IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රවීගේ පුටුවට මාරපන

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
 
පොලිසිය භාර නීතිය හා සාමය අමැතිවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීමකින් පසු ඉල්ලා අස් විය. පසුගිය කැබිනට් සංශෝධනයේ දී සංවර්ධන ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස මාරපන මහතා පත් කරනු ලැබීය.
 
ඉදිරි දින කිහිපය තුළ මාරපන මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

- 265



අදහස් (32)

රවීගේ පුටුවට මාරපන

sadun Friday, 11 August 2017 03:04 PM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි.

:       59       127

raveendraFriday, 11 August 2017 04:01 PM

නැත නැත වඩාත් සුදුසු " කැහි ගෑනි දී හොටු ගෑනි " ගැනීමය. මේ උන්නැහෙත් එළියට ගියානේද? දැන් අවුරුදු 60ක් 70ක් තිස්සෙම අප මව්බිම සංවර්ධනය වෙමින් පවතින රටක් නොවැ. ප්‍රධාන හේතුව මම හරි... අනෙකා වැරදිය. මම සුදනා අනෙකා හොරාය. නමුත් ජනතාව දන්නවා මේ ඔක්කොම සේරම හොර, තක්කඩි රැලක් බව.

:       0       45

nishanath dombagodaFriday, 11 August 2017 04:35 PM

ඒ දෙකින්ම මොනව හරි ප්‍රයෝජනයක් තියෙනවා ඒත්.......

:       10       48

රවින් Friday, 11 August 2017 03:12 PM

අගමැති කේවට්ටයන්ට අල්ලන මෙවැන්නවුන් නිසා තමයි මේ රජය මේ තරම් දුර්මුඛ වෙලා තියෙන්නේ? දැන්වත් අගමැතිතුමනි ඉගෙන ගන්න.. අලුත් අයට අවස්ථාව දෙන්න ඔය පක්ෂේ කරගෙන යන්න. මොකද නවීන් දිසානායක ඇමතිතුමා දැම්මොත් නරකද? එකවරක් ඉල්ලා අස්වෙච්ච කෙනෙක්ට නැවත විදේශ අමාත්‍යංශ දෙන එක නුවණට හුරු ද? නවීන් වගේ තරුණ නායකයකුට ඒ අවස්ථාව දෙන එක තමයි හොඳ?

:       192       218

nishanath dombagoda Friday, 11 August 2017 03:36 PM

වර්ෂ 2030 විදෙස් රටක ප්‍රවෘත්ති ප්‍රකාශයකින් උපුටා ගැනේ "ශ්‍රීලංකාව පාලනය කිරීම සඳහා හවුල් රජයක් ඇති කර ගැනීමට ඉන්දියාව හා චීනය එකඟතා ගිවිසුමකට අද දින එළඹී ඇත.

:       0       222

ජයන්ත මිලානෝ Friday, 11 August 2017 03:48 PM

ඒක ඊට හපන්. හොරුන්ගේ හොරු කම්බ හොරු කියලා තමයි කියන්න වෙන්නේ.

:       37       128

ranavi Friday, 11 August 2017 04:14 PM

එකකින් යවාගත්තෙත් බොහොම අමාරුවෙන්. දැන් තවත් එකක් විදේශඇමති කියන රාජ්‍ය දූත මෙහෙවර කරන්න සුදුස්සෙක් ඇත්තෙම නැද්ද?

:       50       65

lalith Friday, 11 August 2017 04:16 PM

හරියට දාම් අදිනවා වගේ. එක ඉත්තෙක් පස්සට ගන්න කොට අනික ඉස්සරහට දානවා. ඒක කැපෙන්න එනකොට පස්සට ඇදලා. කලින් පස්සට ඇදපු ඉත්තා ඉස්සරහට දානවා. කොහොම හරි එක ඉත්තෙක්වත් කැපෙන්නේ නැතිව බේරාගන්නවා. වටේ ඉන්න අය හුරේ දදා බලන් ඉන්නවා.

:       0       21

Hafeel Friday, 11 August 2017 04:24 PM

දක්ෂකම සහ පළපුරුද්ද බලා දුන්නනම් හොඳයි

:       1       15

chandana Friday, 11 August 2017 05:40 PM

මකුණෝ ඉවර කරලා බලද්දී ... මැක්කෝ වහන්න පටන් අරගෙන.

:       21       64

Rex Friday, 11 August 2017 05:47 PM

මේ අයගේ තියෙන්නේ නරිවාඩම විතරයි. තවම බැරිවුණා ඔයකියපු ගිය ආණ්ඩුවේ එක්කෙනෙක්වත් අල්ලගන්න. ඒ වුණාට මහින්දගේ කට්ටිය මේ ආණ්ඩුවේ ඇමැති කෙනෙකුත් දොට්ට දැම්මා. කොහොමද වැඩ?

