IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි නියෝගයක්

 
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  දැනුම්දී ඇතැයි  ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
 

කෙසේ වෙතත් පොලිස්පති  පුජිත ජයසුන්දර මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවට මාධ්‍ය මගින් වාර්තා කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනයක්  නිකුත් කරමින් පවසයි.

එය අසත්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිවේදනය කර ඇති බව එම නිවේදනයේ තව දුරටත් දැක්වේ.     

 

එම නිවේදනය පහත  දැක්වේ 

 
 
(36698)



අදහස් (30)

පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි නියෝගයක්

KANDEPOLA Thursday, 20 September 2018 04:02 AM

තැනක හැසිරෙන්න දන්නේ නැති, තමන් කියන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙක් මේ වගේ රටේ ඉහළම තනතුරක් දරනකොට, ඒ රටට හොඳක් වෙයිද ?

:       665       504

Cisco Thursday, 20 September 2018 04:21 AM

කාලෝචිත තීරණයක්...... මෙයා මීට කලකට ඉහත ගතයුතුව තිබූ තීරණයක්.............. පසුව හෝ මේ තීරණය ගැනීම වැදගත්......

:       715       455

ඇත්ත සත්‍යපාල Thursday, 20 September 2018 08:41 AM

එහෙම වුනේ නාලක සිල්වාගේ කුමන්ත්‍රණය නාමල් කුමාර හෙළි කරන බව දැනගත්තට පස්සේ ඔලුව අවුල් වෙලා. නාමල් කුමාර මේක මාධ්‍යට හෙළි කරන්නට පෙර ඉහලම තැනක් සමග සාකච්චාකර ඉහලම තැනගේ ඉල්ලීම මත මාධ්‍ය සාකච්චාව පැවැත්වූ නිසා කිසිවක් කර කියා ගන්නට බැරුව ඔලුව අවුල් වුනා. ඒකයි සත්‍ය.

:       16       56

Raawana Thursday, 20 September 2018 04:22 AM

අනේ වාසනාවන්! දැන් ඉතින් පෙරහරේ නටන්න තව කෙනෙක් එකතු කර ගන්න පුළුවන්.

:       112       180

Rasi Thursday, 20 September 2018 04:25 AM

නිසි ගෞරවය ගෙන විශ්‍රාම යාමට සිටි නිලධාරියෙක්, තම නිලය නිසා කරන්නේ කුමක්ද යයි නොදැන ගැනීම නිසා පොලිස් ඉතිහාසයේ අප කීර්තිමත්ම පොලිස්පති ලෙස විශ්‍රාම යාමට සිදුවීම ඉතාම ඛේදනීයයි!

:       89       351

ajith Thursday, 20 September 2018 04:28 AM

අර කතා කරපු හැටියට සති දෙකත් වැඩියි. බලමු මොකද්ද වෙන්නේ කියල.

:       2       369

ලව්චින් Thursday, 20 September 2018 04:32 AM

එතුමා පොලීසිය ජෝකර් මඩුවක් බවට පත් කළා. තමුන් යම් මානසික ව්‍යාධියකින් පෙළෙන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකට කළා. ලාබ ජනප්‍රියත්වය පසු පස ගොස් පොලිස්පති කමේ ගෞරවය කෙළෙස ගත්තා. මෙය ඉතා ම කළින් ගත යුතුව තිබූ තීරණයක්.

:       8       410

Sam Thursday, 20 September 2018 04:37 AM

අරයත්, අරයත් හැර තව කාටවත්විහිළු සැපයිය හැකිද? නැත,කොහෙත්ම නැත

:       0       117

හමා Thursday, 20 September 2018 04:38 AM

මුලින්ම මෙයා ඊලගට නියෝග කළ දෙන්නා

:       0       330

vish Perera Thursday, 20 September 2018 04:45 AM

අදවන විට පොලිසියේ අවංක සේවකයෝන් ඉන්නේ පී සී සහ පී එස් තනතුරේ පමණි.

:       1       121

sanath Thursday, 20 September 2018 04:51 AM

සැලසුමක ප්‍රථම පියවර. අපි බලා සිටුමු.

