IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රන්ජන් - කතානායක පාර්ලිමේන්තුවේදී මත ගැටුමක

(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න‍)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල කුණු හරුප සඳහන් බවට පුවත්පත්වල පළවූ වාර්තාවල කුණු හරුප යන වචනය වෙනුවට අසභ්‍ය වචනය යෙදුවානම් සුදුසු යැයි සිතන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

කතානායකවරයා ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මතුකළ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (18) මතුවූ ගැටළුවකදී කතානායකවරයා ඒවායේ වැඩිපුර ඇත්තේ ඕපදූප වලට වඩා කුණුහරුප යැයි කළ ප්‍රකාශය පදනම් කරගනිමින්  පුවත්පත්  වල පළවූ වාර්තා පිළිබඳව මෙහිදී රාමනායක මහතා කාතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඔවුන් දෙදෙනා අතර අද (19) ඇතිවූ සංවාදයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගරු කතානායකතුමනි යනුවෙන් ආරම්භ කළ කතාව අවසන් කළේ කතානායකවරයාට ලොක්කා යැයි අමතමනි.
 
රන්ජන් රාමනායක මහතා.

ඊයේ මම බන්ධනාගාර රියෙන් මේ සභාවට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා.මට ඇහුණේ නැහැ ගෞරවනිය කතානායකතුමා මේ වගේ දෙයක් කියනවා නමුත් ජාතික පුවත්පතක් වන ලංකාදීප පුවත්පතේ අද තියෙනවා ‘‘ රන්ජන්ගේ කටහඬ පටවල වැඩිපුර තියෙන්නේ කුණුහරුප , මන්ත්‍රීන්ට දීම ගැන සලකා බලයි ගරු කතානායකතුමා කියයි කියලා.

මම හිතනවා තමුන්නාන්සේ ඉන්නේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න.මම බොහොම වගකීමෙන් කියනවා.පසුගිය ටිකේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වා මගේ කටහඬ පටි ගැන සොයන්න ජනාධිපති කොමිසමක් දානවා කියලා.මම ඒකට ඇගිලි ගැන ගැන බලාගෙන සිටිනවා.

ලංකාවේ ජනතාවට අයිතියක් තියෙනවා තමුන් ඡන්ද දුන්නු ,කාර් පර්මිට් දුන්නු , අවුරුදු පහෙන් පස්සේ විශ්‍රාම වැටුප් දුන්නු , කරන්ට් බිල් ලයිට් බිල් සැප වාහන වලම ගෙවන මේ පුද්ගලයන්ගේ පැටිකිරිය කතාබහ සහ ජීවත්වන ක්‍රමය ගැන දැන ගන්න අයිතිය තියෙනවා.

ඒ ගැන මේ කටහඬ පටි හරහා ජනතාවට දැනගන්න පුළුවන් මම වගකීමෙන් කියනවා. මේ කටහඬ පටිවල තියෙන්නේ මම කතා කරපු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටහඬ පටි දෙකක්.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හඬපටයක් , එස්.බී දිසානායක මහත්මයාගේ හඬපටයක්, කැබිනට් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳ ආශා අලුත්ගමගේ කටහඬ පට දෙකක් , විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ  ශෂී වීරවංශගේ කඩහඬ පටි එකක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයාගේ  හඬපටයක්.

මේ එකදු හඬපටයකවත් කුණුහරුප නැහැ. නමුත් කොහොමද ඔබතුමා හරි මේ සභාවේ කවුරු හරි මොකක්ද නිර්ණායකය කුණු හරුප නිර්වචන කළේ.

කතානායක

මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් පුවත්පත්වලින් දෙන ශීර්ෂ පාඨ ගැන මට බාර ගන්න බැහැ.මමත් කණගාටු වෙනවා.ඒ ගැන මමත් පොඩ්ඩක් හොයලා බලන්නම්.කුණුහරුප වෙනුවට අසභ්‍ය කියනවානම් අසෝබනයි කියනවානම් වඩා හොඳයි. ඒ නිසා මම පොයින්ට් එක ගන්නම් අවශ්‍ය විදියට. අදාළ පුවත්පත් සමඟ සාකච්ඡා කරලා යම්කිසි නිවැරදි කිරීමක් කරලා කතා කරන්නම්.පුවත්පත් ආයතන සමඟ කතා කරලා ඒ කටයුතු කරන්නම්.

රන්ජන් රාමනායක මහතා

ගරු කතානායකතුමනි දැනුත් මාධ්‍ය ඉන්නවා.ඔබතුමා දැනුත් කිව්වා අසභ්‍යයි කියලා.ලොක්කා එතකොට ඒකත් මාධ්‍යයේ යනවා නේ.

කතානායක

මම ඒක බලාන්න ඕන.හොයලා බලන්න ඕන.

රන්ජන් රාමනායක මහතා

එතකොට දැන් ආයේ කිව්වම ලොක්කා අරගොල්ලෝ ලියනවානේ.

රන්ජන් රාමනායක මහතා

පුදුම ආණ්ඩුවක් එතකොට ඔබතුමා දැනුත් කියනවා අසභ්‍යයි කියලා අර කට්ටිය දැන් ඒකත් ලියයි.

මං කියන කුණුහරුප ජනාධිපති අහගෙන ඉන්නවද

කතානායක

මම දැන් ඔබතුමාට කන් දුන්නනේ.හොදයි හොදයි මම අදලා ආයතන සමඟ කතා කරන්නම්.

