IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

 

බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ දී සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින යශෝධ රංග බණ්ඩාර ජුනි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් රඛිත පි අබේසිංහ මහතා අද (12) නියෝග කළේය.

සැකකාර යශෝධ රංග බණ්ඩාර අධිකරණය හමුවට ඉදිරිපත් කර නොසිටි අතර ඔහු මේ වන විටත් බන්ධනාගාර නිලධාරිනගේ රැකවරණය මත ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලෙහි නේවාසිකව  ප‍්‍රතිකාර ලබන බවත් මෙහිදි හෙළි විය.

අධික ලෙසින් මත්පැන් පානය කර නොසැලකිලිමත් ලෙසින් රිය ධාවනය කිරිම ,රජයේ දේපලක් අවභාවිත කිරිම, පෞද්ගලික  නිවසකට එම අනතුරින් අලාභ හානි කිරිම ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.  

 

 



අදහස් (17)

යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්

Raveendra Tuesday, 12 June 2018 08:28 AM

ඈ..... මේ ඇත්තමද ? දියවන්න ඔය මඩවගුරට මුලික සුදුසුකම් ප්‍රයෝගිකව සපුරාලූ මේ හාදයට "ඔන්න පනයන, මෙන්න පනයන අසුහාරදාහේ" ලෙඩ නැතෙයි, ඉස්පිරිතාලෙට යවන්න ?

:       0       112

kamani - anuradhapuraya Tuesday, 12 June 2018 08:30 AM

එක සැරයක් මුළු පවුලක්ම අබ්බගාත කළා, මේ පාර අර අහිංසක මනුස්සයාගේ ගේ කුඩු කරලා දැම්මා...හෙට..? මේපාර මෙයාට නීතියෙන් නියම දඬුවමක් නොදුන්නොත් ...ඊළඟ පාර මහජනයා මදි නොකියන්නම දඬුවම් කරාවි...

:       0       54

Samathasena A . Aluthgama Tuesday, 12 June 2018 08:39 AM

ලංකාවේ ඇමති පුත්තුන්ට පෙර සිටම අමුතු තාලේ උඩඟු රෝගයක් වැළඳුනා. රත්වත්තේගේ පුතෙකුට,එස්බීගේ පුතෙකුට,මර්වින් සිල්වාගේ පුතෙකුට ආදී වශයෙන් තවත් අයට මේ රෝගය වැළඳුනා.මේ බොහෝ අවස්ථාවන් වලදී ක්ලබ් සම්බන්ධ වුණා .ගහ ගැනීම්, රිය අනතුරුත්, මෙහිදී සම්බන්ධ වී තිබුණා. මොවුන්ගේ එම ක්‍රියා එම ආණ්ඩු වලට මහජන අප්‍රසාදය ලබාදීමට හේතු වුණා. මෑත කාලයේ රංග බණ්ඩාර මහතාගේ පුතා එතැනට ආවා. නමුත් මෙය එජාපයට දොස් කීමට යොදා ගැනීමට තරම් සාහසික විය යුතු දෙයක් නොවෙයි. මෙම ඇමති පුතාටත් නීතිය ක්‍රියාත්මක වීම අද සිදුවෙනවා.එත් බීමතින් පැමිණ මේ කරගත් දෙයට ඇමති පියා මාධ්‍යට දොස් කියා තිබුණා.එය වැරදියි.පුතා හදා ගැනීමයි කලයුතු වන්නේ.නීතිය හා සාමය ඇමති තුමනි,මේ ප්‍රශ්නයේදී නීතිය සාධාරණව යොදවා ඔවුන් කරන වැරදි වලට පක්ෂ පටලවා ගැනීමට කාහට හෝ ඉඩ නොතබන්න. එය ඔබතුමාගේ වගකීමයි.

