IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බසයේ පාපුවරුව ගැලවී යාමෙන් කොන්දොස්තර-මගියෙක් මරුට

( චමිල් රූපසිංහ සහ පි.ශාන්ත බංඩාර )
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා වන සමන්තුරේ පදිංචි ආර් සේකර් හා මොලගොඩ පදිංචි මගියෙකු බවද පොලිසිය පවසයි.

මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම බස් රථය පහළ  කඩුගන්නාව වංගුව අසලදි රථයේ ඉදිරි පා පාවුරුව කඩා වැටිම නිසා කොන්දොස්තරවරයා  මගියා බිමට වැටි ඇත. අනතුරුව ඉදිරිපස රෝදයට යට වී  දැඩි ලෙස තුවාල සිදුවි ඇති බව පොලීසිය කියයි.

 කොන්දොස්තරවරයාගේ දේහය හේනාවල ප්‍රාදෙශිය රෝහලේ හා මියගිය මගියාගේ  සිරුර මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.

  අත් අඩංගුවට ගත් බස් රථයේ රියදුරු මවනැල්ල රෝහලේ ප්‍රථිකාර ලබන බවත් පොලීසිය කියයි.

(ඡායාරූප -පි.ශාන්ත බංඩාර)



අදහස් (23)

බසයේ පාපුවරුව ගැලවී යාමෙන් කොන්දොස්තර-මගියෙක් මරුට

Raveendra Sunday, 09 June 2019 06:32 AM

අනේ මේ මොන තරම් අවාසනාවන්ත සිදුවීමක්ද ? මියගිය අපේම සහෝදර පුරවැසියන් දෙදෙනාට නිවන් සුව අත්වේවා !!! සෑම දෙයකම අඩු ලුහුඩුකම් විව්වෙචනය කරනවා නොහිතන්න...මහජන ප්‍රවාහනය සදහා යොදා තිබෙන බස්රථ ( ලංගම , පෞද්ගලික අංශයේ දෙකෙහිම )වැඩි ප්‍රමාණයක් සත්වයන් ප්‍රවාහනයටවත් සුදුසු නැති ඒවා බව බාලධාරීන්ට නොතේරෙන්නේ මන්ද ???මාර්ගයේ ධාවනයට යෝග්‍යද නැද්ද සොයා නොබලනවාද ??

:       1       165

JCN Sunday, 09 June 2019 07:01 AM

ඉතා ම ඉතා ම අවාසනාවන්ත සිදුවීමක්..

:       1       47

Sanath Sunday, 09 June 2019 07:13 AM

පාස්කු බෝම්බෙට කලින් මාර්ග අනතුරු රැල්ලකින් ගොඩක් මිය ගියා....පාස්කු උණුසුම ගියා විතරයි ආයෙම මාර්ග අනතුරු දවස ගානෙ...පුදුම නරක කාලයක්.

:       22       74

රජින්ද Sunday, 09 June 2019 07:22 AM

කෝච්චියේ වගේ නෙවෙයි බස්වල පා පුවරුවේ යන්න වෙන්නේ බස් එකේ එච්චරටම සෙනග ඉන්නවනම් තමයි. ඒ උනාට කොටි 17ක් දීල ලොක්කෝ සැප වාහනවල යන නිසා බේරුනා.. නැත්නම් පව් ඒ අහිංසකයොත් ඒගොල්ලන්ට ජන්දේ දීපු මිනිස්සු වගේ පා පුවරුවේ ගිහින් මැරෙන්න තිබුණා.

:       0       70

kanchana Sunday, 09 June 2019 07:24 AM

පුවරුව යට ටකරන් යටින් ශක්තිමත් බවට යකඩ බටයක් වත් දාල තිබ්බ නම් ඔහොම වෙන එකක් නෑ. බස් කොම්පැනියෙන් වන්දි ගන්න ඕනි කෝටි ගානක් . එකරලා මේ වගේ බස් අයින් කරලා දාන්න ඔනේ සේවයෙන්.

:       20       118

PrabaSunday, 09 June 2019 03:14 PM

මොන වන්දිද. පා පූරුවෙ ගමන් කිරීම තහනම් කියලා ඇඟ බේරා ගනී.

:       1       49

senevi@yahoo .com Sunday, 09 June 2019 08:04 AM

නිසි පරීක්ෂාවකින් තාෙරව ධාවනයට යෙදවු අයට දඩුවම් කල යුතුයි....

:       0       110

චුටි පුතා Sunday, 09 June 2019 08:18 AM

ඔය පා පුවරුවේ යන එකත් විලාසිතාවක් කරගත්තු කට්ටිය ඉන්නවා. විශේෂයෙන් කොන්දොස්තරලා. සමහරු බස් එකේ කොච්චර ඉඩ තිබ්බත් ඇතුළට එන නෑ. ඒ වගේම දැන්වත් ඔය පා පුවරුවේ ගමන් කිරීම තහනම් කිරීමේ නිතිය හරියට ක්‍රියාත්මක කරනවා නං තමයි හොද. මොකද පා පුවරුවටත් දරන්න පුළුවන් බරක් තියෙනවනේ.

:       1       101

ranjith Sunday, 09 June 2019 08:20 AM

ඔන්න ලංකාවේ පොදු ප්‍රවහනේ තත්ත්වේ ජනතාවට සේවය කරන්න කියල එන්නේ ඒ උනාට හම්බකිරීල්ල විතරයි...... හැම තැනම මේ අහිංසක ජීවිත වලට කවුද වග කියන්නේ ...... මොන අපරාදයක්ද අමු අමුවේ මෙහෙම මිනිස්සු මැරෙන්න අරින එක...... තව වෙඩි වදින්නේ නැති වාහන ගෙන්නන්න තමයි වලිකන්නේ......

