IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රෝහල රජයට ගැනීම විසඳුම නොවෙයිලු

(රංජන් කස්තුරි)

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් ප්‍රශ්නය අවසන් වන්නේ යැයි වැරදි මතයක් රටේ මැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උත්සාහ දරමින් සිටින බවත් එම සංගමයේ ලෙක්ම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

සයිටම් ගැටලුව විසඳීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අගමැති අතර පවතින සාකච්ඡා ක්‍රියාවලිය විනාශ කිරීමේ අරමුණින් සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි. 

 



අදහස් (18)

රෝහල රජයට ගැනීම විසඳුම නොවෙයිලු

tony-maharagama Monday, 17 July 2017 11:46 AM

විසඳුම ඒක නෙමෙයි නම්... දුප්පත් සහ අසරණ රෝගීන් බිල්ලට දෙන " වර්ජනය" ට නම් යන්නෙපා... මොකද මිනිස් ජීවිතවල වටිනාකම ගැන නොසිතා වර්ජනය කළොත්.. ඔය ' අමනුස්සයින් ' ගේ ජීවිතත් පොදු ජනතාවට වටින්නෙ නැතිවෙයි. රටේ අවාසනාවටම හැදිච්ච වෘත්තීය සමිතියක් තමයි. මමත්වයෙන් සහ කුහකත්වයෙන් පිරිච්ච අයට කොහොම සැළකුවත් පව් නැහැ.

:       1204       1284

Sylvester Monday, 17 July 2017 12:48 PM

මෙවර වර්ජන කලොත් පොදු ජනතාවත් නිකන් ඉන්නේ නැති බව මතක තබා ගන්න.

:       1402       1316

dias Monday, 17 July 2017 01:06 PM

වර්ජන නවතා විසදුම් හොයමු.

:       0       15

godaya Monday, 17 July 2017 01:21 PM

ඔබලාට මුලින්ම තිබුණු ප්‍රශ්නය සයිටම් ශිෂ්‍යන්ට රෝහල ප්‍රමාණවත් මදි. ඇඳන් වල ලෙඩ්ඩු නැහැ. දැන් රජයට රෝහල ගත්තහම ඇඳන් වල ලෙඩ්ඩු ඉන්නවා. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය? නිකම් ඊනියා ප්‍රමිතියක් ඉස්සරහට දාගෙන රටට ජනතාවට කුහකකම් පෙන්නන එන්න එපා. ඔයගොල්ලෝ කව්ද කියලා දැන් ජනතාව හොඳට දන්නවා. පුළුවන්නම් ස්ට්‍රයික් කරන්න. ජනතාව උත්තර දෙන්නයි බලන් ඉන්නේ...

:       1146       2448

මම1 Monday, 17 July 2017 01:26 PM

සයිටම් සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව දීමටත් විරුද්ධයි. ඊට පස්සේ සායනික පුහුණුව නැහැ කියල ලෙඩ්ඩු වෙනුවෙන් කියලා වර්ජනය කරනවා. රෝහලට රෝගීන් අඩු ඒක ගෙවන රෝහලක් නිසා. රජයට ගත්තම නොමිලේ රෝහලක් වුණාම ලෙඩ්ඩු එනවා. එතකොට සායනික පුහුණුව දෙන්න පුළුවන්. මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා සේවයෙන් නෙරපන්නට කාලය ඇවිත්.

:       2291       2289

banda Monday, 17 July 2017 01:32 PM

මම දොස්ටර කෙනෙක් නොවුණත් රාජිත සේනාරත්න මහත්තයාට තියෙන ප්‍රශ්නය මොකක්ද? මෙතරම්ම. මේක දුප්පත් සහ පොහොසත් දෙපාර්ශවය අතර තියෙන සටනක් වගේ...

:       78       113

Susil Monday, 17 July 2017 02:23 PM

දැන් ඔයගොල්ලන්ට අගමැති හොඳ වෙලාද? සංගමයේ ලොක්කා නේද කිව්වේ අගමැතිට මොකක්ද තියෙනවයි කියලා?

