IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විජයදාසගේ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරු දෙදෙනෙක් එරෙහි වෙති

අජන්ත කුමාර අගලකඩ

මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ  (SLIIT) පාලනය මහපොළ භාරකාර අරමුදල යටතට ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (11) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මුදල් ඇමැති මංගල සමරවීර සහ විද්‍යා තාක්ෂණ පර්යෙෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් මෙසේ විරෝධය පළකර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ඇතැලු රුපියල් මිලියන 20,000 ක පමණ වත්කමක් මහපොළ භාරකාර අරමුදලට තිබුණද එහි පාලනය මිලියන 408ක් පමණ මුදලකට සමාගමකට නීතිවිරෝධීව පවරා ඇතැයි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මෙම ආයතනය අම්මෙක් අප්පෙක් නැති බූදලයක් බවට පත්ව ඇති බවත් යම් හෙයකින් ආයතනය කඩා වැටුන හොත් වගකීම ගන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් බවද ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා.

ආචාර්යවරුන් කිහිප දෙනෙකු එක්ව පාලනය කරන  මෙම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් ගිවිසුම අවලංගු කර එහි පාලනය මහපොළ භාරකාර අරමුදලට පවරන්නැයි ද ඇමැති විජයදාස රජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි දැන ගන්නට තිබේ.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසට විරුද්ධව මංගල සමරවීර හා ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් අදහස් දක්වා ඇත.

මෙම ආයතනය රාජ්‍ය අංශයේ පාලනයට ගැනීමෙන් එහි විශ්වසනීයත්ව නැති විය හැකි බවත් එබැවින් මෙටය එකඟවිය නොහැකි බවත් මංගල සමරවීර හා සරත් අමුණුගම යන ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

එහිදී අදහස් දක්වා ඇති මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ යෝජනාවට පක්ෂව කරුණු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව පිළිබඳව නීතිපති උපදෙස් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (7)

විජයදාසගේ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරු දෙදෙනෙක් එරෙහි වෙති

ranjith Tuesday, 11 September 2018 10:53 PM

හොඳ යෝජනාවක් ජාවාරම් කාරයින්ට මුදලට අධ්‍යාපනයත් දීල තිබිලා තියෙන්නේ...

:       79       0

sachith Wednesday, 12 September 2018 12:53 AM

ඉස්සර සම්පූර්ණයෙන්ම මහපොළ අරමුදලෙන් නේද පාලනය කළේ? දැන් නිකන් හරියට අතින් කාලා හරක් බලාගන්නවා වගේ වැඩක්නේ මේක...

:       0       0

RANJITH Wednesday, 12 September 2018 02:57 AM

මේක විය යුතුම දෙයක්... පගාව අරන් බෙරිහන් දුන්නට...

:       0       12

ලුම්බිණි Wednesday, 12 September 2018 03:50 AM

සයිටම් එකට කළදේම මේකටත් කරන්න හදනවා වගෙයි.

:       11       6

chathura widanagama Wednesday, 12 September 2018 04:56 AM

නියම තීරණයක්. ඕවට විරුද්ධ වෙන අයගේ සම්බන්ධතා ගැන දන්නෝ දනිති............ විජයදාස රාජපක්ෂ ඇමතිතුමා කොන්ද කෙලින් තියන් වැඩ කරන්න අපි ඔබ තුමා සමගයි.

:       105       9

දිමුත් Wednesday, 12 September 2018 10:07 AM

මෙහෙම දේකට විරුද්ධ වෙන්න පුලුවන් ඉතින් උසස් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්ටම තමයි.

:       67       0

BamunuarachchiThursday, 13 September 2018 02:13 AM

මෙතනම දැනට ඉන්නවා 67ක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 139 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 309 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 363 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 267 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 374 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site