IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මීළඟ රජයේ පාලකයා අගමැතිවරයායි

(ආරියරත්න රණබාහු නිවිතිගල සිට...)
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවිතිගලදී අද (08) පැවැසීය.

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බව කී ජනපතිවරයා, එහෙත් ඒ තීරණය කළයුත්තේ තමා බවද කීය.කෙසේවෙතත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බවද හෙතෙම කීය.

පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) උද්ඝෝෂණය ගැන සඳහන් කළ ජනාධිපතිවරයා කියාසිටියේ පොහොට්ටුවේ අය එය සාර්ථක බව පවසන නමුත්, එජාපය පවසන්නේ එය අසාර්ථක වූ බවයි.

මොවුන් දෙපිරිසම අධිතක්සේරුවකින් කටයුතු කරන බව කී ජනපතිවරයා මී ළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවද කීය. ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ නිවිතිගල මහජන පොළ භූමියේ අද (08) පෙරවරුවේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (50)

මීළඟ රජයේ පාලකයා අගමැතිවරයායි

Raveendra Saturday, 08 September 2018 08:46 AM

කාගේවත් සාර්ථක, අසාර්ථක භාවයක් ගැන අප නම් කිසිදු උනන්දුවක් නැත. ඒ පිළිබඳව කතා කිරීමට විනාඩියක්වත් නාස්ති කිරීම මහා පාපයකි. මක්නිසාදයත් ඔය කියන, නොකියන හැම පක්ෂයක සිටින්නේ ගවයින්ය. කිසිදු වැදගැම්මකට නැති අය ගැන කතා කිරීමට වටිනා කාලය අපතේ හැරීම ඔහුට නොතේරීම කණගාටුවට කරුණකි. අපට අවශ්‍ය වන්නේ අප රටේ සාර්ථකත්වය හැර, එක එක පක්ෂවල නැගීම බැසීම නොවන බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       6       1543

tdSaturday, 08 September 2018 06:36 PM

විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හොඳින් තේරුම් ගොස් ඇති බව පෙනිගොස්තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත නැවතත් කියන්නේ ඔහුව ජනාදි පුටුවේ තැබීමට උපරිම සක්තියදුන්නා පමණක් නොව විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර තිබු අවස්ථාවකත් විධායක ජනාධිපති ධුරය උපරිමව බුක්තිවිදීමේ අවස්ථව සහ නිදහසේ සේවය කිරීමට අවස්ථව ඔහුට ලබාදී තිබෙන්නේ රනිල් අගමැතිවරයාය. මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියනුයේ වර්තමාන රනිල් අගමැතිවරයා ගේ දක්තාෂතවය සහ හැකියාව හොඳින් හදුනාගෙන තිබෙන නිසාවෙනි. කුමන හෝ හේතුවකින් මහින්ද රාජපක්ස අගමැතිවරයා ලෙස පත්වුයේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා මොනවා කියාවිද?

:       659       1211

ලුම්බිණි Saturday, 08 September 2018 08:52 AM

විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල නොව එය මුළුමනින්ම නැති කරනවා.කිව්වා වාගෙයි මට මතක.

:       32       240

JahamanayaSaturday, 08 September 2018 02:32 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියෙන්ම දිනුවේ කිනම් වර්ෂයකදීද?

:       2       177

Raveendra Saturday, 08 September 2018 09:02 AM

අනිකාගේ කිළුටු වූ රෙදි පිලිබදව කතා නොකරන. තමාගේ කුණු පිලිබදව පමණක් කතා කරන. මහජන නියෝජිතයන් කවදා අප රටට බිහිවේද. එදාට අපගේ මාතෘ භූමියට රටේ දියුණුව නමැති සුර්යාගේ කිරණ නිසිලෙස පතිතවනු ඇත. අප රටේ මුල් පුරවැසියාට මෙම අදහස් කියවීමට ලැබේවා !

