IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

නොච්චියාගම පොලිසියට ලැබුණ තොරතුරක් මත  සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය  විශාල තොගයක් සමඟ සැකකරුවන් අට (08)දෙනකු අද (23) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු 314 ක්  ,ඇමෝනියා කිලෝ ග්‍රෑම් පන්සියයක් (500 ) ,    පුපුරුවා  හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක්  පොලිසිය විසින් සොයා ගෙන ඇත. 

නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලිසිය විසින් පරික්ෂා වට  ලක් කළ අතර එම නිවස තුළ  තිබි  මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි.

මේ අවස්ථාවේ නිවසේ සිටි සැකරුවන් හය දෙනකු ද  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වෑන් රථයක් හා එහි සිටි කාන්තවක් සමඟ තවත් සැකකරුවකුද   අත් අඩංගුවට ගත්  බව පොලිසිය පැවසිය. 

අත්අඩංගුවට ගත්  සැක කරුවන් අතර සිටින එක් සැකකරුවකු පසුගිය  ප්‍රාදේශීය  සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයෙකි.   

මෙම    පුපුරණ ද්‍රව්‍ය තොගය  තිබු නිවසේ හිමි කරු මිට පෙරද පුපුරණ ද්‍රව්‍ය ළග තබාගෙන සිටීමේ වරදට අධිකරණය මගින් දඩුවම් ලැබූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය  වී තිබේ.

නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ  නිෂ්ක්‍රීය අංශයේ නිළදාරීන් එක්ව  මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී.

 තබුත්තේගම සහකාර පොලිස් අධිකාරී අනුර ද සිල්වා මහතාගේ උපදෙස් මත නොච්චියාගම පොලිස්ථානාධිපති ප්‍ර.පො.ප.ප්‍රසාද් ජතිලක මහතාගේ මුලිකත්වයෙන් වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කෙරේ


    
  



අදහස් (1)

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 23 April 2019 10:02 AM

මෙවැනි අවස්ථාවල ඕවැනිදේ පොලිසියට බාරදීමයි කළයුතුව තිබුනේ. අදාළ ලියකියවිලි මොහු ඉදිරිපත් කරාවිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 232 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 559 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 405 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 465 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1054 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1855 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site