:       46       140

Channa Los Angeles Friday, 11 August 2017 06:07 PM

ඉගෙන ගත් කෙනා නිතරම බලන්නේ ඉගෙන ගත් දැනුමෙන් හොරකම් කරන්න මිස එ් දැනුමෙන් රටට, ජනතාවට ඵලදායි සේවයක් කිරීමට නොවෙයි. එබැව් මුළු ඉතිහාසය පුරාම සාක්ෂි සපයනවා.

:       107       0

රොමේෂ් Friday, 11 August 2017 07:45 PM

ශ්‍රී ලංකා දේශපාලනයේ ඇතිපදම් අබත් තියෙනවා. ඇතිපදම් මිනිසුන් නොමල ගෙවලුත් තියෙනවා. නමුත් එවන් ගෙයකින් අබමිටක් ඉල්ලන්න නූතන පටාචාරාලාට හිත හදාගන්න තමයි තවම බැරිවෙලා තියෙන්නේ. තමන් මලත් කමක් නැහැ දෙමව්පියන් විසින් පෙන්වපු පාරවල් දෙකේ පමණක් මාරුවෙන් මාරුවට ගිහින් හැම ගේකින්ම අබ ඉල්ලනවා. ඒත් ඒ හැම ගෙයක්ම එකයි. අඩු තරමින් 2020 වත් ඔවුන් හරි පාර හොයාගත්තොත් රටේ අනාගත දූදරුවන්ගේ වාසනාව....

:       0       107

de silva berlin Friday, 11 August 2017 11:09 PM

හර්ෂ ද සිල්වාට ඕක දුන්නා නම් මොකද වෙන්නේ? උගත්කමත් තිබෙනවා. හැමදාම පරණ මිනිස්සුන්ටම ඕවා දීලා හරියන්නේ නැහැ. තරුණයන්ට තැනක් දිය යුතුයි.

:       325       76

ලුම්බිණි Saturday, 12 August 2017 12:29 AM

වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද?

:       0       52

බණ්ඩාර (කැකිරාව) Saturday, 12 August 2017 03:50 AM

"අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආශාවක්... ඇමැතියෝ ලබයිද ඉන් සැනසීමක්.. සුනිල් එදිරිසිංහ මහතාගේ මේ මනහර හිතාය වෙනස් කලාට සමව අයැද සිටිමි.. එහෙත් මේ සින්දුවම්යි යහපාලන ඇමතිලාට ගැලපෙන්නේ."

:       21       4

රජින්ද Saturday, 12 August 2017 05:02 AM

පොඩ්ඩක් කල්පනා කරන්නකෝ අපේ රට ලෝකයා ඉදිරියේ තියන්න තෝරාගෙන තියෙන පුද්ගලයා ගැන. වයස ගැටළුවක් නැහැ. ඒත් තමන්ට කියලවත් හරිහමන් දේශපාලනික ස්ථාවරත්වයක් නැති ආණ්ඩුව කියන ඕනෑම වෙලාවක ඉල්ලා අස්වෙලා යන්න බලාගෙන ඉන්න කෙනෙක්ව මෙහෙම තනතුරකට දාන එකෙන්ම පේනවා ආණ්ඩුව මේ රට ගැන හිතන ආකාරය...

:       2       18

Fernando Saturday, 12 August 2017 05:58 AM

දේශපාලන හිඟන්නෝ.. රට නැති වෙනකන් පක්ෂයයි, ඇමැතිකමයි මාරු කර කර රටම කනවා.

:       29       76

husen-riyad Saturday, 12 August 2017 07:52 AM

කොච්චර ප්‍රවීන දේශපාලඥයෙක් වුණත්, ඔය සම්බන්ධව අගමැතිවරයාගේ ක්‍රියා කලාපය ඉතාමත් ප්‍රාථමිකයි. නැතහොත් පහුගිය ආණ්ඩුවේ උදවියට අවශ්‍ය පසුබිම හදනවා. මොකද අද වෙනකම්, මේ ...පක්ෂවරුන්ට කිසිම දඬුවමක් නැහැ. පුවත්පත්වලින් "මේන් ගන්නවා" සද්දේ විතරයි. ආණ්ඩුව පැත්තෙන් සෘණයි. මෙය, යහපාලන ආණ්ඩුවකට දරදිය ඇද්දා, ප්‍රශස්ථ බුද්ධිමත් ජනතාවට කරන නිගාවක් වගේම කළගුණ සැලකීමකුත් නොවන බව කිවමනාය. ඔය කියන ඇමතිවරයා ඔය තනතුරට පත්වුණොත් සියයට 20 ක පසුබිමක් දූශිතයින්ට අවශ්‍ය විදේශ රටවල සැකසේවි. අගමැතිවරයා කොයිවිදිහට කයිය ගැහුවත්, රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔහු කටයුතු නොකරන බව නම් සහතිකයි. ජනපතිවරයා බහුතර එජාප ඡන්දවලින් පත්වුණත්, රට සහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඔහුටත් බැරෑරුම් යුතුකමක් තියෙනවා කරන්න. පහුගිය ආණ්ඩුවේ දුෂිතයින්ට වහාම දඬුවම් නොකලොත්, උද්ඝෝෂණ සහ පෙළපාලි වගේ ආණ්ඩුවට විරුද්ධ දේවල් තව තවත් නව මුහුණුවරකින් පෙළ ගැහේවි. ඒ දූශිතයින්ට දඬුවම් දීම පමා කිරීමේ තුරුම්පු වෙන්නත් පුළුවන් නිසා.... එ් නිසා වහාම අධිකරණ අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කර, ෆොන්සේකා මැතිතුමා පත්කරන්න. රටට අවශ්‍ය වෙනස ඉක්මණින්ම සිදුවේවි!!!

