IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සක්විති රණසිංහට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල් සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ නමැත්තා අත්අඩංගුවට පත්වී වසර 10කට පසු අදාළ නඩු වලට කොළඹ මහාධිකරණය හමුවේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අද (10) මුදා හැරිණි.

මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල්සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම, මහා බැංකුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ ව්‍යාජ ගෙවීම් ක‍්‍රම භාවිතා කිරීම යන චෝදනා යටතේ වෙන වෙනම නඩු තුනක් විභාග කරන අතර එම නඩු තුනටම නියම වු ඇප තැන්පත් කිරීම නිසා මෙලෙස ඔහු මුදා හරින ලදී.

සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා අදාළ අවස්ථාවලදී කරන ලද ඉල්ලීම් වලට අනුව ඔහුට ඇප නියම වී තිබු අතර විටින් විට ඔහු අදාළ ඇප කොන්දේසි සපුරා තිබිණි.

 



අදහස් (20)

සක්විති රණසිංහට ඇප

dias Monday, 10 June 2019 02:02 PM

දැන් ඉතින් මෙයා හොඳයි ලංකාවේ දේශපාලනයට...

:       5       303

chathura Monday, 10 June 2019 02:32 PM

හිරේ උන්නත් මොකද රුපියල් කෝටි 162 කට පොල්ල තියලා...

:       60       199

සේන Monday, 10 June 2019 02:53 PM

දැන් එතකොට මෙයාට දඬුවම් නැද්ද? අනේ මන්දා හිරේ යනවා එනවා විතරයි.

:       33       61

himalMonday, 10 June 2019 03:48 PM

අත්අඩංගුවට ගන්නවා කියන්නේ වැරදිකරුවෙක් කියන එක නොවෙයි. වරදකරුවෙකු වෙන්න නම් අධිකරණයේ තීන්දුවක් ලැබිය යුතුයි. ඇප ලැබුණා කියන්නේ නිදහස් වුණා කියන එකත් නෙවෙයි. ලංකාවේ අධිකරණවල තිබෙන නඩු කන්දරාව එක්ක මෙවැනි සංකීර්ණ නඩු දශක ගණනාවක් තිස්සේ ඇදිඇදී යනවා.

:       1       85

nandanaMonday, 10 June 2019 05:24 PM

ඇත්ත. බොහෝ විට උසාවිය තීන්දුව දෙනකොට චූදිතයින් ජීවතුන් අතර නැහැ. සමහරවිට රටෙත් නැහැ. මේවයින් අන්තිමට පොහොසත් වෙන්නේ පෙරකදෝරුවන්...

:       0       184

virajTuesday, 11 June 2019 03:16 AM

හරි ඉතින් වැඩක් නැනේ. එලියට වෙලා ඉන්න ගමන් තව ගේමක් ගහන ගමන් හිමිට නඩුවකට ඇවිත් මුන පෙන්නල යනවා.

:       1       5

sahan Monday, 10 June 2019 03:46 PM

වයස අවුරුදු 15 -16දී විතර සුපිරි හොරකමක් කරලා සල්ලි හංගන්න ඕනෑ. වයස 25 වෙනකොට හිරෙන් එළියට ඇවිත් සුපිරියට ඉන්න පුළුවන්. පුදුම නීති මේවා..!!!

:       171       375

Kumara Monday, 10 June 2019 04:57 PM

දැන් තියන සැප... දැන් ඕන විදිහකට නටන්න පුළුවන්..

:       0       106

Kriss Tuesday, 11 June 2019 01:15 AM

යුක්තිය ඉටුවීම පමාවීම යනු යුක්තිය ඉටු නොවීමයි. රටෙහි අධිකරණ ව්‍යුහය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. යුක්තිය පසිඳලන තැන මන්දගාමීවෙනවා යනු නීතිය පිළිබඳ විශ්වාසය හා බලාපොරොත්තු බිඳවැටීමය. එය ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙයි.

:       0       2

jayath Tuesday, 11 June 2019 02:47 AM

බය වෙන්න එපා ළඟදීම ජනපති සමාව ලැබෙයි - ඡන්දෙ කිට්ටු කරලා

:       1       3

Pubudu Kumara Tuesday, 11 June 2019 02:49 AM

අපේ සල්ලි වලට මොකද වෙන්නේ ? සල්ලි ගෙවනවද ?

:       1       1

පුෂ්පතිලක Tuesday, 11 June 2019 03:00 AM

ඇයි මෙයාට විතරක් දඬුවම්? රට කාපු, ජාතිය පාවා දීපු, මහජන මුදල් කාබාසිනියා කරපු, ජනතාවට බොරු කියපු, ඡන්දය ගන්න ඕනෑම වසල වැඩක් කරපු, මහජනතාව මළත් තැකීමක් නොකරපු අයට දඬුවම් දෙන්නේ දෙයියෝද?

:       0       24

viraj Tuesday, 11 June 2019 03:14 AM

ෂේප් එකේ දැන් ඇපත් අරන් මාරු. මෙහෙම්මම මදුෂ්ලත් ටික කාලෙකින් එලියට එයි

:       6       4

Bandula. Tuesday, 11 June 2019 04:01 AM

මේවගේ වංචාකාරයින්ට මොන ඇපයක්ද? කෝ අපේ නීතිය? ජනතාවගේ මුදල් වංචාවට මොකද වෙන්නේ? මොවුන්ව ජීවිත තියනකම් සිරගෙවල්වල බරපතල වැඩ සහිතව තියන්න ඕනේ... මේකෙන් වෙන්නේ තවත් වංචාකාරයන් බිහිවෙන එකනේ...

