IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් රවීගෙන් දින රහිත ලිපියක්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙවීමට රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් දිනයක් රහිත ලිපියක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහා බැංකුවේ අධිපතිවරයාට යවා ඇතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහා භාන්ඩාගාරයේ  මෙහෙයුම් අධක්‍ෂක ජනරාල් (විශ‍්‍රාමික) එම්.එස්.ඞී. රණසිරි මහතා පැවසීය.

මුදල් ප‍්‍රවාහ ප්‍රකාශයේ සඳහන් මුදලට අමතරව තවත් රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ලෙස කිසිවෙක් හෝ තමාට දැනුම් දුන්නේ නැතැයිද ඒ මහතා කීවේය. 

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ රණසිරි මහතා අද (18) සාක්කි දෙමින් සිටියදී ඔහු වෙත ලිපියක් ඉදිරිපත් කරමින් කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඒ මහතා මේ බව හෙළි කළේය.

ප්‍රශ්නය. මෙම ලිපිය ලියා ඇත්තේ කාටද?

පිළිතුර.මහා බැංකුවේ අධිපතිවරයාට.

ප්‍රශ්නය. මෙම ලිපියේ සඳහන් වී ඇත්තේ මොනවාද?

පිළිතුර.2015 පෙබරවාරී මස 26 වැනිදා අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම සහ රවී කරුණානායක මහතා එවකට හිටපු මහා බැංකු අධිපතිවරයා සමඟ රැස්වීමක් පැවැත්වු බවත් එම රැස්වීමේදී රුපියල් බිලියන 75ක මුදලක් මාසයක් කාලයක් ඇතුළත ලබා දෙන ලෙසත් සඳහන් වී තියෙනවා.

ප්‍රශ්නය. එලෙස මුදල් අවශ්‍ය වී ඇත්තේ කුමන කාරණාවකටද?

පිළිතුර.මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුදල් ගෙවීමටයි.

ප්‍රශ්නය. එම ලිපියේ දිනයක් යොදා තියෙනවද?

පිළිතුර. නැහැ.

ප්‍රශ්නය. 2015 පෙබරවාරී මාසයේදී මෙම ලිපිය ගැන ඔබට දැනගැනීමට ඔබට ලැබුණද?

පිළිතුර.නැහැ. 2015 පෙබරවාරී මාසයෙන් පසුව අවස්ථාවක හෝ මෙම ලිපිය ගැන මට දැනගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය. මහා භාන්ඩාගාරයේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ලෙස ඔබගේ මුදල් ප‍්‍රවාහ ප‍්‍රකාශයේ සඳහන් මුදලට අමතරව තවත් රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කිසිවෙක් හෝ ඔබට දැනුම් දුන්නාද?

පිළිතුර.නැහැ.

ප්‍රශ්නය. රජයට මුදල් අවශ්‍ය නම් ඒ ගැන දැනුම් දිය යුත්තේ කාටද?

පිළිතුර. මහා භාන්ඩාගාරයට.

ප්‍රශ්නය. ඉන් පසුව සිදුවන්නේ කුමක්ද?

පිළිතුර. මේ සම්බන්ධයෙන් අපි මහා බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා මෙම මුදල් ලබා දීමට පියවර ගන්නවා.

ප්‍රශ්නය. මහා භාන්ඩාගාරයේ අනුමැතියකින් තොරව මෙතරම් විශාල මුදලක් ඉල්ලූ අවස්ථාවක් පිළිබඳ ඔබගේ සේවා කාලයේදී අසා තියෙනවද?

පිළිතුර. නැහැ. මාගේ සේවා කාලයේ කිසිම දිනෙක මහා භාන්ඩාගාරයේ අනුමැතියකින් තොරව මෙතරම් මුදලක් ඉල්ලූ බව මා අසා නැහැ.

ප්‍රශ්නය. රජයේ මෙම මුදල් අවශ්‍යතාවය පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් හෝ මහා බැංකුවෙන් හෝ මහා භාන්ඩාගාරයට දැනගැනීමට ලැබුණද?

පිළිතුර.නැහැ. රජයට මුදල් අවශ්‍ය වුණොත් මට හෝ නියෝජ්‍ය ලේකම්වරයාට දැනුම් දිය යුතුයි. නමුත් එහෙම දැනුම් දීමක් සිදුවුණේ නැහැ.

වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.



අදහස් (8)

මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් රවීගෙන් දින රහිත ලිපියක්

nanda Thursday, 18 May 2017 03:28 PM

මිලියනද ?? බිලියනද හරියට කියන්නකෝ...

:       1       71

Shanaka Thursday, 18 May 2017 10:45 PM

බලන් ගියාම ඉගුරු දීලා මිරිස් අරන් තියෙන්නේ

:       0       1

Gayan Friday, 19 May 2017 01:58 AM

මම හිතන්නේ මේක බිලියන වෙන්න ඕනි. මිලියන 75 කියන්නේ කෝටි හතහමාරක්නේ

:       0       1

isuru Friday, 19 May 2017 03:48 AM

ආසියාවේ හොදම මුදල් ඇමති සහ ලෝකයේ එකම CIMA සුදුසුකම ඇති මුදල් ඇමති

:       9       22

sam Friday, 19 May 2017 05:39 AM

නන්ද , බිලියන 75 වෙන්න ඇති . මිලියන 75 ක් නම් අතමාරුවට කාගෙන් හරි ඉල්ලා ගන්න තිබුනානේ

:       11       225

lanka Friday, 19 May 2017 04:23 PM

කලින් හිටපු මිනිස්සු කන බොන ගමන්ම රටට පොඩි පොඩි වැඩ ටිකක් කළා. මෙයාලගේ කිසිම දෙයක් නැහැ. අනේ අපේ රටට යන කල !!

:       0       9

nihal Sunday, 21 May 2017 04:32 AM

මෙසේ පත් කිරීමත්, දඬුවම් නොකිරීමත් තවත් හොරකමක් නේද? ..,

:       0       0

Senarath Sunday, 21 May 2017 09:49 AM

ඕනෙම පොඩි දරුවෙක් දන්නවා මේවා ගැන. ඡන්දෙ දීපු මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ... කලින් වතාවේ සතොසට වූ දේ මතකද? ඒත් ආසියාවේ හොඳම මුදල් අැමතිලු.. නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 580 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1097 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1289 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 725 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 687 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 229 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site