IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘උතුරු මැද හොර පාරෙන් පත්වීම් දීලා‘

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරිමෙන් පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිති විරෝධි ආකාරයට පෙරේදා සුළු සේවක පත්විම් 100කට අධික ප‍්‍රමාණයක් ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පවසයි.

උතුරු මැද පළාතේ පාසල් සදහා මුරකරු සහ කාර්යාල කාර්ය සහායකයන් ලෙස මෙම පත්වීම් දි ඇති බව ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා මෙසේද පැවසිය.

“මෙම පත්විම් ලබාදිමේදි පිළිගත් නිතිමය සම්ප‍්‍රදායන් කඩ කර තිබෙනවා. කිසිම ප‍්‍රසිද්ධ කිරිමක් කළේ නැහැ.අයදුම්පත් කැදවූවේත් නැහැ.මෙම පත්විම් ලබාදි ඇත්තේ උතුරු මැද පළාත් සභාවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරුන්ගේ සහ අමාත්‍යංශවල උසස් නිලධාරින්ගේ නැදැයන්ට.

මේවන විට උතුරු මැද පළාත් සභාවේ පාසල්වල කාර්යාල සහායකයන් 143 ක් අතිරික්තයි.එසේ තිබියදි කඩිමුඩියේ හොර රහසේ තවත් පාසල් රැසකට කාර්යාල සහායකයන් නිති විරෝධි ආකාරයට බඳවා ගෙන තිබෙනවා.මෙම සියලූ සේවකයන් හෙට (13)  දින සිට මේ පාසල්වලට සේවයට වාර්තා කරනවා.

මිට පෙරත් උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා නිති විරෝධි ආකාරයට පාසල් සදහා සුළු සේවකයන් 69 දෙනකු බඳවාගෙන තිබෙනවා.ඊට විරුද්ධව හිටපු පළාත් සභා මන්ත‍්‍රි නිතිඥ කස්තුරු අනුරාධනයක මහතා විසින් බරපතල වංචා සහ දුෂණ කොමිසමටත් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.එසේ තිබියදි තමයි මේ පත්විම් පෙරේදා(11) තමයි ලබාදි තිබෙන්නේ.මේක නිති විරෝධියි.එම නිසා මිට එරෙහිව ලංකා ගුරු සංගමය නිතිමය ක‍්‍රියා මාර්ගයක් ගැනිමට ඉදිරියේදි කටයුතු කරනවා“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනිම සදහා උතුරු මැද ප‍්‍රධාන ලේකම්වරයාට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට දුරකථනයෙන් ඇමතුවද ඔවුන්ගෙන් ඊට ප‍්‍රතිචාරයක් නොලැබුණි.



අදහස් (4)

‘උතුරු මැද හොර පාරෙන් පත්වීම් දීලා‘

Dilshan Thursday, 12 October 2017 02:47 PM

ළමයි 150 ඉන්න ඉස්කෝලවලට පවා මුරකරු සහ කාර්යාල කාර්ය සහායකයන්, පත්වීම් දීලා ගොවිතැන් කරන් හිටපු අය ඉස්කෝලවලට වෙලා නිකන් ඉන්නවා, මෙහෙම කොහොමද අනේ රට හදන්නේ. මේවට පඩි ගෙවන්න අපෙ බදු තව වැඩි කරන්න

:       2       22

athula kFriday, 13 October 2017 07:40 AM

වාහන නැති ඉස්කෝල වල රියදුරෝ ඉන්න රටක්නේ මේක.

:       0       0

SamanthaFriday, 13 October 2017 07:41 AM

නියමයි...........

:       0       0

parakkrama Friday, 13 October 2017 09:13 AM

ඔන්න ආයෙත් පරණ සෙල්ලම පටන්ගෙන වගේ. මනාප කෙළිය වෙනුවට පක්ෂ කෙළියට වෙන්න ඇති. මේක අපේ උතුම් රට, දීර්ඝ ඉතිහාසයක් තිබෙන රට ශ්‍රී ලංකාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 171 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 161 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 137 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 375 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 780 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 136 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site