:       0       384

Nuwan Saturday, 08 September 2018 09:21 AM

මිහිරි සිහින දකින සුව නින්දකට.

:       1       141

bandulaSaturday, 08 September 2018 11:42 PM

මේ රෑ 10න් පස්සේ කියපු එක්කක්ද කොහෙද

:       0       163

RNG Saturday, 08 September 2018 09:43 AM

අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පැත්තට ඇඟිලි හතරක් දික් වෙනවා කියලා මතක තියා තියාගත්තොත් හොඳයි ජනාධිපති තුමනි

:       4       223

sena Saturday, 08 September 2018 09:51 AM

අභිමානවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම - පක්ෂේ නායකයාගේ පක්ෂය තුන්වෙනි බලවේයග වීම ගැන පම්පෝරි ගහනවා - ලෙඩා මලත් බඩ සුද්දයිලු

:       1       313

sirimal Saturday, 08 September 2018 09:57 AM

අගමැති තනතුරටත් තුන්පාරක් ඉල්ලන්න බැහැ කියලා නීතියක් නෑ නේද? එහෙම නම් ඉතින් මෙහෙම ගියොත් ඊළඟ අගමැති කවුරු විය හැකිද කියන එක කාටත් තේරෙනවා ඇති මඟේ හිතේ. එදාට ඉතින් අවශ්‍ය දේ කරගන්න ඔය කියන ගණන් හිලව් නීති රීති ඒතරම්ම වැදගත් වෙන එකක් නැහැ.

:       0       140

දිලුනම් Saturday, 08 September 2018 10:14 AM

කවුරුවත් අපිට එපා එපාමයි. දකිනකොටත් අපිට දැන් බඩේ අජීර්ණේ හැදෙනවා.

:       0       259

Sunil Saturday, 08 September 2018 02:37 PM

කතාව නම් සහමුලින්ම ඇත්ත මහත්තයෝ.

:       1       65

samak Saturday, 08 September 2018 10:16 AM

වැඩි කර ගත්ත ඡන්ද ගාන හරියටම හරිද?.. නැහැ මම මේ ඇහුවේ "ලක්ෂ" ගණනකින් කියන නිසා.

:       0       285

Bamunuarachchi Saturday, 08 September 2018 10:28 AM

යන යකා කොරහ බිඳගෙනමයි යන්න හදන්නේ. ඝෝඨාභයට තිබෙන බය හොඳට පෙනෙනවා. මේ ගොල්ලෝ මෙච්චර බය නම් අරගොල්ලෝ කොච්චර බය ඇත්ද? අපි ඔය කාටවත් බය නැත.

:       1498       2115

V.warnakulasuriyaSunday, 09 September 2018 09:53 AM

කවුරු කවුරුත් බය වෙන්න වුවමනා නැහැ.. හොරු ටිකයි, මිනීමරුවෝ ටිකයි හිරේ යවන්න හිරගෙවල්වල දොරවල් ඇරියා නම්. ලක්ෂ 62 ක් ජනතාව කොටළුවන් වී ඇත්තෙත් මේ හිරගෙවල් වැසීමයි. හොරු සහ අපරාධකරුවෝ බලවත්වීම විධායක ජනපති බලයටත් වඩා වැඩිය. එ් බලය ලබා දෙන්නෙත් ජනතාව වීම රටේ අවාසනාවයි.

:       0       57

Thilina Sunday, 09 September 2018 06:09 PM

දේශපාලනය ගැන ළඟදී ඉගෙන ගත්තු කෙනෙක් වගේ. 1948 පසූ සිටි සෑම දේශපාලකයෙක්ම අඩු වැඩි වශයෙන් හොරු තමයි. ආසියාවේම තියෙන තත්ත්වය ඕක තමයි.

:       64       63

pmj Saturday, 08 September 2018 11:09 AM

ලක්ෂ 20 දක්වා වැඩි කර ගත්තේ කොහොමද හිටන්?

