IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හිටපු ජනාධිපතිනියට ප්‍රංශ රජයෙන් සම්මානයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මරන් ෂූ තානාපති නිල නිවසේ අද (20) පස්වරුවේ පැවැති විශේෂ උත්සවයකදී හිටපු ජනාධිපතිනියට මෙම ගෞරව සම්මානය සහ ඊට අදාළ පදක්කම පුද කර ඇත.

වසර 1994 සිට 2005 දක්වා මෙරට බලය හෙබ වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය මෙරට සිවුවැනි විධායක ජනාධිපතිවරයාය.

ඇය ප්‍රංශයේ කීර්තිමත් ‘පැරිස්’ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආයතනයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් හිමි කරගෙන ඇති අතර එම විශ්ව විද්‍යාලයේම උසස් අධ්‍යාපනය සඳහා වූ ප්‍රායෝගික පාසලෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත.

ඇය වර්තමානයේදී ගෞරව තනතුරු කිහිපයක්ම හොබවන අතර ජාතික සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපතිධුරය ද  හොබවයි.

055



අදහස් (30)

හිටපු ජනාධිපතිනියට ප්‍රංශ රජයෙන් සම්මානයක්

ROHAN Dayadara Paris Thursday, 20 September 2018 05:17 PM

ජයවේවා මැඩම් ...!!!

:       716       554

ravi Thursday, 20 September 2018 05:28 PM

සුභ පැතුම්

:       520       336

සනත් Thursday, 20 September 2018 05:47 PM

ඇය ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය නිසා අපිත් ඇයට සම්මනයක් ලබා දිය යුතුයි.

:       412       290

දහම් Thursday, 20 September 2018 06:36 PM

සුභ පැතුම්!

:       356       168

nisha Thursday, 20 September 2018 09:05 PM

ඔබතුමියට සුබ පැතුම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සමයක් කර ගෙන ගියේ ඔබ .

:       485       1032

Ruwan Friday, 21 September 2018 01:21 AM

බණ්ඩාරනායක නම ලොවේ බැබලවූ ඔබට අපගේ ප්‍රණාමය.

:       535       317

anura Friday, 21 September 2018 02:10 AM

යුද්දයෙන් 75% ක් ඉවර කලේ එතුමියගේ කාලයේදී.

:       1124       1080

sanjeewaFriday, 21 September 2018 02:38 AM

ඔබතුමා ඉපදුනේ මොන කාලෙද?

:       474       593

amithFriday, 21 September 2018 05:05 AM

1996 මුලතිව් සහ 2000 අප්‍රේල් අලිමංකඩ සටන මෙයට හොඳම උදාහරණයි.

:       8       2

nuwanFriday, 21 September 2018 05:41 AM

ඉවර කළාද? කෑවද?

:       103       116

ShanakaFriday, 21 September 2018 10:01 AM

මොන රටේද ඔයා ජීවත් වෙන්නේ...? ඒ කාලේ නම් රට ඉවරයි. ඒකයි සම්මානේ දුන්නේ...

:       1       13

Bamunuarachchi Friday, 21 September 2018 10:22 AM

ඉපදිලා තිබෙන්නේ ඊයේ පෙරේදා වගේ මට හිතෙන්නේ. යුද්ධයේ 75% ඉවරකළා නම් මොන බම්බුවකටද ප්‍රභාකරන්ට අවුරුදු 10කට උතුරේ පාලනය බාරදෙන්න ගියේ...? ද්‍රවිඩයින්ට අන්තර් ස්වයං පාලනයක් දෙන්න ගියේ. එයා දන්නා තරම තමයි ඔය පෙන්නුවේ. 62ම මේ වගේ අයවෙන්න බැහැ...

:       1       22

jayathissa Friday, 21 September 2018 02:12 AM

රටට විශාල කීර්තියක් ගෙන ආ ඔබට සියලු ලාංකීය ජනතාවගේ උණුසුම් සුබපැතුම් හිමිවිය යුතුයි.

:       598       480

දිවාකරන් Friday, 21 September 2018 02:49 AM

එතුමියට මේ රටෙන් විතරයි සම්මානයක් හම්බ වුනේ නැත්තේ ඇයි?

:       0       6

hira Friday, 21 September 2018 02:50 AM

හම්බෝ රටට කරපු සේවයට පදක්කමක් දීලා මදි...

:       1       16

suran Friday, 21 September 2018 03:04 AM

රට විනාශ කිරීමේ කාර්යය අකුරට ඉටුකළාට...

:       49       12

හොරා Friday, 21 September 2018 04:33 AM

කටුනායක සිට කොළඹ අදිවේගී මගට ඉඩම් අත්පත් කරගෙන , වැලි ගොඩකර පාර ආරම්භ කලේ මෙතුමියගේ කාලයේ ලංකාව චිනට ණය නොකර. එය සම්පුර්ණ කලේ හිටපු අය චිනගෙන් ණය ගෙන කොටසක් සාක්කුවේ දාගෙන. කවුද හොඳ?

