( තිළිණි ද සිල්වා )
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 300 කට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරිය මෙහිදී ලෙබනන් කම්කරු අමාත්‍යවරයා හමුවේ දන්වා ඇතැයිද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මොවුන් සංක්‍රමණික කම්කරුවන් ලෙස එරට රැදී සිටින අතර ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඊට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ද ලෙබනන් කම්කරු අමාත්‍යවරිය ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කර තිබේ.
කෙසේවෙතත් ලෙබනනයේ පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා ඩොලර් 100 ක මුදලක් අය කෙරෙන අතර ලෙබනන් කම්කරු අමාත්‍යවරිය පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් සඳහා ඩොලර් 20 ක ඉතා අවම මුදලක් යටතේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව සලසා දිය හැකි බවයි.
එහෙත් මේ පිළිබඳ සිදුකළ වැඩිදුරටත් පැවති සාකච්ඡාවේදී මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ලියාපදිංචි වී ඇති ශ්‍රීලාංකිකයින්ට නොමිලයේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව ලබාදීමට ලෙබනන් කම්කරු අමාත්‍යවරිය කැමැත්ත පල කර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකා තානාපතිවරිය සහ ලෙබනන් කම්කරු අමාත්‍යවරිය අතර පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වන ශ්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුම් සහ ඒකාබද්ධ කොන්ත්‍රාත්තු,අවම වැටුප සහ කම්කරුවාගේ අයිතිවාසිකම් පිළිබඳව ද කරණු හුවමාරු වූ බව එම අමාත්‍යාංශය පැවසීය .
මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ උපදේශක (නැගෙනහිර හා බටහිර) පී. කේ. හෙට්ටියාරච්චි සහ එරට කම්කරු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඩෙනිස් ඩහ්රූජ් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලෙබනනයේ ලාංකිකයින් 300 කට පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ
fairoos Sunday, 07 June 2020 07:08 AM
තානාපතිවරිය සහ ලෙබනන් රජයට ස්තුතියි...