IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලලිත් - අනූෂගේ අැපෑල සලකා බැලීම 19 තෙක් කල්යයි


 
 
 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවම් ලබා දැනට ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් සළකා බැලීම ලබන 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.


මෙම අභියාචන පෙත්සම් අද (12) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.


ඒ අනුව මෙම අභියාචනා සළකා බැලීම ලබන 19 වැනි දා සිදු කරන බව සඳහන් කළ විනිසුරුවරු කොළඹ මහාධිකරණය හමුවේ පවතින මෙම නඩුවට අදාළ සියලු ලේඛන අභියාචනාධිකරණය වෙත ලැබී තිබේ ද යන්න එදින  සොයා බලා වාර්තා කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.


ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගොනු කළ නඩුවකට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කරන ලදී .


මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම දඬුවම් ඉවත්කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 



අදහස් (4)

ලලිත් - අනූෂගේ අැපෑල සලකා බැලීම 19 තෙක් කල්යයි

Amila Friday, 12 October 2018 03:18 PM

කාලය සහ මුදල් නාස්ති වෙන ක්‍රමයට තවත් හොඳ උදාහරණයක් මේ සිද්ධිය...

:       0       10

rohana Saturday, 13 October 2018 02:32 AM

නිදහස් කරන්න හොඳ නැහැ.

:       0       0

sumudu Saturday, 13 October 2018 03:37 AM

විනිසුරු මඬුල්ල දිහා බලන්න..

:       0       0

lakmal Saturday, 13 October 2018 12:15 PM

මේවට නඩු දාන්න ඕනෑ... මේ අයට සිල් රෙදි බෙදා හරින්නට නියෝගදුන් දේශපාලකයින්ට... ලංකාවේ හැමවිටම නීතිය ගලන්නේ පහත් තැනින්... මෙවැනි වැඩකට නැති නඩු නිසා තමයි අද අධිකරණයේ නඩු ගොඩගැහිලා තියෙන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 357 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 741 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 904 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 494 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 540 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 191 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site