:       42       47

උපුල් Friday, 21 September 2018 04:35 AM

කටුස්සාගේ කරේ රත්තරං බැන්ද වගේ තියෙයි

:       134       32

senarath Friday, 21 September 2018 04:37 AM

සිරිමාවෝ මැතිනිය තමා බණ්ඩාරනායක නාමය ලොව ප්‍රචලිත කලේ. එතුමියට ලැබුණු සම්මාන ලැබුනේ රට විදේශිකයන්ට පාවාදීලා නෙමෙයි . ඒ නිසා එතුමියට අදත් රටේ ජනතාව සලකන්නේ. චන්ද්‍රිකා මහත්මියට අඩුම තරමේ අත්තනගලෙන් ඡන්ද ගන්න බැරි උනා . පසුගිය ඡන්දෙදි අත්තනගල්ලේ තමන්ගේ ගමෙන් ගත්තේ ඡන්ද 61.

:       0       52

sanath Friday, 21 September 2018 05:24 AM

යුද්දය නිමාකර, යහපාලන ඇතිකිරීමට රණවිරුවන් වෙනුවෙන් හඩ නගන , බෞද්ධයන් වෙනුවෙන් පොත් ලිවීමට අනුග්‍රහය දී , දේශ මාමක උත්තමාවිය, ඔබයි නුතන විහාර මහා දේවි

:       223       0

saman Friday, 21 September 2018 05:41 AM

වෙලාවට විස්කිත් තියෙනවා.

:       0       59

jayasekara Friday, 21 September 2018 05:54 AM

"බෙස්ට් රිවෙන්ජර් " සම්මානය වෙන්න ඇති ...

:       0       50

රනවි Friday, 21 September 2018 06:09 AM

"ලෙජන්ඩ් ඩී ඔනර්" ප්‍රංශ රජය ලෝකයේ විවිධ වූ කලා, සමාජ..සිනමා සහ දේශපාලන නියැලි පුද්ගලයින්ට ගෞරව සම්මාන පිරිනමයි. චන්ද්‍රිකා මැතිණිය ප්‍රංශය සමගින් සුහදව සිට ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපති වූ කෙනෙක් ඇයට මේ සම්මානය හිමිවීම සතුටක්... එහෙත් ලිපියට අදාල ප්‍රතිචාර අවමයි. මෙය ලංකාවේ මැට්ටන්ට එකක් කියා ඉන්දියාවට ගිහින් වෙන එකක් කියන අයට නොලැබුණු දුක ප්‍රකාශ කිරිමක්ද?

:       65       115

Sanka Friday, 21 September 2018 06:45 AM

රාජපක්ෂලා යුද්ධය ඉවර කළාට, විශාල මහජන මුදලක් ගෝල බාලයන් හොරකම් කළා. ඒ එක්කම බණ්ඩාරනායක සහ මැතිණිගේ පින්තූරත් රජයේ කාර්යාල වලින් අයින් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිකර රාජපක්ෂකරණය කළා. මේක තනිකරම වැරදියි.

:       103       314

BamunuarachchiFriday, 21 September 2018 10:11 AM

මොකක්ද මේ විකාර කතාව...? බලයේ ඉන්න නායකයින්ගේ පොටෝ තමයි කාර්යාලවල ප්‍රදර්ශනය කරන්නේ. බලයෙන් පහවූ අයගේ ෆොටෝ යන්නේ කටුගෙටයි. අනේ හොරකම් කරපු මුදල් තවම සොයා ගන්න බැරිවෙලා නේද මේ දඟලන්නේ...? මේ ගොල්ලන්ගේම කාලේ බැංකු කොල්ලකාපුව නම් අසු වුනා. ඔබ දන්නා විදිහට ගෝලබාලයින්ගේ නම් ටිකයි මුදල් කොපමණදැයි කියන්නකෝ?

:       171       18

Nihal Friday, 21 September 2018 08:10 AM

බටහිර සතුටු කරන අයට ඕවා ලැබෙනවා

:       60       83

KANDEPOLA Friday, 21 September 2018 08:11 AM

මොන තරම් උපාධි සම්මාන ලැබුණත් .......ජනතාව හිටි තැනමයි.

:       0       40

prakaash Friday, 21 September 2018 08:16 AM

මෙයාට මේ තනතුරු දෙන්නේ ලංකාව බටහිරයන්ට උවමනා ලෙස පාවා දී විනාශ කරන නිසා බව රටට වැඩක් කරන ජනතාවට පැහැදිලි වන කරුණකි.

:       2       76

Amila Friday, 21 September 2018 08:19 AM

සංජීවට මුකුත් නැද්ද?

:       3       16

sanjeewa Friday, 21 September 2018 10:03 AM

මේක ගන්න වෙලාවට ආවද දන්නේ නෑ... වැඩ පටන් ගන්නේ මැසේජ් එකක් දාලලුනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 474 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 938 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1101 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 628 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 631 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 215 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site