:       0       1

Bandula. Tuesday, 11 June 2019 04:01 AM

මේවගේ වංචාකාරයන්ට මොන ඇපයක්ද? කෝ අපේ නීතිය? ජනතාවගේ මුදල් වංචාවට මොකද වෙන්නේ? මොවුන්ව ජීවිත තියනකම් සිරගෙවල්වල බරපතල වැඩ සහිතව තියන්න ඕනේ. මේකෙන් වෙන්නේ තවත් වංචාකාරයන් බිහිවෙන එ්කනේ...

:       0       5

vipula Tuesday, 11 June 2019 04:54 AM

දැනුම, කුසලතා, ආකල්ප යන තුන් ආකාරයෙන්ම ධනාත්මකව මිනිසෙකු දියුණු නොවූ කළ මෙවැනි පුද්ගලයින් සමාජයේ බිහිවෙනවා. සහරාන්ලා වගේම මරාගෙන මැරෙන උගතුන් බිහිවන්නේත් එ් නිසයි. අපි දන්නා විදියට සක්විති රණසිංහ කියන්නේ දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. නමුත් ඔහු අද සිටින ආකාරය ගැන බලා , සමාජය තුල උගත් වැරදිකරුවන් බිහිවීම නැවැත්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       3

de silva Tuesday, 11 June 2019 06:40 AM

අධිකරණයේ තිබෙන නඩු වැඩිනම් ලෝකයේ අනිත් රටවල කරන ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට නඩුකාරවරු පත්කරලා වෙන වෙන විෂයන් වලට අදාල නඩු ඔවුන්ට වෙන්කරලා දුන්නනම් මේ ප්‍රශ්න නැහැනේ ? මේ ක්‍රමයට අවරුදු 10 ගියත් නඩු ඉවර වෙන්නේ නැති නිසා ඇප අරන් එලියට වෙලා ඉන්න පුලුවන්

:       0       10

බද්රානි Tuesday, 11 June 2019 07:53 AM

මේ හොර තක්කඩින්ගේ පාරාදීසයේ හොරකම් කරන්නේ නැතිව වෙන මොනවා කරන්නද? නේද, සක්විති මහත්තයෝ? කට්ටිය හොරකම් කරල තියන විදිහට ඕක ගානක්ද? දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා තව සාර්ථකව ඔය වැඩේ කරගෙන යන්න. එවිට කෙසේවත් සිරගත වෙන්න සිදුවෙන්නේ නැහැ. යම් ලෙසකින් ගැටළුකාරී, තත්වයකට මුහුණ දෙන්න සිදු වුනොත් බන්ධනාගාර රෝහල තිබෙනවා. එකේ ටික කාලයක් නැවතිලා තියන රෝගවලට ප්‍රතිකාරත් නොමිලේම කරගෙන තවත් නිරෝගී වෙලා එළියට එන්න පුළුවන්... මේ අමනයින්ගේ පාරාදීසයේ? කාටද ආඩම්බර?

:       0       3

Prabha Tuesday, 11 June 2019 09:36 AM

දැන් අපි මෙයාට මහබැංකුව බාර දීලා බලමු..

:       0       0

කරුණාපාල Tuesday, 11 June 2019 02:45 PM

බද්රානි, ඔබ එහෙමම කියන්න එපා, මේ රටේ කුඩු ජාවාරම වැනි රැකියාවලටත් ලොකු වටිනාකමක් තියනවා. පිටරටකදී, වුනත් කුඩු ජාවාරමේ යෙදෙන්නෙක් ඒ රටේදී අත්අඩංගුවට පත් වුනොත්, අපේ රටේ පාලකයින් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙලා අපේ රටට ගෙන්වා ගන්නවා. ඊට පස්සේ ඉතින් කිසිම අවුලක් නැහැ. වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මව හෝ පියා මිය ගියොත් මන්ත්‍රීවරු මැදිහත් වෙලා හෙලිකොප්ටර් වලින් මලුත් ඉහලා රාජ්‍ය ගෞරවයටත් වඩා ගෞරව කරලා අවමංගල්‍ය කටයුතු සිදු කරනවා. ඔවුන්ගේ දරුවන් මේ රටට කල උතුම් සේවය සලකලා. අන්න ඒ වගේ සුන්දර රටකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේක සිංහල බෞද්ධයින්ගේ රටක් නෙවෙයි කියලා කවුරුන් හෝ කියනවා නම් පමණක්, ඔහුව හෝ ඇයව ප්‍රසිද්ධියේ දඬුවම් කළ යුතුයි යන දැඩි මතයේ අප සිටිනවා. වෙනත් කිසිඳු අයුරක ප්‍රශ්නයක් නොමැති අප රටේ අපට ඇති මේ එකම ගැටළුවට විසඳුම ඔවුන්ව මේ සමාජයෙන් තුරන් කර දැමීම පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 611 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1142 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1338 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 747 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 709 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 234 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site