IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජිත ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතිපති මහාධිකරණයේ නඩු පවරයි

(මනෝප්‍රිය ගුණසේකර)

2019 ජනාධිපතිවරණයට  බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමූ බවට මාධ්‍ය සාකච්ඡාවකදී අසත්‍ය කරුණු පැවසූ බවට චෝදනා කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අද (31) නඩු පවරන ලදී.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස නඩු පවරන ලද්දේ ඹෟෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමී නමැත්තාට එරෙහිවය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට අසත්‍ය කරුණු පැවසීමට පුද්ගලයින් දෙදෙනෙකු යොමු කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ප්‍රභාකරන් සතු රන් භාණ්ඩ එවකට ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවටත් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මෙලෙස  චෝදනා නඟා ඇත.

2019 ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් බොරු සාක්කි සෑදීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම , අසත්‍ය ප්‍රකාශ කිරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 81 වගන්තිය යටතේත්, දණ්ඩ නීති සංග්‍රහයේ 169 (උ) සහ 190 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

 

 

 

 



අදහස් (3)

රාජිත ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතිපති මහාධිකරණයේ නඩු පවරයි

විජිත් Friday, 31 July 2020 04:36 PM

මොන පක්ෂයේ වුණත් කමක් නැහැ ඔය "දතාව" එල්ලන්න වටිනවා. 88 -89 අහිංසක කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් ඔය කියන මිනීමරු සංවිධානයෙන් මරලා පිච්චුවද..? රුසියාවේ නිෂ්පාදනය කළ.. මිනිසුන් යොදාගෙන පරීක්ෂණ නොකළ පිළිකා ඖෂධයක්, පිළිකා රෝගය පිළිබඳ විශේෂඥයින්ගේ විරෝධය නොතකා මේ රටේ පිළිකා රෝගීන්ට ලබාදීමට කටයුතු කිරීමම ඇති මේ දත් දොස්තරව එල්ලා මැරීමට.. වාසනාවකට ඒ බෙහෙත දැන් මෙරටට ගෙන්වන්නේ නැහැ. රැකියාව දත් දොස්තර. නමුත් බෙහෙත් දෙන්නේ පිළිකා රෝගීන්ට...

:       0       0

Sunil gikiyanage Saturday, 01 August 2020 04:55 PM

වැඩක් වෙයිද? ඔය හාදයා ඔයිට ඉස්සරත් අධිකරණයකින් වැරදිකරු වෙච්ච කෙනෙක්... මජරි වැඩවලට ප්‍රසිද්ධයි. ඒත් කලුතර මෝඩ ඡන්ද දායකයින් ඕකට මනාප දෙනවා.

:       0       0

විජේ Saturday, 01 August 2020 11:50 PM

ඡන්ද ගුණ්ඩුවක් විදිහට මේක කරලා පස්සේ මෙයාව නිදහස් කරලා වැඩක් නෑ බං, පුලුවන් නම් රට වෙනුවෙන් මෙයා අයින්කරලම දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 22 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 50 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 204 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 458 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 121 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 126 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site