:       0       223

anandaSaturday, 08 September 2018 05:30 PM

එදා ලක්ෂ 54ක් ලැබුනෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමඛ අපේක්ෂකයාට අවුරුදු 4ක් තුළ ලක්ෂ 34ක් අඩුකරගෙන පාලක පක්ෂයෙන් තීරක පක්ෂය බවට පත්කරගෙන තියෙනවා

:       0       98

Sisili Bisili Saturday, 08 September 2018 11:32 AM

ඔබතුමා ඔක්කොටම වැඩිය අධිතක්සේරුවකින් ඉන්න බවයි පේන්නේ. ජනතාව දීපු වගකීම ඉෂ්ට නොකර තවත් ඡන්ද ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ...

:       0       227

Missaka Saturday, 08 September 2018 11:47 AM

මෙයා බලාපොරොත්තු වන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා ඊළඟ පාරත් ජනාධිපති වෙන්නට. එ්ත් එක්කම රාජපක්ෂට කෙලවන්න. දැනුත් ඉතින් ඉන්නේ දූෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයෙක්ද?. අනේ අම්මපා!.

:       32       618

Sam Saturday, 08 September 2018 11:54 AM

අයියෝ ලක්ෂ 5 ක් වැඩි වුණේ ලක්ෂ 50 ක් අඩු වෙලා නේද?

:       0       111

Chandima Saturday, 08 September 2018 12:27 PM

ඒ කියන අගමැතිවරයා කිසිසේත්ම ඔබ නොවිය යුතුයි. මේ රටේ අනාගත නායකත්වයට ඔබලා කවුරුවත්ම එපා. කුහක ජවිපයත් එපා. මේ රටට ඕනේ පොළවේ පය ගහලා ඉන්න, මිනිසුන්ගේ හදගැස්ම හඳුනන නායකයෙක්... දුප්පතුන් දිහා බැලිය හැකි නායකයෙක්...

:       48       570

Hafeel Saturday, 08 September 2018 12:46 PM

කොහොමද කියන්නේ ලක්ෂ 15 සිට ලක්ෂ 20 දක්වා වැඩිකරගන ඇතැයි කියලා? සුමනදාසද කිව්වේ? ඡන්දයක් තිබ්බෙත් නැහැ මෙහෙම කියන්න.

:       0       141

lalith Saturday, 08 September 2018 01:32 PM

බොහොම හොඳ දෙයක්. නමුත් අලුත් මැතිවරණකින් පත්වෙන අගමැති වරයට ඒ විධායක බලතල දෙන්න. දැනට ඉන්න අගමැතිවරයාට ඡන්දෙ දෙද්දී ජනතාව එයට විධායක බලතල ලබාදෙන්න යන බව දැනගෙන උන්නා නම් කවදාවත් එයාට අගමැති වෙන්න ඉඩ තියන්නේ නැහැ. කොටින්ම මම ඡන්දෙ දුන්නෙත් එයාට විධායක බලතල ඇති අගමැතිවරයෙක් වෙන්න නෙමෙයි. ඉතින් පස්ස දොරෙන් විධායක බලතල තව කෙනෙකුට පවරාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා නැහැ නේද? ඔබතුමාට අපි ඡන්දෙ දුන්නේ ඔබතුමා විධායක ජනාධිපති කරන්න මිසක් වෙන කෙනෙක් කුට ඒ බලතල දෙන්න නෙමෙයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගේ පක්ෂයේ නායකයා තෝරාගන්න අයිතියක් නැති පක්ෂයක කෙනෙකුට විධායක බලතල ලබාදීම කියන්නේ අපට කොලේ වහල රටට යාවජීව ඒකාධිපතියෙකු බිහිකිරීමයි. රටත් ජාතියත් වලපල්ලට යවන්න නම් එපා.

:       6       277

Janu Saturday, 08 September 2018 02:02 PM

දැනුත් එහෙමනේ, මොනවටද 2020 වෙනකං ඉන්නේ...?