:       178       229

නිමල් Thursday, 20 September 2018 04:55 AM

"ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග " මෙය ජනපතිගේ වැඩක්. ඉල්ලා අස්වුවහොත් පෙන්සන් නැත. බලෙන් විශ්‍රාම යැවීම හෝ කැමැත්තෙන් විශ්‍රාම ගැනීම පුළුවන. රට පාලනය කරන්නේ ඒකාබද්ධයද? ඔවුනට ඕන ඒවා ජනපති කරන බව පෙනේ.

:       613       560

sam Thursday, 20 September 2018 05:00 AM

මුල ඉඳලම නැටුවා වැඩියි........

:       67       749

Sunil Thursday, 20 September 2018 05:21 AM

මේක හරි...... මේ විහිලුකාරයන් එලියෙන් තබන්න .... සමස්ත පොලිස් අධිකාරියටම අපහසයක්

:       177       509

nuwan Thursday, 20 September 2018 05:28 AM

නැව්ව මදි උනාද මන්දා?

:       202       532

kassi Thursday, 20 September 2018 05:52 AM

මේක නැටුමක ප්‍රතිඵල නෙමෙයි. නාලක යට ගහන්න වැඩක්.

:       5       83

කනිෂ්ක Thursday, 20 September 2018 06:06 AM

බෞද්ධ දර්ශනය වැරදියට වටහගත්ත ඊනියා ලබ්ධිකයො නිසා තමයි මේ රට ලොවෙත් නැති කවදාවත් හදන්න බැරි රටක් වෙලා තියෙන්නෙ.පොලිස්පතිගෙ නැටුමෙන් අපිට ඇති වැඩේ මොකක්ද.බැරක් ඔබාම රෙඩ් කාපට් එකේ නැටුව.පුටින් මාළු බානව ඡායාරූප තියෙනව.අපේ සංස්කෘතිය බුම්මගෙන ගල් පිලිම වගේ ජීවත් වෙන එකද?ලැජ්ජාව සබකෝලය සංස්කෘතිය විදියට හරවගත්ත නිසා තමයි මේ රටේ මේ තරම් ලෙඩ්ඩු ඉන්නෙ.කරාබුවෙ හැට්ට කට්ටෙ ඉඳන් ගෑනු විවේචනය කරන ගෑනුන්ගෙ ඇද කුද හොයන පිරිමි ඉන්න රටක් මේක.ගැහැණිය විඳින්න ගැහැණිය අගය කරන්න දන්නෙ නැති රටක් දියුණුවෙන්නෙ කොහොමද.බොරුවට විරහ ගීත කිය කිය අඬ අඬා හිටියට ගෑණු දන්නව මේක පිරිමියගෙ අඩුවක් කියල.සංස්කෘතිය වැරදියට අල්ලගත්තම ශරීරය විකෘති වෙනව.ටෙස්ටස්ටරෝන් අඩුවෙනව.ඊට පස්සෙ බය ඇතිවෙනව.බය නැතිකරගන්න මිනිස්සු ප්‍රචන්ඩකාරී වෙනව.හෙළුව වහගන්න ගෑණු සංස්කෘතිය ආගම ඇතුළෙ හිරකරනව.මේකයි ලංකාවෙ අවුල.

:       693       563

Sampath Thursday, 20 September 2018 06:11 AM

නෑ මන් හිතන්නේ නැවිලා වැඩි වෙලා පැලුනා...

:       55       126

Senevirathna Thursday, 20 September 2018 06:23 AM

අඩු වයසේ ශූරයෙක් හිටියමා මතකයි..... පෙර කාලේ...... හැබැයි ඉල්ලා අස්වුනාට කොහෙද කානාපති කමක් ලැබුණා...

:       17       86

ජොන්ස්ටන් Thursday, 20 September 2018 06:37 AM

දැන් තිබෙන්නේ ඒකාබද්ධයේ රජයක්. ජනපති - සිරිසේන, අගමැති - නාමල්

:       85       82

රත්රන් අබේගුණසේකර Thursday, 20 September 2018 06:47 AM

1. පසුගිය දිනවල කුඩු ඇල්ලීම වැරදිය 2. නාමල්ගේ කොළඹ වැටලීම දී පොලිසිය වෙඩි නොතැබීම, කදුළු ගැස් නොගැසීම, බැටන් ප්‍රහාර නොදීම, කිරි පැකට් පරික්ෂාව නොකිරීම , වැරදිවේ. නාමල් ගේ සහ ඒකාබද්දයේ තීරණය මොහු සේවයෙන් පහ කිරීමයි. විහිලු සැපයීම කරයි.(උදා: 2015 මහින්දට මැදමුලනට යාමට හෙලිකොප්ටර දීම )

:       551       293

දිගජන්තුThursday, 20 September 2018 08:46 AM

රන්ජන්ලගේ හීන ලෝක කඩා වැටෙනකොට රන්ජන්ලා නන් දොඩවනවා.