:       100       118

Nanda Monday, 17 July 2017 02:45 PM

මේ දොස්තරලා 2011 පටන් කොහෙද හිටියේ?

:       3       558

somasiri Monday, 17 July 2017 03:44 PM

මේ ගොල්ලෝ දැන් මොකද මේ කියන්නේ? මේ ගොල්ලෝ කියන දේම රජය කරන්න ඕනේ කියල කොහෙද නීතියක් තියෙන්නේ? මේ ඉරිසියාවෙන් කරන සමිතිය කියන දේවල් කරන්න නම් මේ රටට ආණ්ඩුවක් මොකටද? මේගොල්ලෝ කියන දේම කරන්න මේ රජය තොරා පත්කරගත්තේ ජි.එම්.ඕ.ඒ. එකද?

:       1       573

Kasun Monday, 17 July 2017 03:58 PM

මම වෛද්‍ය ශිෂ්‍යයෙක්.. කරදර කරන්නේ නැතිව අපට ඉගෙන ගන්න දෙන්න. අපි තවත් වර්ජන වලට නැහැ. අගෝස්තු 1 පටන් පන්තිවලට යනවා. පුළුවන් නම් නවත්වන්නකෝ...

:       68       276

සෙනෙවිTuesday, 18 July 2017 10:49 AM

මේක නම් බොරු වෙන්න ඇති...

:       0       41

ranasinghe Monday, 17 July 2017 05:50 PM

මේ අයට පිස්සුද පුද්ගලිකත් හොඳ නෑ ආණ්ඩුවට ගන්නත් බෑ.

:       0       105

පෙරේරා Monday, 17 July 2017 06:51 PM

මෙක ඉතින් විසඳුමක් වෙයි නෙවිල්ට කඩේ යන කට්ටියට නම්. අපිට නම් ඉතින් සයිටම් ප්‍රශ්නය පේන්නෙ එතනමයි කියල. වෛද්‍යවරුනි, අඛන්ඩ වැඩ වර්ජනයකට ගිහිල්ල හරි කමක් නැහැ ඕක ඉක්මනට වහල දාන්න. ඔබතුමන්ලාට අත උස්සන්න බලාගෙන ඉන්න රැලකට පුලුවන්නම් ඉස්පිරිතාලෙකට ඇවිල්ල අත උස්සල බලන්න කියන්න. එහෙම වුනොත් ඔබලා වෙනුවෙන් ඒකෙ ඉන්න රෝගීන්ම ඔය එන කට්ටියට හොඳට උත්තර දෙයි.

:       1       152

de silva Monday, 17 July 2017 10:27 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නැතිනම් පුද්ගලික රෝහල් , පුද්ගලික බෙහෙත් ශාලා හොඳ වෙන්නේ කොහොමද ? පුද්ගලික රෝහල්වල , පුද්ගලික බෙහෙත් ශාලා වල ප්‍රමිතිය පරික්ෂා කරනවද ? මේක විවෘත ආර්ථිකයක් තිබෙන රටක්

:       0       2

Serasinghe Tuesday, 18 July 2017 02:47 AM

අද හෙටම මේ කට්ටිය මහපාරේ ගුටි කාගෙන රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න වේවි

:       42       1

Sumana Tuesday, 18 July 2017 02:52 AM

විසඳුම වර්ජනය කරන එකනේ ලෙඩ්ඩු අමාරුවේ දාල. ඒකට උත්තර දුන්නනම් හරි.

:       0       1

willows Tuesday, 18 July 2017 04:13 AM

මෙවර වර්ජන කලොත් පොදු ජනතාවත් නිකන් ඉන්නේ නැති බව මතක තබා ගන්න, මේ දොස්තරලා 2011 පටන් කොහෙද හිටියේ?

:       34       2

CHOOTYMALLI Tuesday, 18 July 2017 06:07 AM

අසරණ රෝගීන් තලාපෙලා දානවට හොඳක් නම් වෙන්නේ නැහැ.

:       9       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 61 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 471 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 134 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 202 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 565 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 434 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site