IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විස්සට පක්ෂවූයේ යයි පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපයි

 

(නිමල කොඩිතුවක්කු)

20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක දෙකෙහි පැවති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව යමින්, විසිවැනි සංශෝධනයට පක්ෂව සහයෝගය දුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමටද එහිදී තීන්දු කළ බවත් මහලේකම්වරයා පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට එහිදී තීන්දු කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ  දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට එහිදී තීන්දු කළ බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව සමගි ජනබලවේගය ශක්තිමත් ජනතාවාදී බලවේගයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (12)

විස්සට පක්ෂවූයේ යයි පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපයි

sudda Friday, 23 October 2020 03:15 PM

රනිල්ට ඇනීමේ දිට්ඨධම්මවේදනීය කර්මයද මේ පලදුන්නේ?

:       27       9

chandima Friday, 23 October 2020 04:12 PM

ඕවා කවදා වෙන වැඩද. කොරෝනා මේ කපේදී සාමාන්‍ය වෙන්නේ නැහැ

:       5       8

Gamarala Friday, 23 October 2020 04:21 PM

මෙච්චර ඉක්මනට?

:       2       6

Saththaya Friday, 23 October 2020 05:20 PM

දැන් කොන්ද පන තියෙනවද ? පැන්න නේද සූරයා කියලා හිතපු වීරයාගේ කට්ටිය .

:       1       14

Rasika Friday, 23 October 2020 06:28 PM

දැන්වත් තේරෙන්නේ නැද්ද මේ අය කිසිදිනක විස්වාස කරන්න බැහැ කියලා.

:       1       9

Hafeel Saturday, 24 October 2020 07:27 AM

ඔවුන් ඔවුන්ගේ සුපුරුදු වැඩේ කළා. නායකයෝ දෙන්නම බොරුවට රඟපෑවා.

:       0       0

Hiran Friday, 23 October 2020 07:27 PM

පියානෝ වගේමයි පුතානොත්...

:       15       17

මුණසිංහ Saturday, 24 October 2020 02:19 AM

ඔක්කෝන්ටම කලින් පුතානෝගේ විහිළු කතා අඩු කරන්න. පැකනිල් වලින් 2වන වතාවටත් ඇන ගත්තා.

:       7       18

Wca Saturday, 24 October 2020 02:53 AM

ඕවා කරපුවම විතරක් කියන්න. දේශපාලකයන් කවද්ද කියපුවා කලේ. තව ටික දවසකින් කියයි ආයෙ දෑත් ශක්තිමත් කරන්න ආවා කියලා. අන්තිමට මහජතාවට තමයි මොඩයට අන්දලා තියෙන්නෙ

:       1       20

බද්රානි Saturday, 24 October 2020 09:51 AM

රජවාසලේ වන්දිබට්ටකම් කරන්න යැව්වා නම් තමයි වඩා හොඳ? ඉතිරි වෙන කටුසහිත රාජ භෝජන එහෙමත් වලඳන්න හැකි වෙයිනෙ එතකොට...?

:       0       1

BamunuarachchiSunday, 25 October 2020 01:12 PM

නැතිව සජිත් ගාව ඉඳලා නන්නත්තාර වෙන කැමති අය කවුද?

:       2       0

Bamunuarachchi Tuesday, 27 October 2020 02:10 PM

ඩයන නෝනා ටැලිපෝන් එක අයිති ඔබට නේද? යනවනම් ටැලිපෝන් එකත් අරගෙන යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 363 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 752 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 911 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 498 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 547 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 194 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site