල් කෝටි ගණන් ගෙවන ක්‍රමයට රජයට පවරා ගත්තට පස්සේ නාහෙන් අඬන්නේ මොන බම්බුවකටද ?????

:       46       73

ගයාන් Thursday, 14 September 2017 03:28 AM

නන්දලාල්, ගන්න කලින් පුලුවන් තරන් කෑ ගැහුව්වා හැබැයි ඇහුවද.ගන්න කලින් කිව්ව ගන්න එපා ප්‍රශ්නෙට උත්තරේ මේක නෙමෙයි කියලා.හැබැයි මහාචාර්‍ය රජිත සේනාරත්න ඒ එකක්වත් ඇහුව්වේ නෑ.තමන්ට ඔනේ දේ කලා මිසක්.

:       8       10

shyamali Thursday, 14 September 2017 04:22 AM

ඔය රාජිත වගේ අය තමයි මේ රට අපායක් කරන්නේ, නොදකින් මෙහෙම දේශපාලුවෝ නම් .......

:       7       90

Kan Thursday, 14 September 2017 06:22 AM

ඉතින් මොකක්ද ප්‍රශ්ණෙ. ආණ්ඩුවෙන් ඔය විධියේ රොහලක් හදන්න ගියානම් ඔයිට වඩා වියදමක් යනවා කාලෙත් යනවා. අනික ගසා කෑමත් නවතිනවානෙ.

:       4       1

Nandalal DE SILVA - FranceThursday, 14 September 2017 07:41 AM

ග්‍රාමීය රෝහල් සිය ගණනක් රට පුරාම ඉදිකරන්නත් තිබුන මෙය මිලට ගන්න වියදම් කරපු කෝටි ගණන් වලින් !!!! ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැලු නේ !!!

:       1       11

samiraThursday, 14 September 2017 07:45 AM

බත් කනවද තණකොළ කනවද

:       0       6

ගයාන්Thursday, 14 September 2017 07:46 AM

මේක රජයට අයිති නෑ. අයිති නෙවිල්ට. නෙවිල් ගත්ත ණය ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවන එක. එහෙම අපි ගත්ත ණයක් ආණ්ඩුවෙන් ගෙවනවද? ඒක ගෙවන්න ඕනි ගත්ත කෙනා.අනික කව්ද කිව්වෙ රෝහල ගන්න කියලා. එහෙමනන් තව ලංකාවේ කොච්චර පුද්ගලික රෝහල් තියෙද? ගන්න කිව්වෙ සයිටම් එක. ඔයා ලංකාවෙද ඉන්නේ.

:       2       16

sarj Thursday, 14 September 2017 09:13 AM

ජවිපෙ කතාව විතරයි වැඩ නොමැත. තරුණ අධ්‍යාපනය කඩා කප්පල් කරනවා

:       4       0

anula Thursday, 14 September 2017 09:48 AM

ණයට අරන් තියෙන්නෙත් බැංකුවෙන් දැන් සින්නක්කර ගත්ත කියල සල්ලි දුන්නෙත් ආණ්ඩුවෙන් මහජනයාගේ සල්ලි බලාගෙන යනකොට මෙයාට සල්ලි නැහැනේ

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 225 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 497 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 601 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 366 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 446 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site