IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් අර්බුදයට විසඳුම් හොයන්න කොමිසමක්

(මුදිතා දයානන්ද ඡායාරූප-ශාන්ත රත්නායක))

වෘත්තිකයන්ගේ ජාතික සභාවේ මැදිහත්වීමෙන් සයිටම් අර්බුදයට විසඳුම් සෙවීමේ මහජන කොමිෂන් සභාව පිහිටුවීම අද (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි සිදුකෙරිණි.

සාමාජිකයන් හය දෙනකුගෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සභාපතිත්වය කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක‍්‍රිෂාන්ත අබේසේන මහතා දරන අතර ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර මහතා කටයුතු කරනු ඇත.

ඔක්තෝබර් 16 වැනිදා සිට දින 28ක කාලයක් කොමිසම ක‍්‍රියාත්මක වන අතර නොවැම්බර් 19 වැනිදා එහි වාර්තාව ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව කොමිසමේ සභාපති ක‍්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

සයිටම් ආයතනයේ ආරම්භය, ඉතිහාසය සහ එහි කළමණාකාරිත්වය, වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය හා නියාමනය සඳහා වු නීති රාමුව,සයිටම් අර්බුදය නිසා වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ හටගෙන ඇති වත්මන් තත්ත්වය මෙහිදී විමර්ශනයට ලක්වනු ඇති අතර මෙය සාර්ථක කරගැනීම සඳහා දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තිය සමිති හා බහුජන සංවිධාන, සයිටම් හා රාජ්‍ය වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ගේ දෙමාපියන්ගේ දායකත්වය ලබාගැනිමට කොමිසම බලාපොරොත්තු වේ.
 



අදහස් (16)

සයිටම් අර්බුදයට විසඳුම් හොයන්න කොමිසමක්

nimal Thursday, 12 October 2017 11:09 AM

මහජන මුදල් තවත් නාස්ති කරනවා. මේක අවශ්‍ය දෙයක්ද? විසදුම කවුරුත් දන්නවා. උත්සවයට කීයක් යන්න ඇද්ද?

:       72       34

piyal Thursday, 12 October 2017 01:00 PM

මේක එක පාර්ශවයක් පමණක් නියෝජනය කරන කොමිෂන් සභාවක් බව පේනවා ඉන්න කට්ටිය දැක්කහම. මේකේ නිගමනය සයිටම් අහෝසි කල යුතුයි.

:       118       316

PA-RA Thursday, 12 October 2017 01:22 PM

අයියෝ මොකද මේ තරම් දෙපිරිසක්, අපරාදේ කාලය, වියදම, පුංචි දෙයක්නේ ගෝල්ඩ් සහ සිල්වර් කියල දෙපැත්තට සහතික දුන්නම ඉවරයිනේ

:       22       70

athula Thursday, 12 October 2017 02:44 PM

මෙය හොද ක්‍රියා මාර්ගයක් බිහිරි අලින්ට මෙහෙමවත් කතා කරලා බලමු ආණ්ඩුවට සයිටම් මුදලාලිට මාසෙකට රුපියල් මිලියන 25 ක් දෙන්න පුලුවන්නම් සයිටම්කාරයාගේ ණය ආණ්ඩුව ( ජනතාව ) දරන ගමන් මේකේ ඉගෙන ගන්න දරුවන්ට සයිටම්කාරයට කෝටී ගණන් ගෙවන්නේ මොකටද ?

:       143       89

රංග Thursday, 12 October 2017 02:48 PM

කොමිසමේ මූණු ටික දැක්කම වාර්තාව මොන වගෙද කියලා හිතාගත්තැකි. මේක මේ ආණ්ඩුවෙ කොමිසමක් නෙවෙයි. GMOA මිනිස්සුන්ව රවට්ටන්න කරන සංදර්ශනයක්

:       30       232

maheeThursday, 12 October 2017 07:10 PM

ඒක ඇත්ත. මොකටද කාලේ නාස්ති කරන්නේ

:       2       1

අල්විස් Thursday, 12 October 2017 02:56 PM

කලින් තිබුනු කොමිසම් එතකොට නිර්පාර්ෂවිකයිද?

:       0       2

naradha Thursday, 12 October 2017 04:20 PM

මේක නම් හොරාගේ අම්මගෙන් පේන අහන්ට දාපු කොමිසමක්.

:       41       159

සිරි Thursday, 12 October 2017 04:37 PM

හොරාගෙ අම්මගෙන් පේන අහන්න යනවා කියන්නෙ මෙන්න මේවගේ වැඩ වලට .

