IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය මහ රැජින ජාතිය ඇමතීමේ සූදානමක්

බ්‍රිතාන්‍ය මහ රැජින ඉරිදා (05)  රාත්‍රී 7.00ට ජාතිය ඇමතීමට නියමිත බව බකිංහැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ වනවිට 93 හැවිරිදි වියේ පසුවන දෙවැනි එලිසබෙත් මහ රැජින නත්තල් දිනයේ දී නිකුත් කරනු ලබන සාම්ප්‍රදායික පණිවිඩය හැර සිය වසර 68ක පාලන කාලයේ දී ජාතිය අමතන සිව්වැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඇය ජාතිය අමතා ඇත්තේ 1991 දී පළමු ගල්ෆ් යුද්දය සම්බන්ධයෙන්, 1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍ය අවස්ථාවේ දී සහ 2002 දී මව් රැජිනගේ අභාවයෙන් පසු යන අවස්ථා තුනේ දී පමණි. එසේ වුව ද 2012 වර්ෂයේ දී ඇය තම කිරුළු පැළඳීමේ දියමන්ති ජුබිලිය සමරන අවස්ථාවේ දී රූපවාහිනී දේශනයක් පැවැත්වූවාය. නමුත් එය ජාතිය ඇමතීමක් ලෙස සළකන්නේ නැත.


බකිංහැම් මාලිගයේ සේවකයකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මහ රැජින සිය නිල රාජකාරී අතහැර එඩින්බරෝ ආදිපාදවරයා සමග බර්ක්ෂයර්හි වින්ඩ්සර් මාලිගයේ සිටින්නීය. මාර්තු මැද සිට ඇය පූර්ව ආරක්ෂාවක් ලෙස වින්ඩ්සර් මාළිගයේ නැවතී සිටියි.
ඇයගේ විශේෂ කතාව වින්ඩ්සර් මාළිගයේ දී පටිගත කර රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙහි දී කොවිඩ් - 19 වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් රැජින විශේෂ ප්‍රකාශයක් කරන බව ද බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයකු පවසා ඇත.
බ්‍රිතාන්‍යයේ පසුගිය පැය 24 දී වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 684කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,605කි. තහවුරු කරගත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 38,168ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ස්කොට්ලන්තයේ මරණ සංඛ්‍යාව 46කින් ඉහළ ගොස් ඇති අතර වේල්සයේ මරණ 24ක් අලුතින් වාර්තා වී ඇත.
බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 144ක වූ අවස්ථාවේ දී මහ රැජින විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එමගින් ඇය කියා සිටියේ බ්‍රිතාන්‍යය දැඩි අවිනිශ්චිත කාල සීමාවකට අවතීර්ණ වෙමින් සිටින බවයි. එම නිවේදනයේ දී ඇය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ හදිසි සේවා සපයන්නන්ට ප්‍රශංසා කළ අතර සෑම පුද්ගලයකුගේ ම කාර්ය භාරය ඉතා වැදගත් බව ද අවාධාරණය කර තිබිණි.
බ්‍රිතාන්‍ය ඔටුන්නේ හිමිකරු චාර්ල්ස් කුමරු දින 07ක් ස්වයං නිරෝධායනයේ ගත කිරීමෙන් අනතුරුව අද (03) මුල්වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.
 

ඒ රැජිනගේ බැල්මෝර් වතුයායේ පිහිටි ඔහුගේ නිවසේ සිට වීඩියෝ සබැඳියකින් රෝහලක් විවෘත කිරිමේ අවස්ථාවකට එක්වෙමිනි. නැගෙනහිර ලන්ඩනයේ එක්ස්එල් මධ්‍යස්ථානයේ  කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම රෝහල විවෘත කෙරිණි.  

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (13)

බ්‍රිතාන්‍ය මහ රැජින ජාතිය ඇමතීමේ සූදානමක්

de silva Friday, 03 April 2020 03:41 PM

මහා රැජින ඉදල හිටලා ජාතිය ඇමතුවට, ලංකාවේ නම් ජාතිය අමතන මිනිසුන්ගෙන් අඩුවක් නැත. බාර් වහල ඇදිරි නිතිය දමල තිබෙන නිසා මේ දවස්වල ලංකාවේ ජාතිය අමතන මිනිස්සු නැත.

:       0       113

Siri Friday, 03 April 2020 03:54 PM

සමහරවිට චාර්ල්ස් කුමාරට රජකම පැවරීමට විය හැකිය.

:       124       101

ප්‍රින්ස් චාර්ල්ස් - ලන්ඩන් Friday, 03 April 2020 09:13 PM

අපෝ මට එපා. මට කොරෝනත් හැදිලා ඉන්නේ. මට ටිකක් විවේකය අවශ්‍යයි. ඔන්න ඕක ලෝකයේ දුප්පත් රටක කාට හරි දීලා දාන්න. හැබැයි ශ්‍රී ලංකාව කියන දුපතේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර ගෙඩියෙකුට හෙම දෙන්න එපා. ඔවුන් දැනටම ඒ රට හොරාකාලා ඉන්නේ...