:       1       317

RaveendraTuesday, 12 June 2018 09:37 AM

Samathasena A . Aluthgama මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. මේ ප්‍රධානම ගැටලුව වන්නේ "නුගත් දරුවන්, නුගත් දෙමවුපියන්ගේ දේශපාලන බලය "සමග යකා නැටීම නොවේද ? තවද දෙමවුපියන්ගේ දේශපාලන බලයට අනිසි ලෙස දරුවන් ඇගිලි ගසන විට එවැනි නුගත් ක්‍රියාවන් දෙමවුපියන් විසින් ප්‍රතික්ෂේප නොකිරීම අනිත් ප්‍රදාන කරුණ වන්නේය. කිසියම් " දේශපාලුවෙක් " තම දරුවෙක් නීතිවිරෝධී ක්‍රියාවක් කල විට එමදරුවාට "නිසි දඩුවම් ලබාදීමට මුලික වන්නේ නම් මෙම නිහින ක්‍රියා " කිසිවිට අපට දැකීමට නොලැබෙනු ඇත .

:       2       41

Samathasena A . AluthgamaTuesday, 12 June 2018 12:28 PM

රවීන්ද්‍ර මහතාට ස්තුතියි. මා පුංචි කාලයේදී පාසලේ මගේ ළඟ හිටි ළමයා ළඟ ලස්සන පිටු ඇසුවේ කොපි පොතක් තිබුනා. ඕනෑතරම් පොත්පත් ගෙදරින් අරන් දුන්නත් මට ඒ පොත ගැන ඇතිවුනේ පුදුම ආශාවක්. මා හෙමිහිට එම පොත පොත්ගොඩ අස්සේ සඟවාගෙන ගෙදර පැමිණියා. පසුව එය සැඟවූ මා වරින්වර ගෙන එය දිහා බැලුවා. ඒත් උදේ ඒ පොත මා සැඟවූ තැන තිබුණේ නැහැ. මා හොඳටම බියටත්, පුදුමයටත් පත් වුනා.මා පාසල් ගිය විට අර ළමයා පොත නැතිවූ බව කියා ඇඩුවා. මට හරියට දුක හිතුනා. ඒත් නිහඩව සිටියා. වැඩි වෙලා නොගොස්ම තාත්තා එම පොතත් ගෙන පන්තියට පැමිණ "මේ ළමයා මේ පොත ඊයේ හොරෙන් ගෙනිහින් තිබුනා. ආසාවට වෙන්න ඇති. මෙන්න ඒක" කියා නම මකනා ලද පොත ගුරුවරයාගේ මාර්ගයෙන් ළමයාට ලබා දුන්නා. තාත්තා ගෙනත් තිබු ඒ ජාතියේම පොත් හයක් මටත්, ඒ ළමයාට හයකුත් දුන්නා. ඒ ළමයාගේ මුහුණ සතුටින් පිරුනා. මා එක පොතක් තියාගෙන අනෙක් පහ දුප්පත් ළමයි පස් දෙනෙකුට දුන්නා. මා ඉන්පසු විහිලුකටවත් කාගේවත් දෙයක් ගත්තේ නැහැ. පසුව මා ඇමතු පියා,"පුතේ උඹ දන්නවාද අර ළමයට ආත්තම්මා පොත අරන් දීලා තියෙන්නේ ලණු අඹරලා තමයි". පියා මට වේදනාවෙන් කරුණු වටහා දුන්නා. එදා ඔහු වරද අනුමත කලානම් මා අද හොරෙක්.

:       0       136

asiri Tuesday, 12 June 2018 08:57 AM

වොඩ්කා බෝතලේ දාපු උණු කරලා නිවපු වතුර නේද බීල තියන්නේ. ඒවාට එච්චර වෙරි වෙනවද?

:       0       80

sirimal Tuesday, 12 June 2018 09:07 AM

වතුර බෝතලයක් ගිය දුරක් ? ඕකේ රට බීම ජාතියක් එහෙම තිබ්බානම් කොහොම වෙයිද?