:       0       153

Deepal Norosh Saturday, 08 September 2018 02:21 PM

ඔබතුමා විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කරනවා කියලා පොරොන්දු වුණෙත් නැහැ. ජනමත විචාරණවලට තුඩුදෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනෙනවා කියලා 2015දී පොරොන්දු වුණෙත් නැහැ. ඉතින් කොහොමද මීළඟ රජයේ පාලකයා අගමැතිවරයා වෙන්නේ? කරුණාකරලා තමන්ට ලැබුණු ජනවරමට අනුව කටයුතු කරන්න.

:       0       107

Sunil Saturday, 08 September 2018 02:36 PM

එහෙම කෙනෙක් නම් ඉතින් වර්තමාන පාර්ලිමේන්තුවෙන් පිටතින් තමා හොයා ගන්න වෙන්නේ.

:       0       161

Keppetipola Saturday, 08 September 2018 02:54 PM

ජනාධිපතිම කියා ගන්නවා 19 වෙනි සංශෝදනය නිසා එයට බලතල නැහැ කියල. ඒ කියන්නේ එයා දැන් පඹයෙක්. අගමැතිට ඕන විදියට තමයි රටේ වැඩ වෙන්නේ. ජනාධිපති නඩත්තු කරන්න රටේ මුදල් කොටි ගණනක් වියදම් වෙනවා. නමුත් ජනාධිපති කියන විදියට එයාට කිසි බල තල නැති පඹයෙක් විතරයි. රටේ මුදල් තවත් බොරුවට නාස්ති නොකර ඔය ජනාධිපතිකම දැන්මම අත හැර ගෙදර ගියොත් නේද හොඳ. එතකොට ඔබ නඩත්තු කරන කොටි ගණන් මුදල් වලින් දුප්පත් ජනතාවගේ සුභ සිද්ධිය සදහා යොදවන්න පුළුවන්.

:       0       166

සනත්Saturday, 08 September 2018 06:57 PM

19 වැනි සංශෝධනය සම්පුර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන ජනාධිපතිගේ ධූර කාලය අවසාන්වීමත් සමගමය. 2020 දී පත්වෙන ජනාධිපති බොහෝදුරට රජයේ අනුශාසක ලෙස කටයුතු කරනු ඇත.

:       50       2

Buddika Saturday, 08 September 2018 03:13 PM

මෙතුමා හීන දකින්නේ. කොහොමද කියන්නේ චන්ද වැඩ වුණා කියල. ඔබතුමාගේ සහ පක්සයේ තවත්වය අනුව තවත් ඡන්ද අඩු වෙලා තියෙන්නේ. අධිතක්ෂේරුවෙන්න හිතන්න එපා. මමත් ඔබට ඡන්දය දුන්නා. ඒත් ඒ අගන මම පසුතැවෙනවා. මාත් කිසි දාක ඔබට නම් ඡන්දෙ දෙන්නෑ. මුල මතක නැතිවෙනවා. නැග්ග ඉනිමගට පයින් ගැසීමේ විපාක ඔබට ඉදිරි ඡන්දයකදී මූන දීමට සිදුවෙයි.

:       0       93

Bamunuarachchi Saturday, 08 September 2018 03:57 PM

මීට පස්සේ මල්ටිබැරල් සංග්‍රහය කරන්න ඔන වුණොත් පාර්ලිමේන්තුව කැඳවලා අවසර ගන්නවේවි. එතකොට අපිට කෙලවෙලා ඉවරයි නේද මහත්තයෝ.

:       313       476

සෙනෙවි Saturday, 08 September 2018 04:09 PM

බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය කාපු මිනිහ තමයි මේ කතා කියන්නේ

:       0       135

Prashantha Saturday, 08 September 2018 04:29 PM

පක්ෂ භේදයකින් තොරව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් හැකි, කොන්ද පන තියන ඡන්ද දායකයින් ඇතිවන තුරු ලංකාව වල පල්ලට යාම නැවැත්විය නොහැක. බියකරු සත්‍යය මෙයයි.