:       30       155

සතයපාල Thursday, 20 September 2018 06:51 AM

ඔස්ට්‍රියාවේ තනාපති ධුරයේ පුරප්පාඩුවකුත් තියනවා !

:       297       143

vipula Thursday, 20 September 2018 07:13 AM

ජනතාව හරි හමන් පුද්ගලයන්ට ඡන්දෙ දුන්නේ නැහැ . පත් වුණු අය හරි හමන් නිලධාරීන් පත් කරගත්තේ නැහැ 2015 පසු පත්කිරීම් හා ඉවත් කිරීම් වලටම කාලය ගිය මිසක් හරි හමන් සංවර්ධනයක් රටට සහනයක් අත්කරගන්නා බැරි වුණා.

:       150       377

vipula Thursday, 20 September 2018 07:49 AM

කවුරු මොනවා කිව්වත් මෙතුමා දක්ෂ නිලධාරියෙක් .....

:       321       483

Senarath Thursday, 20 September 2018 07:55 AM

මේ නිලධාරිය යවන්න තිබුනේ මීට කලින්. පොලිස් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක නොකර පොලිස් අධිකාරිවරයෙකුගෙන් ප්‍රසිද්ධියේ පලිගනිපු, බොරුවට පොලිස් කොස්තාපල්ලට භාවනා කරවන්න සලසපු, ප්‍රසිද්ධියේ නිතිය නමනවා කියපු මෙහෙම පොලිස්පති කෙනෙක් කවදාවත් හිටියේ නැහැ.

:       59       306

kamal Thursday, 20 September 2018 09:21 AM

මේ රටේ වැඩ දැන් යන්න මල් පොහොට්ටුවට ඕනා විදිහටයි ...

:       31       85

chana Thursday, 20 September 2018 10:36 AM

කමල් ඔබ හරි. 2015 යහපාලනය පටන් ගන්නකොටම මට හිතුන මෙහෙම වෙනවා කියල . කරන්න දෙන්නෙම නැහැ.වැරදී ගොඩක් තියනවා මෙයාලගේ. කරපු හොඳ වැඩත් තියනවා. රාජපක්ෂලාට බලය දුන්නොත් මේ විදියටම ලියන්න වෙයි අවුරුද්දක් යන්න කලින්.එයාල මොන ව්දියකින් හරි අව්රුදු 50 හරි බලයේ ඉන්න වේද හද ගනීවි. නාමල්ගේ දරුවොත් අගමැති කරලා තමා පස්ස බලන්නේ .අායෙමත් අහු වෙලා පසු තැවෙන්න වෙන්නේ.උගත් බුද්ධිමත් නිර්පාක්ෂික පිරිසක් එකතු වෙලා යමක් කලොත් ගොඩ යන්න පුළුවන් අපේ රට

:       657       307

vipulaThursday, 20 September 2018 11:04 AM

දැන් නිර්පාක්ෂික ලිඡ්චාවි යහපාලනය යන වචන වලට ඡන්දෙ දුන්නේ. අන්තිමේදී මොකද උනේ . රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාවන් සාක්ෂාත් කරගන්න මිසක් වෙන දෙකට නොවේ .

:       2       30

disanayaka Thursday, 20 September 2018 12:00 PM

ගරු පොලිස්පතිතුමනි, ඔබතුමා ඉහලටම ආවේ ඔබතුමාගේ දක්ෂකමින්, උත්සාහයෙන් මේ මව්බිම හදන්න බැනේ දේසපාලුවන් ඉන්නතුරාවට. ගරු පොලිස්පතිතුමනි, ඔබතුමාට ජයවේවා. ගන්න තීරණයක් ගන්න. සත්‍ය ජයගනිවී, බලන් ඉමු අපි.

:       0       46

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 129 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 381 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 851 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 182 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 230 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 652 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site