:       46       99

MP Friday, 13 October 2017 01:44 AM

රටේ තියෙන්නේ අවුල් වියවුල් විතරයි. වැඩ වර්ජන, නඩු, ගහ මරා ගැනිම්, උසාවි යනවා - එලියට එනවා විතරයි. කාලය සහ මුදල් වැය වන්නේ ඒවට විතරයි. රටේ ජනතාව බදු ගෙවල ගෙවල හෙම්බත් වෙලා. ලැබු කිසිම සහනයක් නැහැ. බඩු මිල අහස උසට. කාට කියන්නද? මිනිසුන්ගේ ප්‍රශ්න කියන්නේ කාටද? රටේ උඩු දුවන බරපතල ප්‍රශ්න කෝටියයි.

:       0       10

Nishard Preena Friday, 13 October 2017 04:24 AM

අපි කවුරුත් දන්නා දෙයක් තමයි විශ්ව විද්‍යාලට ඇතුළුවිය හැකි සුදුසුකම් එක්ක හුඟ දෙනෙක් සමත් වුනත් වරම් ලැබෙන්නේ සුළු ප්‍රමාණයකටයි. අවස්ථාවක් නොලැබුණු අයගේ තත්වය ගැනත් හිතන්න ඕන. ඉතින් ඒගොල්ලන්ට තියෙන එකම විකල්පය තමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් තම ඉලක්කය සපුරාගැනීම. සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය වහනවට වඩා කලයුත්තේ රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් සහ හොඳ ගුණාත්මක සේවයක් සඳහා රජයේ වෛද්‍ය විද්‍යාලය අනුගමනය කරන එම ප්‍රතිපත්තිමය සහ පරිපාලනමය කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යාමට අනිවාර්ය කරන නීති පැනවීමෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට වග බලාගැනීම. එමගින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලිනුත් හොඳ ගුණාත්මක වෛද්‍යවරුන් පිරිසක් බිහිවේවි. රටේ සෞඛ්‍ය සේවයත් යහපත්වෙලා රෝගීන්ටත් හොඳ කලක් උදා වේවි. වෛද්‍ය වරුන්ගේ අඩුවක් තියෙන මේ රටේ ඒකටත් විසඳුමක් ලැබේවි. ඒවගේම රජයේ විශ්ව විද්‍යාලයකට යන්ට බැරි වුන මුදල් තියෙන උගත් තරුණ පිරිසකට මෙවැනි ආයතන වලින් ලොකු පිරිසකට සහනයක් ලැබේවි. මට හිතාගන්ට බැරි ඇයි මේ අය සයිටම් වහන්න කියල කියන්නේ කියල. ඒ අයගේ සිත් වල ඉරිසියාව හෝ වෛරය සැඟවිලා තියෙනවා වත්ද !!??

:       0       10

lanka Friday, 13 October 2017 04:39 AM

පුද්ගලික රෝහල්වල අයකරන අසාධාරණ ගාස්තු පිලිබදව හොයන්න කොමිසමක් දාන්න නිදහස සෞඛ්‍ය ගැන බෙරිහන් දෙන මේ අයට බැරිද. එහෙම දැම්මොත් ඔය අසාධාරණ ගාස්තු අයකරන දොස්තරලා තමයි මුලින්ම අහුවෙන්නේ.

:       0       1

upul Friday, 13 October 2017 05:19 AM

මේකේ ඉන්න අය දැක්කහම සයිටම් එකට පක්ෂ වෙන්න හිතෙනවා

:       0       7

jani Friday, 13 October 2017 05:23 AM

සයිටම් අහෝසි කල යුතුයි. වෙන්න ඕන ඒකම තමා

:       12       13

chandana Friday, 13 October 2017 08:09 AM

මේකේ ඉන්න අයගේ මුණු ටික දැක්කම මටනම් හූණා කිව්වා වගේ කියන්න පුළුවන් අවසන් වාර්තාවෙන් දෙන විසදුම මොකක්ද කියලා.

:       0       5

lai Friday, 13 October 2017 01:19 PM

පොදු ඡනතාවට මේ ගැටලුව හරියටම තේරෙන්නේ නෑ.අපිටත් තේරුම් ගන්න මේවාට උත්තර ලියන්න කෝ ජිඑම්ඕඒ.විරුද්ද සයිටම් එකට විතරක්ද නැත්නම් සියලු පෞද්ගලික වෛද්‍ය විද්‍යාළවලටද (Oxford /Cambridge/Malbourn) මෙහේ පටන් ගත්තොත් ඒවාටත් විරුද්දද? ආචාර්ය .නෙවිල් කුප්‍රකට වංචාකාරයෙක් වුණත් දැනට .සයිටම් යම් තත්වයකින් පවතින නිසා එයට පවතින අඩුපාඩු ඉක්මනින්ම සම්පුර්න කර ගන්නත් ඊට පසු EPRM වාඩිවීමෙන් අනතුරුව ..එම්බීබීඑස් ලබාදීමටත්.ජීඑම්ඕඒ...එක එකග නැද්ද?

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 41 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 372 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 376 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 256 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 458 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2308 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site