:       0       115

pakeer Sunday, 09 June 2019 08:24 AM

හුඟාක් කණගාටුදායකයි...

:       0       5

kapila Sunday, 09 June 2019 08:24 AM

සනත්, කාලේ කිසිම වරදක් නැහැ. හරක් වාහන එලවන්න පටන් ගත්තම මේක වෙනවා. මේ ඩිපෝ එකේ ඉංජිනේරුවා හිරේ දාන්න ඕනේ... එය වාහනේ චෙක් කරලා පාරට දාන්න අවසර දෙන්න ඕනේ. මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කමට කාලෙට බැනලා වැඩක් නැහැ..

:       0       53

Lusena Sunday, 09 June 2019 08:33 AM

ලංගමේ බස් රථ නිසි නඩත්තුවක් තියා නිසියාකාරව සෝදා අතුගා පිරිසිදු කිරීමක්වත් කරන්නේ බොහොම කලාතුරකින්... මට්ටක්කුලිය ඩිපෝවේ කාර්මික අංශය මෙයට වගකිවයුතුයි. වහාම පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න.

:       18       139

Nimal Sunday, 09 June 2019 09:01 AM

පාපුවරුව නිකම් ගැලවුනේ නැහැ... වම් පස පාර අයිනේ ගලක වැදිලා එ්ක කැඩිලා ඒ දෙන්නා මැරෙන්නේ... නැතිව බස්වල පාපුවරු නිකම් වැටෙන්නේ නැහැනේ...

:       53       3

Soma dubayi Sunday, 09 June 2019 09:08 AM

මේ රියදුරන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ.

:       12       1

Ranjan Sunday, 09 June 2019 09:15 AM

අවුරුදු 30-40-50 පරණ මේ වාහන ගැන කුමන කතාද? වෙඩි නොවදින වාහන 3 විරුද්ධ පක්ෂ නායකයාට තියාගෙනත් තව වාහනයක් ඉල්ලන රටක් මේක... එක්කෙනකුට එකවර එක වාහනයක යනවා හැර වාහන 3, 4ක යන්න පුළුවන්ද?

:       1       18

Jayalal dissanayaka Sunday, 09 June 2019 09:25 AM

පව් ජීවිත... මේක තමයි දැන් රටේ තත්වය...

:       15       104

ආනුරාධ Sunday, 09 June 2019 12:12 PM

හරියාකාර නඩත්තු නොමැතිකමේ ප්‍රතිපල. ඒ වගේම දරාගත හැකි ප්‍රමාණයට වඩා මගීන් ප්‍රවාහනයෙන් මෙම රථ වලට එය දරාගත හැකිද?

:       0       1

සනා Sunday, 09 June 2019 12:52 PM

කමක් නෑ සුඛෝපබෝගී බස් 17ක් ලංගමට ගෙනෙනවනේ

:       0       46

ලලිත් Monday, 10 June 2019 01:22 AM

මේක රියදුරාගෙ වරදින් සිදුවුන අනතුරක්.

:       1       0

rohana kumara mendis Monday, 10 June 2019 07:13 AM

අනේද කියන්නේ ජනතාවගේ ගමන් පහසුව තියා තියෙන බස්රථයක්වත් අලුත්වැඩියා කරන්නේ නැහැ. කතාවට ගියාම හැමදාම බස් රථ ගෙන්වන නිසා නඩත්තුවක් වත් නැහැ. තියෙන කෑලිත් ගලව ගලවා විකුණනවා. ලංගම ඉන්න සේවකයෝත් මේ සේරටම වග කියන්න ඕනෑ..

:       0       0

සමීර Monday, 10 June 2019 08:37 AM

ප්‍රමිතියෙන් තොර වාහන අධික ලෙස ප්‍රමාණයට වඩා මගීන් පැටවීම නොසැලකිලිමත්කම, මුදලට ඇති තණ්හාව, අධික වේගය මේ ඔක්කොගේම අවසන් ප්‍රතිඵලය...

:       0       0

PA - RA Wednesday, 12 June 2019 04:45 AM

මෙය බස්රථ නොව ලොරි බොඩි බස් රථය, වෙන රටවල බස් රථද, දැන් ඉන්දියාවේ සාදන බස් රථද විදේශ රටවල අනුව සකස් කර ඇත. නමුත් ලංකාවේ නොමැත. තවද මගින් නංවනු ලබන්නේ බසය ඉදිරි දොරටුවෙන් වන අතර බැස්ස වන්නේ පිටුපස දොරෙනි, නගරාන්තර බස් රථ වල දොරටු 3 ක් ඇත, බලන්න උදා හරණයක් වශයෙන් ඩුබායි නගරය, ඩුබායි ට්‍රාන්ස්පෝට් ඔතෝරටි බලන්න (කෙසේ වෙතත් මෙම බස් රථයේ කොන්දොස්තර සිටිය යුත්තේ පිටු පස දොරටුවේය, මගියා පාපුවරුවට යායුත්තේ බසය නැවත් වීමේදීය)

:       0       0

Siri Wednesday, 12 June 2019 12:10 PM

බස් රිය ගමනට සුදුසුද පරීක්ෂා කරන්නේ රියදුරු නොවේ. එයට වෙනමම නිලධාරියෙක් ඉන්නවා ගරාජ් එකේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 108 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 125 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 111 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 310 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 691 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site