IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාඨලීට එරෙහිව නීතිපති මහධිකරණයේ නඩු පවරයි

(මනෝප්‍රිය ගුණසේකර)

රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදු වූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පක රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඔ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී.

පළමු නඩුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිවද දෙවැනි නඩුව පාඨලී චම්පක රණවක මහතාට මෙන්ම එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පක රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිවද නීතීපතිවරයා විසින් ගොනු කරන ලදී.

2016 පෙබරවාරී මස 28 ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් ධාවනය කරමින් පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම යටතේ පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.

දෙවැනි නඩුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති  සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව චෝදනා නඟා ඇති අතර චෝදනා 16 ක් යටතේ එම නඩුව පවරා ඇත.

2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සැදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා  බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ  සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට  පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.

 

 

 

 



අදහස් (27)

පාඨලීට එරෙහිව නීතිපති මහධිකරණයේ නඩු පවරයි

chandana Friday, 10 July 2020 07:27 PM

නාටකය ආයෙම පටන් අරගෙන... කුසල් මෙන්ඩිස් හප්පලා පලාගිහින් බාරවුණා. පහුවෙනිදා නිදහස්. මේවගේ බාල වැඩ නිසා ඡන්දෙ තව අඩුවෙනවා.

:       0       0

Champa Friday, 10 July 2020 08:01 PM

රැල්ලට බය නම් වැල්ලට එන්නෑ කියපු පක්ෂෙ නේද? ඔන්න මං හිතන්නේ දැන් මුහුද හෝ හෝ ගෑම නවත්තලා රැල්ල ගහන්න වගේ යන්නේ. වාරකන් කාලේ හින්දා සැර වෙන්නත් පුළුවන්...

:       0       0

ranjith Saturday, 11 July 2020 12:07 AM

මේවගේ කඩිනමින් මහබැංකු හොරුන්ට දඬුවම් දෙනවා නම් හොඳයි නේද?

:       0       0

Buddika Saturday, 11 July 2020 01:11 AM

ක්‍රීඩකයෙක් බීමතින් වැරැදි පැත්තෙන් රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් කරද්දී, ඔහු නිදහස් වෙන්නේ පැය 12ක් ගතවීමටත් පෙර.. මිනීමැරුමක් සහ බීමතින් රිය පැදවීමක් නොවන සාමාන්‍ය අනතුරක් කළ පාඨලීට මහාධිකරණයේ නඩු. තාජුඩීන් ඝාතකයා අදත් නිදැල්ලේ ගැලවුම්කාරයා වීමට පෙරුම්පුරමින් සිටී.

:       0       0

sadis Saturday, 11 July 2020 01:13 AM

උස්තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ... ලංකාවේ නීතියබව දැනගන්නේ... මගේ පුතා නිදියන්නේ...

:       0       0

Prasad Saturday, 11 July 2020 03:01 AM

ඔබතුමා විපක්ෂ දේශපාලකයෙක් නොවී, ආණ්ඩුවට හිතැති ක්‍රිකට් ක්‍රීඩකයෙක්, නීති සිසුවෙක් වුණා නම්...

:       0       0

Don Saturday, 11 July 2020 03:12 AM

ඔබ කරුණාත් සමග මොකක්ද කරන්න යන්නේ?

:       0       0

Kamal Saturday, 11 July 2020 03:47 AM

නඩුවෙන් ටිරාන් නිදහස් වේවි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 July 2020 04:23 AM

කරුණා අම්මාන්ට එහෙමයි... අනේ... !!! පාඨලීට නම් මෙන්න මෙහෙමයි එහෙනම්...

:       206       1868

NishanSaturday, 11 July 2020 10:11 AM

මේ රටේ මහජන මුදල් විනාශ කරපු බංකොලොත් ආයතන නගා සිටුවා ලාභ ලබන තත්වෙට ගෙනාපු කෙනෙක්. ඒ හැකියාව තියෙන්නේ ඔහුටම පමණයි.

:       0       0

liyanage Saturday, 11 July 2020 02:11 PM

මොහු බස්රථ වලට නගිනා විරිදු කියන්නකු වැනිය. එක බසයකින් (දේශපාලන පක්ෂයකින්) බැස ගන්නා ඔහු වෙනත් බසයක් තෝරාගනී. බසයට නැගීමට පෙර බසයේ ඉතිහාසය, වටිනාකම, ගුණාත්මක බව ඉහළින්ම වර්ණනා කරනු ලැබේ... ඉන්පසු බසයට නැගගන්නා මොහු රියදුරුට දෙන්නේ ඉහළම වර්ණනාවකි. මොහුගේ මෙම කපටි වර්ණනාවට බොහෝ රියදුරන් මෙන්ම මගීන්ද රැවටෙයි. මේ වනවිට ඔහු ඔහුගේ ගාන කපාගෙන හමාරයි. සෙමෙන් සෙමෙන් බසයේ ගමනාන්තය කිට්ටුවනවිට මොහුට බසයේ දෝස පෙනෙන්නට පටන් ගනී... රියදුරුගේ ක්‍රියාකලාපය සහ සියල්ල මොහුට පෙනෙන්නේ උඩුකුරු.., යටිකුරුවය සියල්ල විවේචනය කිරීමට පටන් ගනී. පටන් ගත්තේ මොන දේශපාලනයෙන්ද අවසාන වන්නේ කුමන පක්ෂයෙන්ද කියාවත් ප්‍රතිපත්තියක් නොමැති වවුලන් දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීමට කාලය එළඹ ඇත. ප්‍රධාන පක්ෂවලට මොහුට නුදුරු මැතිවරණවලදී නාමයොජනා ලබා නොදෙනු ඇත. සුදු රෙදි පොරවාගෙන ජනතාව රවටමින් සිටින මොවුන් කුඩා වාසි තකා ප්‍රධාන පක්ෂවලට සහභාගි කරගැනීම එම පක්ෂ කරගන්නාවූ ලොකු වරදකි.

:       1112       355

RaveendraSaturday, 11 July 2020 04:47 PM

ඔබගේ ව්ග්‍රහය බැටළු හම පොරවාගත් වෘකයින්ට ඉතාමත්ම හොඳින් ගැලපෙන බැවින් අප එය අගයන්නෙමු.. සෑම උගතෙක්ම බුද්ධිමතෙක් නොවෙන බවට එය නැවතත් මනාවට ඔප්පුකර ඇත.

:       0       0

NishanSunday, 12 July 2020 12:09 AM

ඔබ රජ පවුලට ස්වයං වහල් සේවයේ යෙදෙනා වහලෙකු වැනිය...

:       0       0

සපුමල්.Sunday, 12 July 2020 05:16 AM

ලියනගේ මහතා, ඒක එහෙමයි කියමුකෝ... ඒත් ඔබතුමාට කරුණා අම්මාන්ගේ 2000ක්, 3000ක් මරපු එක ගැන කිසිම සංවේදී හැඟීමක් ඇති වෙලා නැහැනේ... හරිම පුදුමයිනේ.. කරුණා දිහා බලන විට පාඨලී කවුද..? කරුණාකර ඒ ගැනත්, සිතා බලන්න... ස්තුතියි.

:       0       0

ajith# Saturday, 11 July 2020 04:40 AM

අහිංසක මිනිස්සුන්ව අබ්බගාතයින් බවට පත්කරලා තව ඇම්බැට්ටයොත් එක්ක ලොකු බොරුවකුත් ගොතාගෙන තමයි මