IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ළහිරු වීරසේකර ඇතුළු 6 දෙනකුට වරෙන්තු නිකුත් කරයි

(නිමන්ති රණසිංහ)

මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු  හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (19) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙහි සැකකරුවන් වූ ළහිරු චතුරංග වීරසේකර, පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමි, ආර්. පී. අමිල සඳරුවන්, තුවාන් රංගන සමරතුංග, ආත්මා ප්‍රියදර්ශන සහ දිනේෂ් මධුරංග යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කෙරිණ. 

2015 ඔක්තෝම්බර් මස 06 වැනි දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටදී කරන ලද විරෝධතාවකදී මහජන පීඩා සිදුවී ඇතැයි සදහන් කරමින් මෙම සැකකරුවන්ට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් චෝදනා ගොනු කර තිබිණි. 
සිද්ධියට අදාළ නඩුව ලබන අගෝස්තු 25 වැනි දා යළි කැඳවීමට නියමිතය.



අදහස් (13)

ළහිරු වීරසේකර ඇතුළු 6 දෙනකුට වරෙන්තු නිකුත් කරයි

maal Friday, 19 May 2017 12:42 PM

මමත් කැම්පස් ගිය කෙනෙක්. දැන් කාලේ නිදහස ලැබුනයි කියල අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි පෙළපාලි යනවා. රජයේ රෝහල් වලට යන්නේ දුප්පත් අහිංසක ජනතාව නිසා ලෙඩෙක් මලත් කෑගහන්න කෙනෙක් නැහැ. පුද්ගලික ඒවාට යන්නේ සල්ලි තියෙන අය නිසා ලෙඩෙක් මළොත් ලෝකෙටම ඇහෙන්න කෑගහනවා. උසස් පෙළ ගණිතය කරලා බංගලි විශ්ව විද්‍යාල වලින් MBBS පාස් වෙලා දැනට පුහුණු කරන දොස්තරලා එමට ඉන්නවා. මේ ගැන මේ අය දන්නෙවත් නැතුව ඇති.

:       32       146

dias Friday, 19 May 2017 03:31 PM

ලැබූ නිදහස අයුතු ලෙස පාවිච්චි කරමින් නීතියට ගරු නොකිරිමත් සාමාන්‍ය ජනතාවට වන හිංසනයත් හේතු කොට කඩාකප්පල්කාරීන්ට දැඩි දඬුවම් ගරු අධිකරණයක් ලබා දුන්නොත් සාමාන්‍ය නීතිය ඉදිරියේ දන නමනු ඇති. ලිබෙල් දඬුවම් නිසා නොහික්මුණු සමාජය නීතිය ආදිපත්‍යට අගරු කරයි.

:       34       15

Kalyana Jayawardena Friday, 19 May 2017 03:33 PM

ලහිරු වීරසේකර යුගයේ සටන්කාමියෙක්. රජයට ප්‍රබල අභියෝගයක්.

:       5222       18

බද්රානි Friday, 19 May 2017 04:31 PM

අපේ රටේ සල්ලි තියනවා නම්, ඕනෑම දෙයක් කරන්න පුළුවන්, හැබැයි, ඉගෙන ගන්න එක හැර? මුදල් ගෙවලා ඉගෙන ගන්න තියන ආයතන වලට කියන්නේ අධ්‍යාපන කඩ කියලා. නමුත් මුදල්වලට සේවාවන් සපයන ආයතන වලට එහෙම කතාවක් නැහැ. විෂයන් ටික කටපාඩම් කරලා විභාගේ පාස් වුනාම හිතන්නේ මහදැන මුත්තෝ කියලා. අන්තිමේ දන්නා දේකුත් නැහැ. සමහරවිට මේ මානසික ළදරුවෝ හිතනවා ඇති, උසස් අධ්‍යාපනය කියන්නේ පොලිසියෙ ,කඳුළුගෑස් ප්‍රහාරවලට මුහුණදීම සහ පොලිසියෙන් ගුටිකෑම කියලා. උසස් අධ්‍යාපනයට කලින් ඔලුවේ තියන අං දෙක ගලවා ගත්තොත් හොඳයි. නැත්නම් ඉතින් ජීවිතේ සදහටම මහපාරේ තප්පුලන එක තමයි කරන්න වෙන්නේ???.

:       20       51

lalith Friday, 19 May 2017 08:03 PM

නියම සටන් කාමියෙක්නේ? සරදියෙල්ගෙයි මෙයාගෙයි වැඩි වෙනසක් නැහැ. එකම වෙනස කලිසම් අඳින එක විතරයි.

:       1       0

aravinda Friday, 19 May 2017 04:55 PM

මා සිතන්නේ අද තිබෙන සියලු සයිටම් විරෝධතා සිදුවන්නේ රජයේ අනුදැනුම ඇතිවයි.

:       2       2

Mahesh Friday, 19 May 2017 05:15 PM

කල්‍යාණ, ඔයා වගේ මිනිස්සු නිසා තමයි මේ ළමයි වැරදි පාරේ යන්නේ.

:       8       21

සුජීව Friday, 19 May 2017 05:32 PM

2015 එකක් ඇයි දැන් මතක් වෙලා? මර්ධනයද?

:       0       11

Ravi Friday, 19 May 2017 09:38 PM

අයිතිවාසිකම් රැකගන්න දඟලන ළමුන්ට දඬුවම් දෙන්න කලින් ප්‍රසිද්ධියේ මහජන දේපල හොරකම් කරන ඇමතිලාට දඬුවම් දෙන්න..

:       0       1

sumudu Saturday, 20 May 2017 02:37 AM

මේ ළමයා කරන්නේ රටේ මිනිසුන් කල යුතු විරෝධයක්. රටේ මිනිසුන් නිදා සිටින විට මේ ළමයින් කරන උද්ඝෝෂණයට ඒ මිනිසුන්ගේ නින්දට බාධාවක් නිසා විරුද්දයි. දොස්තරලාගේ විරෝධයත් එහෙමයි. රටේ මිනිසුන් පත් කර ගත් ආණ්ඩුවලට බල කිරීමට ජනතාවට තමයි කරන්න වෙන්නේ...

:       11       34

sumudu Saturday, 20 May 2017 02:42 AM

මගේ මතයනම් මේවට මුල ළමය නෙමෙයි. වැඩිහිටියන්.... ඒ අයගේ නිවට නිවාලුකම් ළමයින්ට දිරවන්නේ නැහැ. ඔය රාගම වෛද්‍ය විද්‍යාලය අද ජනතාවට ලැබිල තියෙන්නේ ලහිරු වගේ ළමයින් විශාල ගණනකගේ ජීවිත පූජාවෙන්... මේ රටේ මිනිසුන්ට ඒ ගැන කෙලෙහි ගුණයක් තියෙනවද? අර රූපවාහිනීවල පෙන්නන මෝඩ ටෙලිනාට්‍යයක් බලලා පිටිපස්සට ඉර වැටෙනකන් නිදාගෙන උදෙන්ම ගිහින් සා.පෙළ වත් පාස් නැති දේශපාලකයින්,... නායකයන් ලෙස පත් කරගන්න තරම් අනුවණ මිනිසුන් ඉන්න රටක්....

:       60       19

Appuhami Saturday, 20 May 2017 03:26 AM

ලහිරු,... ඔබ තමයි ලංකාවේ කොන්ද පණ ඇති මිනිසා.... අපි ඔබ සමගයි. ඔබට ජය...!!!

:       11514       8

nihal Saturday, 20 May 2017 04:15 AM

අර මහබැංකු හොරකම ...විල්පත්තු ගස් කැපිල්ල ..ඒවා නැද්ද? ...මේ රටේ මිනිස්සු මොනවද කරන්නේ?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 329 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 685 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 839 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 457 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 520 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 183 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site