IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මන්මෝහන් සිං ගෙන් මෝදි රජයට චෝදනා

(නවදිල්ලිහිදීය)
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් වත්මන් ඉන්දීය ආණ්ඩුව සෙමින් වුවත් ස්ථීර වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක වටිනාකම් අවතක්සේරු කරමින් සිටිනා බව එරට හිටපු අගමැති මන්මෝහන් සිං
චෝදනා කරයි.  


අත්‍යවශයෙන්ම ආරක්ෂා කළ යුතුව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක වටිනාකම් මේ ආණ්ඩුව යටතේ අනතුරට පත්වෙමින් තිබෙන බවට චෝදනා කළ හිටපු අග්‍රාමාත්‍යවරයා අර්ථාන්විත ජාතික විවාදයක් අවශ්‍ය බව ද පෙන්වා දී තිබේ. 


ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයකු සහ කොංග්‍රස් පක්ෂ නායකයකු වන කපිල් සිබාල්ගේ “ෂේඞ්ස් ඔෆ් ටෘත්” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවකට එක්වෙමින් හිටපු අගමැතිවරයා ඉහත කරුණු සඳහන් කළේය. 


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව ඔවුන් දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇතැයි ද හිටපු අගමැතිවරයා චෝදනා කළේය. 


එහිදි තවදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැති මන්මෝහන් සිං මෙසේ ද පැවැසීය.


“යහපාලනය අත්‍යවශ්‍ය ප්‍රධාන ජාතික ආයතන වෙන කිසිදු දවසක තිබ්බේ නැති විදියේ අත්දැකීම්වලට මුහුණ දී සිටිනවා. ඒ ආයතනවලට නව බාධා එල්ල වී තිබෙනවා. ඉන්දියාවේ අසල්වැසි වටපිටාව 2014 වසරේ තිබුණාට වඩා අනාරක්ෂිත වෙලා තියෙනවා. අසල්වැසියන් හා අප අතර තිබුණ සබඳතා පිරිහිලා. ජාතික පරිවර්තනයක් සඳහා විද්‍යාව සහ තාක්ෂණය නිර්මාණශීලිව භාවිත කිරීමට මෝදිගේ ආණ්ඩුව අසමත් වී තිබෙනවා. 


කාන්තාවන්, දාලිත්වරුන් සහ සුළු ජාතීන්ට ජීවිත් වීමට සුදුසු පරිසරයක් නැහැ. ඔවුන් ජීවත්වන වටපිටාව දිනෙන් දින අනාරක්ෂිත වෙමින් තිබෙනවා. විදෙස් ගත ව තිබෙන කළු මුදල් නැවත රටට ගේනවා කිව්වා. ඒ කිව්ව විදියට විදේශවල තිබෙන ඩොලර් බිලියන ගණන් මුදල් නැවත ඉන්දියාවට ගෙන එන්න කිසිවක් කරලා නැහැ”.



ද ඉකොනොමික් ටයිම්ස් අනුග්‍රහයෙනි
055 



අදහස් (1)

මන්මෝහන් සිං ගෙන් මෝදි රජයට චෝදනා

Bamunuarachchi Sunday, 09 September 2018 06:16 AM

මන්මෝහන් සිං මහතා බලාගෙනයි අපේ අයට තරහ යාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 565 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1067 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1259 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 706 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 677 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 225 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site