IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ  භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි. 
 
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ .එම සුබ පැතුම් එක් කරමින් හෙතෙම මේ බව කියා සිටී. 
 
හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධූරයේ දිවුරුම්දිය යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටී.‍ 



අදහස් (26)

භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි

Amara Tuesday, 13 February 2018 08:25 AM

එහෙම කරමු එයලානේ කියන්නේ

:       0       0

WIMAL NISSANKE Tuesday, 13 February 2018 08:40 AM

අපේ මිනිස්සුන්ට අගේ නැති උනාට... දන්නෝ දනිති .

:       0       0

V.warnakulasuriya Tuesday, 13 February 2018 09:09 AM

ජාතිවාදය හරහා බලය ලැබීම ඉන්දියානුවෙකුගේ සතුටට හේතුවීම බොහෝදුරට ආර්ථික වාසිය සඳහා විය හැකිය. ශ්‍රී ලංකාවේ ජාතිවාදී නොවන පක්ෂවල පසු බැසීම මේ මැතිවරණදී කැපී පෙනෙන්නකි.

:       0       59

Danuska Tuesday, 13 February 2018 09:11 AM

සුබ්‍රමනියම් ස්වාමි කියන්නේ ජයලලිතට විරුද්ධව දුෂණ චෝදනා එල්ල කරපු කෙනෙක්, කොටින්ට විරුද්ධ හොද දේශපාලකයෙක්

:       0       0

කමල් Tuesday, 13 February 2018 09:12 AM

මම මේ පාරත් මෙතුමාට විරුද්ධව ඡන්දය දුන්නේ. හැබැයි මගේ මතය බහුතර මතය නෙමෙයි. ඔක්කොටම වඩා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අංගය වන බහුතර මතයට ගරු කිරීම. ඒකෙන් කියන්නේ නෑ සුළුතර මතය පාගන්න ඕන කියන එක. මේ ආණ්ඩුව පරාද වුනේ ආණ්ඩුවෙම වැරදි හින්දා මිසක් වෙන මිනිස්සු වැරදි කරල නෙමෙයිනෙ.

:       0       0

sirisena Tuesday, 13 February 2018 09:51 AM

එහෙනම් ඉන්දියන් ජනතාවත් ඉල්ලන්නේ මහින්දව.

:       712       2081

Asanka Tuesday, 13 February 2018 10:49 AM

ප්‍රාදේශීය සභා ඡන්දෙන් ද දන්නේ නැහැ ඉන්දියාවේ ජනාධිපති පත් කරන්නේ

:       8       108

නුමා Tuesday, 13 February 2018 10:58 AM

ඉන්දියාවෙ ජනාධිපතිවරණයක් තියෙනවද?? අනේ හොඳා...

:       3       54

Raveendra Tuesday, 13 February 2018 11:05 AM

මේ හාදයා කවුද අපේ රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්න? මේ කලවැද්දෝ හිතන්නේ අපි ඒ අයගේ ප්‍රාන්තයක් කියලා වෙන්න ඇති. අපි ඔහේලගෙ පාලනයට අරයා හොඳා... මෙයා හොඳ නැහැ කියලත්, නැහැ කියන්නෙත් නැහැ. ඔහෙලා ඔහෙලගේ වැඩක් බලා ගන්නකෝ... අපි අපේ වැඩක් බලාගන්නම්...

:       0       33

Nandalal DE SILVA - France Tuesday, 13 February 2018 11:09 AM

භාරතීය ජනතා පක්ෂයේ "ජ්‍යේෂ්ඨ නායක" සුබ්‍රමනියම් ස්වාමි උන්නැහේ පක්ෂේ නායකය වෙලත් කියන්නේ මැටිමෝල් කතා තමයි! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධුරය බාරගෙන කටයුතු කළ යුතු බව කියන්නේ, ශ්‍රී ලංකාවේ ජනපතිකම රිදී බන්දේසියක තියලා මහින්දගේ ඉදිරියේ තියන්න ඕන කියන එකද? එයා දන්නේ නැහැ වගෙයි සෙනසුරාදා පැවැත්වුනේ පුංචි මැතිවරණ කිහිපයක් නිසා ඒකෙන් මහින්දට ජනපතිකම පුදන්න ඡන්ද දායකයන් වරම් දුන්නේ නැහැ කියලා! ඒකනේ මෙහෙම බහුභූත දේවල් ලෝකයටම දන්වන්නේ: "හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධුරයේ දිවුරුම්දිය යුතු බව" ඔහු ප්‍රකාශ කර සිටී!!! 2020දි තමා අපේ රටේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ, කියලා මෙයාට කියලා දුන්නොත් නරකද?