:       15       20

RaveendraSaturday, 04 April 2020 06:49 AM

කව්ද ඔබට කිව්වේ දියවන්නාවේ මීහරක් පට්ටියේ හොරු ඉන්නවා කියල? ඉන්නේ නියමම හාරත අම්බරුවෝ ටිකක් හොදේ... මේ නිකං පද හදන්න එපා තේරුනාද? ඔබ හිතුවද අපේ පිං වැල් ටික තනතුරු තානාන්තරවලට කෑදරයි කියලා ...

:       9       22

Eranga Saturday, 04 April 2020 12:48 AM

බ්‍රිතාන්‍ය රැජිනට මහ රැජින කියන්නෙයි අනෙක් රටවල රජවරුන්ට නිකං රජවරු කියල කියන්නෙයි ඇයි. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ Queen කියල විතරයි. ඇයි සිංහලෙන් අපි 'මහ' කියලා කියන්නේ?

:       0       80

de silva Saturday, 04 April 2020 01:41 AM

බ්‍රිතාන්‍ය රජකම කියන්නේ කිසිම දේශපාලන බලයක් නොමැති , අපේ රටේ පළාත් සබා මෙන් වාර්ෂිකව විශාල ලෙස ජනතාවගේ බදු මුදල් විනාශ රටේ ප්‍රගතියට එතරම් දායක නොවන ආයතන දෙකකි. මේ දෙකම අහෝසිකිරීමට කාලය පැමිණ ඇත .

:       1       63

Raveendra Saturday, 04 April 2020 04:15 AM

හිරු නොබසින රාජ්‍ය විසි එසේ හිරු නොබසින ලෙස තම යුද බලයෙන් යටත් කල සියලුම රාජ්‍ය වලින් සමාව ගන්න හදනවද මන්ද? හොරාකාපු ඔක්කොම ආපහු දෙනවා කියයි නේද? එහොම වුනොත් අපේ දැන් ඔය ඉන්න සත්ගුණවත් නිදන් වධුල පරිශීලනය කල උස, කොට පිළිබදව නිතරම ගැටළු ආව මෙන්ම ලගදී වෛද්‍ය විභාගය සමත් වුනු පුතාට නැවතත් නිදන් පිළිබදව පස්චාත් උපාධිය ලබාගන්න අවස්ථාවක්...

:       0       62

සරදියෙල් Saturday, 04 April 2020 06:09 AM

ඉක්මනට අමතන්න. අධිරාජ්‍යවාදීන්ගේ අවසානය සනිටුහන් වෙමින් පවතී.

:       1       65

de silva Saturday, 04 April 2020 06:58 AM

මේ රැජිනටත් අපේ රනිල්ට වගේ අවරුදු 90 කට වැඩිවෙලත් ඊළඟ පරම්පරාවට බලය දීල ගිහින් විවේක ගන්න අදහසක් නැහැ.තවමත් මේ ගොල්ලට කඩේ යන මෝඩ මිනිස්සු ලෝකේ පුරාම ඉන්නවා .

:       0       60

Walter White Saturday, 04 April 2020 07:38 AM

බ්‍රිතාන්‍ය රැජිනට මහ රැජින කියන්නෙයි අනෙක් රටවල රජවරුන්ට නිකං රජවරු කියල කියන්නෙ ඇයි? ඉංග්‍රීසියෙන් නම් කියන්නේ Queen කියල විතරයි. ඇයි සිංහලෙන් අපි 'මහ' කියලා කියන්නේ? එරංග එහෙම වෙලා තියෙන්නේ රැජිනගේ මවු රැජින ජීවත් වෙලා සිටි කාලයේ ලංකාවේ මිනිස්සුන්ට ඔවුන් දෙන්නා වෙන්කරලා තේරුම් ගන්න රැජිනට මහරැජින කිව්වා, මොකද දෙන්නාම එලිසබත් නිසා, දැන් ඒ නම සින්න වෙලා,

:       1       1

රුක්මාල් Saturday, 04 April 2020 07:59 AM

චන්ද්‍රිකා නෝනා, ඉස්සර ජාතිය අමතනවා වගේ තියේවිද?

:       0       0

මාර්ක් Saturday, 04 April 2020 08:02 AM

හිරු නොබසින අධිරාජ්‍යයේ උත්තරීතර පිදුමට ලක්ව සිටින එළිසබත් මහ රැජිනටත් අපහාස කරන කැනහිලුන් සිටින බව සිතමි. එය ඔවුන්ගේ වරදක් නොව පරපුරේ අමන ගතියකි. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමේ උඩඟුවෙන් පෙළුන අය තේඋගුර බොමින් සුද්දට බනින පුහු මහන්තත්වයෙන් පිරුණ රටකනේ අපිත් ඉපදුණේ.

:       83       9

de silva Saturday, 04 April 2020 09:35 AM

එංගලන්තේ මිනිස්සු රජපවුලට සලකන්නේ අතීතයේ එම පරම්පරාවෙන් රජවුණ රජවරු අපි වැනි යටත් විජිත රටවල් බලෙන් කොල්ල කාල එම ධනය එංගලන්තෙට ගෙනවිත් සුරපුරයක් කල නිසා කියමුකෝ , අපේ ලංකාව වැනි යටත් විජිතවල ජිවත් වෙන මිනිස්සු රැජිනට සලකන්නේ කුමක් නිසාද යන්න මට තේරුම් ගන්න බැහැ.?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 98 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 246 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 279 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 225 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 332 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 118 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site