:       0       256

RaveendraSunday, 09 September 2018 05:06 AM

ඔබගේ වැදගත් මෙන්ම සත්‍ය අදහස් සමඟ අපද සිටින්නෙමු. අප රටේ " දේශපාලකයා" යනු නිතරම වන්දිබට්ටයන් පිරිවරාගත් පිරිසකි . මේ පිරිස දේශපාලකයන්ගේ සෙවණැල්ලෙන් ප්‍රයෝජනය ගන්නා පිරිසක්

:       0       80

chamith Saturday, 08 September 2018 05:31 PM

අපේ රටේ මෙතෙක් බිහිවූ අසාර්ථකම නායකයා තමා මේ පොර ටෝක් දෙන්නේ.

:       0       258

Art Saturday, 08 September 2018 05:50 PM

මේ කවුරුත් එපා.දේශපාලනය අප්පිරියයි .

:       0       27

sam Saturday, 08 September 2018 09:56 PM

අගමැති, ජනාධිපති හෝ කවුරුහරි 'පාලකයෙක්' ඊළඟ රජයේවත් හිටියොත් හොඳයි.

:       0       27

Prase Sunday, 09 September 2018 03:37 AM

එය ඔබගේ තීරණය නොවේ......ලාංකික පුරවැසියන් තීරණය කරාවි එය

:       0       118

bandara kuwait Sunday, 09 September 2018 03:46 AM

නාගහනන්ද මහතා වගේ දුෂණය පිටුදකින කෙලින් කතාකරන පුද්ගලයෙක් පමණයි අපේ නායකයා විය යුත්තේ......

:       0       72

Chef Borhan Sunday, 09 September 2018 06:05 AM

මෙවැනි දීර්ඝ සටහනක් තැබීමට මා පෙලඹ වූ හේතුව වන්නේ මේ ආකාරයට තව දුරටත් මෙවන් අසීලාචාර බංකොළොත් දේශපාලුවන් එවැනි පසුබිමක් යටතේ ජනතාවගේ වන්දනීය ගරු බුහුමනට පාත්‍ර වන මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ තැබිය යුතුද බව? වසර 70ක් තිස්සේ මේ මේ රටේ අහිංසක අසරණයන් පීඩිත පංතියේ දිලිඳු මිනිස්සු අසරණයෝ නිහඬ වූහ. කුහක අසමජ්ජාතී මාෆියාකාරයන්ට ඕව තේරෙන්නෑ. මේ දේශපාලුවන්ගේ අතින් අතට මගේ අභිමානවත් මාතෘ බුමිය වසර 70ක් තිස්සේ හෙම්බත් වුණ එවන් නූගත් පිරිසකට රට බාරදීමෙන් අද වන විට රට ඉතා දරුණු පරිහානියකට ලක්වෙලා. ඒ කියන්නේ මොවුන්ට ජනතා සේවයට අවශ්‍ය ආකල්ප නැත. එය ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය. මොවුන් ගේ සැබෑ අරමුණ ඊලග තරුණ පරම්පරාවත් වහල්ලු කරන්නයි හදන්නෙ බියකරු සත්‍යය මෙයයි. පක්ෂ භේදයකින් තොරව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් හැකි තුරු ලංකාව වල පල්ලට යාම නැවැත්විය නොහැක. මේ කිසිඳු තත්ත්වයක් බුද්ධිමත් සමාජයේ අපට අනුමත කළ නොහැක. මේවට මොවුන් සියලු දෙනාම වගකිව යුතුයි.

:       0       782

rohana Sunday, 09 September 2018 06:21 AM

රවින්ද්‍ර කියන විදියට එතකොට අර 5 වෙනිදා අවේ කවුද? ආ එකත් හරි ඒ සල්ලි වලට සහ අරක්කු වලට ආපු අයනේ නේද?