:       10       87

Ranjith Silva Tuesday, 13 February 2018 11:28 AM

ඔන්න එහෙනම් යන්න එහෙට.

:       0       32

moralis Tuesday, 13 February 2018 12:42 PM

මාර වැඩක් නේද මේක. ඉන්දියන්කාරයෝ ලංකාව පාලනය කරන්නේ කොහොමද?

:       0       44

sirimal Tuesday, 13 February 2018 01:09 PM

ගන්න ගන්න. ඉක්මණටම ගන්න.

:       0       11

menna Tuesday, 13 February 2018 01:22 PM

ඉන්දියාව චිනේටයි, ඇමරිකාවටයි බය හින්දද. ඉන්දියාවට ඕනේ විදියට වැඩ කරව ගන්න පුළුවන්නේ.

:       0       0

Nuwan Tuesday, 13 February 2018 01:44 PM

ඉන්දියාවේ ප්‍රාදේශීය සභා ඡන්දෙන්ද ජනාධිපති පත්වෙන්නේ

:       0       27

rocky Tuesday, 13 February 2018 02:15 PM

ඉතින් කැඳවා ගන්නකො මහත්තයෝ!

:       0       41

Saman Tuesday, 13 February 2018 02:33 PM

අපේ ව්‍යවස්ථාව ගැනවත් නොදන්න කෙනෙක්, ඔන්න මහින්දගෙ යාළුවො...

:       7       68

sahan Tuesday, 13 February 2018 03:10 PM

ඔච්චර ඕනෑ නම් ඉන්දියාවට අරගෙන ගිහින් එහෙ ජනධිපතිකම දෙන්නකෝ... අපිට පව් නොදී...

:       2       59

Ravidu Tuesday, 13 February 2018 04:29 PM

නියම නායකත්වය කව්ද කියලා හැමොම දන්නවා

:       2       25

Ajith Nissanka Tuesday, 13 February 2018 07:42 PM

අනේ හොදා!!! එතුමා භාරතයේ රජු කරොත් ඒක කාටත් සතුටු වෙන්න පුළුවන්!

:       0       54

Saranapala Tuesday, 13 February 2018 09:16 PM

ඒ අයගේ රටේ තියෙන ප්‍රශ්නවත් හරියට විසදගන්නබැරුවයි මේ කයිවාරු ගහන්නේ?

:       1       44

Nandalal DE SILVA - France Tuesday, 13 February 2018 09:28 PM

ඇත්තටම ඉන්දියන්කාරයෝ මේ තරම් මෝඩ බව මම මීට කලින් දැන සිටියේ නැහැ.

:       28       86

Darshana Wednesday, 14 February 2018 03:17 AM

මේ වන විට රටම ඉල්ලන්නෙත් මහින්ද මහතායි.

:       107       34

Silva Wednesday, 14 February 2018 03:31 AM

මේයාට කියලා දෙන්න ලංකාවේ වැඩවලට ඇඟිලි ගහන්න ගිහින් රජීව් ගාන්දි නාගත්තා කියලා. ඇරත් අපේ ව්‍යවස්තාවේ 3 පාරක් බැහැ කියලත්

:       6       78

Ravidu Wednesday, 14 February 2018 03:44 AM

ලෝකෙටම එකයි අප්පච්චි

:       0       14

maal Wednesday, 14 February 2018 06:29 AM

මෙයාට අමතකද දන්නේ නැහැ රජීව් ගාන්ධි ලංකාවේ වැඩවලට ඇඟිලි ගහන්න ගිහිල්ල වෙච්ච දෙය. මොනවා වුනත් අපි බලාගන්නම් ලංකාවේ දේශපාලනේ. ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන අපි හොඳට දන්නවා.

:       0       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 39 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 171 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 128 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 358 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 721 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 546 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site