:       99       76

Bandara Saturday, 12 August 2017 04:15 PM

හුසේන් ඔහේ හිටියට අපි ඉන්නේ ලංකාවේ.. රාජපක්ෂවරු ඇතුලට දානකම් ඇඟිලි ගැන ගැන ඉන්න ඔයාලා යුද්දේ දවස්වල හිටියේ ගෙවල් ඇතුලේ හැංගිලා.. ඒ මිනිස්සුන්ගේ වැරදි ඇති.. හැබැයි මේ රට වෙනුවෙන් කරපු සේවය අති මහත්.

:       74       103

srimala Saturday, 12 August 2017 08:00 AM

ජී එල් පීරිස් මහතා නැවත අඬගහලා විදේශ ඇමතිකම දෙන්න.. අර පොහොට්ටු පක්ෂයත් දාලා එයා පැනලා එයි

:       3       28

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 08:32 AM

ඉල්ලා අස් වුණ කෙනා ආයෙත් එනවා. ඉතින් ඉල්ලා අස්වෙන එකේ තේරුම මොකක්ද? දිගටම හිටියා නම් ඉවරයිනේ රට්ටු රවටන්නේ නැතුව.

:       0       0

අසෝක ජයතිලක මිලානෝ Saturday, 12 August 2017 08:56 AM

කාට කාටත් හිටපු කම්බා හොරු රැල අමතක වෙලා වගේ.

:       2       4

Saman Saturday, 12 August 2017 09:54 AM

රනිල්ගේ පණ ... මාර පණ ... මල්බොකේ එකක් අරන් කොටි බලන්න ගියානේ...

:       0       51

raveendra Saturday, 12 August 2017 11:55 AM

රවී ඉඳගත්ත හැම පුටුවක්ම අබ්ලික්... මොකද ඉඳගත්ත හැම කෙනාටම පොදුජන මුදල් හොරා කන්නමයි හිතදෙන්නේ.

:       0       4

vishva Saturday, 12 August 2017 01:11 PM

අයියෝ! අයියෝ! රවී කරුණානායකට කරපු මේ අපරාදේ මොකක්ද ? රටේ ඉන්න පිරිසිදුම පිරිසිදු එකම දේශපාලකයා. ජනාදිපතිතුමෝ, ඔය අහිංසකයාට දෙන්නකෝ තිලක් ළඟ තිබුණු සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යාංශයට අර ඉස්සර කාටදෝ තිබුණා වගේ සීමාවක් නැති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් එකතු කරලා. මිනිහනම් හරියට වැඩේ කොරයි... ඕන්... !!!

:       0       0

babi Saturday, 12 August 2017 01:17 PM

අගමැතිතුමනි අපේ අපේක්ෂා භංග කරන්ඩ එපා. අැයි තරුණයින්ට තැනක් නොදෙන්නේ? ලෙවින්, සජිත්, බුද්ධික, නලින්, අසෝක යන මහත්වරුන්ට උපනායක කමක් දුන්නොත් පක්ෂය රැකේවි.

:       0       1

de silva Saturday, 12 August 2017 01:54 PM

ඇත්තටම මේ තනතුරට වෙන සුදුස්සෙකු ලංකාවේ නැද්ද?

:       0       0

maheeSaturday, 12 August 2017 10:10 PM

ඉන්නවා, නිසැකවම ඉන්නවා. හැබැයි මේ 225 දෙනා අතරේ නැහැ.

:       0       0

Anada Saturday, 12 August 2017 09:48 PM

හොරෙකුගේ පුටුවකට තවත් හොරෙක් පත්කළා වගේ...වෙයි.

:       0       0

buddhika Saturday, 12 August 2017 10:39 PM

ඕක නවීන්ට දුන්නානම් ඉවරයිනේ...

:       0       0

saman Sunday, 13 August 2017 01:50 AM

අලිබබා සහ හොරු 40ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 481 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 950 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1118 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 640 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site