:       29       29

ranga Tuesday, 12 June 2018 09:22 AM

වතුර බිලා ගෙවල් කඩාගෙන ගියානම් අරක්කු බිව්වම මේ යෝදයා මොනවා කඩාගෙන යයිද?

:       0       113

Senarath Tuesday, 12 June 2018 09:25 AM

ඒ උනාට තාත්තා නම් කියන්නේ "පුතා වොඩ්කා බෝතලේක උණුවතුර නිමල ගෙනියනවා බොන්න " " අමාත්ත්යාංශ වාහනයක් එයාට පාවිච්චි කරන්න පුළුවන්, එයා අමත්‍යංශයේ තනතුරක් දරනවා " යනාදී දේ. "වාහනේ තිබුණු කඩුව එයා ගෙනියපු එකක් නෙමෙයි, එයට ඒ ගෙදර මිනිස්සු ගහන්න ගෙනාපු එකක් කියල " මේ පුතා මෙයට කලින් වාහනේ හප්පලා, පවුලක්ම අබ්බගාතයෝ කරපු කෙනෙක්. මේ දේශපාලුවෝ හිතාගෙන ඉන්නේ, රටේ ඉන්න ජනතාව හරක් කියල.

:       2       72

Rasi Tuesday, 12 June 2018 09:52 AM

ලබන පාර පළාත් සභා ඡන්දයට අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇත. ඔට්ටුයි පුත්තලමෙන් ඉහලින් පත් කර යවනවා ඇත.

:       0       42

jayantha Tuesday, 12 June 2018 10:00 AM

මේ ළමයට බනින්න එපා. මෙයා කොතරම් හොඳද කියනවනම් වතුර ටික පවා ගෙදරින් බෝතලයකට දාල අරගෙන යනවා යන යන තැනට. වතුර ටික වොඩ්ක බෝතලේට දාපු එකේ පොඩ්ඩක් කොස්සක් තියෙනවා තමයි. එහෙම තමයි ඇමති පුත්තු, නැද්ද මන් කියන්නේ?

:       0       29

Sarasi Tuesday, 12 June 2018 10:40 AM

දේශපාලක දරුවෝ විතරද හාමිනේලාත් ඊට දෙවැනි නැහැනේ. සිගිරි අප්සරාවන් වගේ උඩට කොන්දේ බැඳගෙන රටේ සිවිල් නීතිය කඩපු ලමාතනිලා කාටවත් විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වුනාද ?

:       0       1

singapuli Tuesday, 12 June 2018 10:56 AM

මීට පස්සේ රා ලබ්බක තමයි වතුර දාගෙන යන්න වෙන්නේ. අපුරු තාත්තයි පුතයි. කඩුව ගෙනියන්න ඇත්තේ කොස් කොටන්නට වෙන්න ඇති.

:       0       17

sigithi Tuesday, 12 June 2018 11:12 AM

අනේ මෙයාට තිබහට බොන්න වතුර ටික ගෙනියන බෝතලෙටත් කතා කියනවනේ . අනේ පවු මන්ත්‍රී බේබි. තාත්තා නිතිය ආරක්ෂා කරන රැකියාවක් කල කෙනෙක් නේද ? අනේ රටකට ගිය කල. ජනතාව අන්දන්නයි දක්කන්නයි විතරයි දන්නේ. ජනතාව මෝඩයෝ නොවෙයි.

:       0       4

hewawitharana Tuesday, 12 June 2018 11:38 AM

හෝටලයේ උණු වතුර බෝතලයක් (ෆ්ලාස්ක්) තිබුනේ නැද්ද දන්නේ නැහැ උණු වතුර ටික ද ගෙන එන්න....

:       0       0

rocky Tuesday, 12 June 2018 01:27 PM

ඔක්කොටොම වැරදිලා වගෙයි පෙනෙන්නේ.

:       0       0

rocky Wednesday, 13 June 2018 06:33 AM

අහෝ දෙවියනි, ඇමතිවරුන්ගේ මදාවි පුතාලාගෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 389 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 802 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 967 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 549 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 571 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 198 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site