IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියකට කල් දමයි

(රන්න චන්ද්‍රසේන ගමගේ)

එළඹෙන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට  බස්රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිලක් බස් රථ හිමියන් ගේ සංගම් කිහිපයක් විසින් ගෙන තිබූ තීරණය  සතියකින් කල් දැමීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් සංගම් නියෝජිතයෝ එකගතාවය පළ  කළහ.

පෞද්ගලික බස් රථ හිමියන් ගේ සංගම් 05 ක්  සමඟ මගී කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද (11)කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබීය.

තම බස්  කර්මාන්තය පවත්වාගෙන යාම  සඳහා පවතින බාධා පිළිබඳව ඇමැතිවරයා දැනුවත් කළ බවත්, එම කරුණු ඉදිරි කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් බස් සංගම් නියෝජිතයෝ පැවසූහ.

තම සංගම් වල ඉල්ලීම් වලට රජය ඇහුම්කන් දෙන්නේ කුමන  අයුරින් ද සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව  ඔවුහු පැවසූහ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ බස් සංගම් වල බොහෝ ඉල්ලීම් සාධාරණ බවත්, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන බස් ගාස්තු සංශෝධනය පිළිබදව සලකා බැලීමට මෙය කාලය නොවන බවත්ය. මේ වන විට මේ රටේ බහුතර ජනතාව කොරෝනා ප්‍රශ්නයත් සමග දැඩි ආර්ථික අපහසු තාවයකට මුහුණ දී සිටින බව පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසුවේ පෞද්ගලික බස් හිමියන් සදහා රජය ලබා දීමට යෝජනා කළ සහන සමහර මූල්‍ය  ආයතන විසින් ලබා නොදීම පිළිබඳව තමන්  ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්ය.

මෙම සාකච්ඡාව අගුණකොළපෑල්ස්සේ පිහිටි  අමාත්‍යවරයා ගේ නිවසේ දී පැවැති අතර ඒ සඳහා බස් සංගම් නියෝජිතයෝ 35දෙනෙක් පමණ සහභාගි වී සිටියහ.

(ඡායාරූප - අනීෂා මානගේ)

 



අදහස් (4)

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියකට කල් දමයි

chintakabandara Saturday, 11 July 2020 11:47 AM

කෝ එතකොට මාස්ක්?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 12:29 PM

ඇමතිතුමා.., ඔය බස් සංගම්වල කතාවට රැවටෙන්න එපා. ඔය කිව්වට ඒ ගොල්ලො තමන්ගේ බස් කීයටවත් ධාවනයෙන් ඉවත් කරගන්නේ නැහැ. මොනවද ඔට්ටු.. ඒවා ධාවනයෙන් ඉවත් කර ගත්තොත් මොකද බස් කියන ඒවා ගෙදර තියාගෙන කොට්ටෙට තියාගන්නද..? වාරික ගෙවීමට බැරුව ගොස් බස් අදාළ සමාගම් වලින් අරගෙන යනවා. මේ අය ඔය බොරුවට තමයි තව කල් ගත්තේ.. මේ බස් සංගම් පැවති හැම රජයක්ම බයකළා.. කොරෝනා නිසා මේ අය මට්ටුවෙලා තමයි මේ ඉන්නේ.. ඔය අනවශ්‍ය ඉල්ලීම් නොදී ත්‍රිරෝද රථ වගේ ඕනෑම කෙනෙකුට නීතිරීතිවලට අදාලව බස් දුවන්න ඉඩදෙන්න. එය තමයි විසඳුම. ත්‍රිරෝද රථ වලටත් මෙසේ දෙනවාද? ඒ මිනිස්සු කරන්නෙත් සේවයක්නේ.. මේ අය පසුගිය කාලේ අයුතු ලාභ ලැබුවා. මොකද ඒවා රජයට දුන්නද? ස්ට්‍රයික් කරලා ඉල්ලීම් දිනා ගත්තා මිසක්.. බස් සංගම්වලට රට පාලනය කිරීමට ඉඩ දෙන්නට එපා.. එසේනම් රජයක් කුමටද? රජය විසින් බස් සංගම් පාලනය කළ යුතුයි. සිදුවිය යුත්තේ එයයි.

:       0       0

දම් රජා Sunday, 12 July 2020 01:35 AM

අයින් වෙලා ඉන්න කියන්නකෝ... මොකද පහුගිය කාලෙමත් එයාල නැතුව මිනිස්සු ගමන් බිමන් ගියානේ... දවස් දෙක තුනක් ගෙවල් වල උන්නම මේ ලැබෙන ගාණත් නැති වුණාම බලෙන්ම ආපහු එන්න වෙනවා. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුව ඡන්ද නැතිවෙනවට බයට ඒ අය ඉල්ලන දේවල් දීලා නිකන් ඉන්නවා. මොකද මිනිස්සු ගැන හැඟීමක් ඔය හොර දේශපාලකයින්ට කොහොමත්ම නෑ.

:       0       0

wikcy Sunday, 12 July 2020 03:39 AM

හරි දැන් බලමු.. ආණ්ඩුවට යවන්න ඕනේ බස්රථ සංගමයද? නැද්ද? කියලා.. බස් තියා රජයේ දුම්රියවලවත් මිමි 1කවත් දුරස්ථ භාවයක් නැහැ. මේ ඇමැතිගේ කියවිල්ල විතරයි. ඡන්දෙ තියාගන්න මිනිස්සු මැරුණත් කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 368 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 761 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 919 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 507 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 196 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site