IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටේ සහජීවනයට බාධාවක් නැහැ - අගමැති

අංජුල මහික වීරරත්න
 
වසර 30ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් සහජීවනයෙන් ජීවත් වීමට මිස ජාතිවාදයෙන් වෙලී කුලල් කාගැනීමට නොවේයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (8)පැවැසීය.

 
ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මකව ඇති කරන ලද තත්වයක් නිසා සමස්ත රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත්වීමට බාධාවක් ඇති වී නැති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්වය සමනය කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

‘‘මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ පැවති තත්වය පිළිබඳව මා එදිනම විශේෂ ප්‍රකාශයක් සිදු කළා. තවදුරටත් ඊයේ රාත්‍රියේ සහ අද දින පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි මම කල්පනා කළා.

ඊයේ සවස හා රාත්‍රී කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට, අලවතුගොඩ හා පූජාපිටිය ප්‍රදේශවල කලහකාරී සිද්ධීන් වාර්තා වුණා. ඇඳිරි නීතිය පැනවීම තුළ තත්වය පාලනය කිරීමට හැකියාව ලැබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු ස්ථානයකින් සිදුවීම් වාර්තා වුණේ නැහැ. අද උදෑසන 10.00 ට ඇඳිරි නීතිය ඉවත්කරනු ලැබුවේ සාමාන්‍ය ජන ජීවිතයට වන බලපෑම අඩු කිරීමටයි. තත්වය පාලනය කිරිම පහසුවීම පිණිස මහනුවර දිස්ත්‍රික්කයට අද සවස 6.00 සිට උදෑසන 6.00 දක්වාත් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළා.

මහනුවර දිස්ත්‍රිකයෙන් පිටත වැලිගම, ගිරිඋල්ල හා කුරුවිට ප්‍රදේශවල ගල් ගැසීම් වැනි සුළු සිදුවීම් තුනක් වාර්තා වුණා. රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමීව පැවතුණා.

දැනට අපට පෙනී ගොස් ඇති අන්දමට මෙම සිදුවීම් මෙතරම් දිග්ගැස්සුණේ වෛරය පතුරුවන පණිවුඩ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම නිසයි. ඒ නිසා අපි මේ සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කළා. සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචණ්ඩත්වය හා වෛරය පැතිරවීමට කටයුතු කළ කිහිප දෙනෙකුගෙන් පොලිසිය දැන් ප්‍රශ්න කරගෙන යනවා.

මගේ නිර්දේශය මත ගරු ජනාධිපතිතුමා විසින් අද දින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා පත් කළා. ඒ අනුව එතුමා විසින් පූර්ණකාලීනව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අද උදෑසන මා නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, නීතිය හා සාමය පිළිබඳ ලේකම්තුමා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සමඟ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව ගත යුතු පියවර පිළිබඳව තවදුරටත් උපදෙස් දුන්නා. මහනුවර දිස්ත්‍රික්කයේ ආහාර සැපයුම බාධාවකින් තොරව අඛණ්ඩවම පවත්වාගෙන යාම සඳහා අදාල අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම හානියට පත් ජීවිත හා දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කොට තිබෙනවා. එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අප කටයුතු කරනවා.

කඩාකප්පල්කාරීන් සුළු පිරිසක් විසින් සිදුකරන ලද මෙවැනි අනුවණ ක්‍රියාවන් නිසා සමාජීය හා ආර්ථික වශයෙන් රටට සිදු වූ හානිය ඉතා බරපතලයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ද අපකීර්තියට පත්වීමට අපට සිදු වුණා. ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයින් දැඩි ලෙස අපහසුතාවට පත්වුණා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පහරක්.

මෙම සිද්ධීන් ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මක ලෙස ඇති කරන ලද තත්වයක්. සමස්තයක් වශයෙන් රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත්වීමට බාධාවක් ඇති වී නැහැ. අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමටයි.

රටේ ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම රජයක් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්. අප ඒ සඳහා කැපවී ක්‍රියාකරනවා.

එබැවින් අවසන් වශයෙන් මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට කැපවන ලෙසයි. අප සියලු දෙනා එක රටක් ලෙස, එක ජාතියක් ලෙස කටයුතු කරමින් මෙම අවාසනාවන්ත තත්වයෙන් මිදීමට පියවර ගනිමු.‘‘



අදහස් (8)

රටේ සහජීවනයට බාධාවක් නැහැ - අගමැති

Chandana Thursday, 08 March 2018 03:55 PM

මෙම සිද්ධීන් ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මක ලෙස ඇති කරන ලද තත්වයක්. සමස්තයක් වශයෙන් රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත්වීමට බාධාවක් ඇති වී නැහැ. දේශපාලන අංශය ආරක්ෂක අංශ සහ රජයේ නිලධාරීන් මෙන්ම සිවිල් ජනතාවද මෙය වැලක්වීමට කටයුතු කලා. මේ සැමට ස්තුතිය හිමිවිය යුතුය.

:       0       0

එරන්ද Thursday, 08 March 2018 04:47 PM

මේ රටේ පෙරපැවති සහජීවනයද මේ වනවිට ඇත්තේ නැත. සහජීවනය ඇතිවන්නට නම් රටේ නීතිය සැමවිටම එකක් විය යුතුයි. එකිනෙකා අතර විශ්වාසය ගොඩනගනවා වෙනුවට එක් පාර්ශවයක අන්නතවාදයට ඉඩදී අනෙක් පාර්ශවයේ මතය පාගා දැමීමට උත්සාහ කිරීම තුළින් සිදුවී ඇත්තේ පෙරටත් වඩා රටේ සංහිඳියාව නැතිවීයාම නොවේද? සිංහල, මුස්ලිම් හෝ දෙමළ සෑම අන්තගාමී කණ්ඩායමකටම එක සමානව පසුගිය සමයේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා මේ ප්‍රශ්න අද ඔඩුදුවා ඇත. දැන්වත් ඇත්ත සහජීවනය වෙනුවෙන් සැබෑ වුවමනාවකින් කටයුතු කළොත් හැමෝටම යහපත් හෙට දවසක් තියේවි.

:       0       55

Hafeel Thursday, 08 March 2018 04:49 PM

අනේ සහජීවනයක් තිබුණේ නැහැ. කෝ සහජීවනේ?

:       0       1

Bamunuarachchi Thursday, 08 March 2018 06:36 PM

හා හා ඔය සහජීවනය හොඳට කෙරෙන්නේ.

:       8       65

prakaash Friday, 09 March 2018 02:04 AM

සහජීවනයට ඇති එකම බාධාව ඔබ ඇතුළු පාලකයින් බව ජනතාව හොඳින් දනී.

:       0       93

lalitsjm Friday, 09 March 2018 03:13 AM

ඔබතුමාගේ ප්‍රකාශ අනේ රටට වාසනාවන් !!

:       141       53

Raveendra Friday, 09 March 2018 03:53 AM

කතාව ඇත්ත .අපරටේ පුරවැසියන් එකිනෙකාට කුලල් කා ගන්නා විට අපගේ ලේකදුලින් දුක් මහන්සියේ උපයාගත් මුදල්වලින් ලබාගන්නා බදුමුදල් වලින් "සැපවත් ජිවිත ගතකරන" ජනාදිපති, අගමැති ඇතුළු 225 දෙනාගේම සහජීවනය ඉතාමත්ම හොදින් පිලිබිබු වෙනවා.

:       1       127

Hafeel Friday, 09 March 2018 05:11 AM

සහජීවනයක් තිබුනෙත් නෑ.

:       16       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 147 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 335 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 386 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 274 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 383 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 136 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site