:       57       64

BamunuarachchiSunday, 09 September 2018 09:11 AM

ඕගොල්ලෝ ඔගොල්ලන්ගෙන් එහා ලෝකය මනින්නේ සල්ලිවලින් සහ අරක්කුවලින්ද? නැහැ මහත්තයෝ ඔබට වඩා බුද්ධිමත් රට ගැන හිතන මිනිස්සු ඔයගොඩේ බොහොම ඉන්නවා.

:       141       108

OMG Sunday, 09 September 2018 07:07 AM

කව්රු පත් වුනත් අපිට වෙන සෙතක් නම් නැහැ. හොඳ එක්කෙනාත් නරක් වෙනවා බලය, මුදල් හා අනිකුත් වරප්‍රසාද ලැබෙනකොට. අපි අයෙත් ලතවෙනවා පත් වෙච්ච කෙනාත් හරි නැහැ කියලා. මේ කට්ටිය වැරදි කරන්නේ හරියට නොමැරෙන අය වගේ. ඉන්න ටික කාලේදී පුලවන් තරම් සැප ගන්න විතරමයි බලන්නේ. පොඩි හොදක් හෝ උදව්වක් කරලා ලැබෙන අහිංසක ආත්ම තෘප්තිය මිල කරන්න දන්නේ නැති කුහක මිනිස්සු. පොඩ්ඩක් හිතන්න අපි කාට වුනත් හොදක් කරපුවම තියන මානසික තෘප්තිය. මිල කරන්න පුලුවන්ද? සාමාන්‍ය ජනතාවට තියන "පොදු" ප්‍රශ්න මේ අය කවදාවත් විසදනවද? ඒවා තියාගෙන ඉන්නවා ඊලග ඡන්ද පොරොන්දුවකට....

:       0       18

gunarathna Sunday, 09 September 2018 08:34 AM

මම හිතන්නේ මෙහෙම කමෙන්ට්ස් දාන වෙබ් සයිට් එකක් මේ ලංකාවේ නැහැ. ලංකාදීපයට හොඳ අනාගතයක් ලැබේවා. මම ආසම කරන වෙබ්සයිට් එක මේක තමයි.

:       0       36

banda Sunday, 09 September 2018 08:45 AM

දැනට පාර්ලිමේන්තුවේ සිටින 225 ම අපිට එපා . අපිට ඕන රොහාන් පල්ලෙවත්ත මහතා සමග අලුත් කණ්ඩායමක්

:       48       0

Adam Sunday, 09 September 2018 10:03 AM

මෙතුමා කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2015 සිටම කටමැත දොඩවනවා මිසක් කරපු දෙයක් නැහැ. මෙයාට කරන්නත් බැහැ. ඊළඟ ඡන්දෙන් පස්සේ මෙයාට කුඹුරු කොටන්න තමයි වෙන්නේ...

:       0       123

Sisili Bisili Sunday, 09 September 2018 11:49 AM

අපිට ගැටළුවක් නෑ. එයත් ග්‍රාමසේවක කෙනෙක් නොවුනොත් ඇති...

:       6       2

upali Monday, 10 September 2018 03:05 AM

දැන් එතකොට අගමැති පත් කරන්නේ ජනතාවද..? අපි හිතං හිටියේ රටේ ජනාධිපති කියල..

:       0       1

wasantha Monday, 10 September 2018 11:14 AM

ගොඩක් අයට එතුමා කියපු කතාවේ හරය තේරිලා නැහැ. වගේ...

:       0       0

Bamunuarachchi Tuesday, 11 September 2018 12:48 AM

දෙසපාලකයින්ට වඳින මේ නිවට ක්‍රීයාව අත්හරින්න බැරිද? තමන් අදහන ආගමේ කථ්රූවරයාට පූජකයින්ට, දෙමාපියන්ට ගුරුවරුන්ට හැරෙන්න වෙන කාටවත් ඔලුව පාත්කර වඳින්න එපා. කොඩි වනන්න එපා, පුටුවෙන් නැගිටින්න එපා. උසාවියෙත් එකකරන්නේ තෝල්කයා බෙරිහන් දීලා කියන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 303 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 638 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 774 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 425 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 498 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 175 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site