බොහොම ස්තූතියි

 



අදහස් (11)

රන්ජන් - කතානායක පාර්ලිමේන්තුවේදී මත ගැටුමක

Dilina Wednesday, 19 February 2020 11:47 PM

කියන්න හොඳයි. ඒ වචනෙට කියන නම කිව්වම හොඳ නෑ

:       17       11

Kamani Thursday, 20 February 2020 01:09 AM

රන්ජන් දැන්වත් ඔයා කරන බොරුව නවත්වන්න. ඔයා මිනිස්සුන්ට වියදම් කරේ මොනවටද කියලා අපි දන්නවා. ඔය හඬපටි ටික ළිද ලග සංගමයට දෙන්න.

:       428       3

අනුර පැස්කුවල් Thursday, 20 February 2020 06:44 AM

කටහඬ පටි ඇදගෙන යන්නේ රන්ජන් නෙවෙයි මාධ්‍ය සහ ෆේස් බූක් ජනතාව. දැන් පක්ෂ විපක්ෂ හැමෝටම ඕනේ ඒ ට්‍රෙන්ඩ් එක නවත්තන්න. මොකද කාගේ කාගේත් පැටිකිරිය එලියට එන නිසා. දැන් බලන්න ආණ්ඩුවේ කිසි කෙනෙක් ඕක ගැන කට හොලවනවද කියලා.

:       0       102

Raveendra Thursday, 20 February 2020 02:03 AM

එක එක අයගේ, අසීලාචාර ගතිගුණ හොදද නරකද යන්න කෑ මොරදීමද රටක වැදගත් ස්ථානයක කල යුත්තේ ? මොනතරම් මහජන මුදල් කන්දරාවක් ඒ සදහා වැය වෙනවාදවත් නොතේරෙන මෙවැනි 225 ඉදිරියේදීත් නඩත්තුවට ඉඩකඩ සලසනවාද නැද්ද යන්න තීරණය කිරීම සියලුම ලාංකිකයන්ගේ වගකීමක් බැවින් එමගින් දියවන්නාව අසුචි වල සුන්දර ආයතනයක් කිරීමට පෙලගැසෙමු.

:       29       139

කාමිණි ඩෙප් Thursday, 20 February 2020 02:28 AM

කවුද කියන්නේ රන්ජන් මෝඩයෙක් කියල? බලන්න කොච්චර ලස්සනට තමන්ගේ මතය ප්‍රකාශ කරලා, කතානායකව යට කරලා, තමන්ට වාසියක් ලබා ගත්තද? මෙවැනි අය පාර්ලිමේතුවේ සිටය යුතුමයි. ඉක්මනට ඇප දෙන්න.

:       115       145

Duncan Thursday, 20 February 2020 04:57 AM

රන්ජන් දුරකථන කතා පටිගත කිරීම වරදකි. නමුත් එයින් මහජන මුදලින් වංචනික ලෙස ජීවත්වෙන මහජන දේපල කබසීනිය කරන වෙස් මුහුණු බැඳ සිටින දේශපාලුවන්ගේ සහ දුෂිත රාජ්ය සේවජ්කයන්ගේ ඇත්ත ජීවිත එළිවී ඇත.

:       1       172

Champa Thursday, 20 February 2020 05:43 AM

කුණුහරුප වලට කුණුහරුප නොකිය වෙන මක් කියන්නද? අසභ්‍ය කිව්වත් අශෝබන කිව්වත් අශීලාචාර කිව්වත් එකම තේරුම. අනිත් එක ඉතින් තමන්ගේ හඬ පට සම්භාව්‍ය ගණයට දා ගන්න ඕනේ නම් කියන්නේ තිබ්බේ සම්භාව්‍ය වදන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තමන්ගේ රටේවත්, උත්තරීතර පාර්ලිමේන්තුවේවත්, පියෙක් වගේ ඉන්න කතානයකතුමාගේවත්, සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේවත් ගෞරවය ආරක්ෂා නොකරපු කෙනා තමන්ගේ හඬපට වලට ගෞරවය ඉල්ලනවා.

:       207       132

BamunuarachchiFriday, 21 February 2020 01:35 PM

කුණුහරපු වලදී කුණුහරප කීවාම තමයි වචනෙට වැඩි බරක් ලැබෙන්නේ අසභ්‍ය කීවාම වචනය දුර්වල වෙනවා.

:       0       0

vidya Thursday, 20 February 2020 07:15 AM

ඔතන නරකම කුණුහරුප කීවේ වාසුදේව පොඩි දරුවෝ ඉන්න විට.

:       28       77

Rata Perata Thursday, 20 February 2020 07:31 AM

හැමෝම රන්ජන්ගේ කුණුහරුප ගැන විතරයි කතා කරන්නේ. ඔය පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඒ හඬපටි වල තියෙන වැදගත් කාරණා ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ. පුදුම සමාජයක් අපිට තියෙන්නේ.

:       0       89

BamunuarachchiFriday, 21 February 2020 01:37 PM

පර්ලිමෙන්තුවේ කුණුහරපු කියන එකයි ගැහැණු කෙනෙක් සමග ටෙලිෆෝන් එකෙන් කුණුහරප කියන එකෙයි වෙනස තේරුම් ගන්න බැරි මැට්ටෝ ඉන්නවානේ ඉතින් කොහොමද රටක් පෙරට යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 372 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 781 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 940 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 526 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 560 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site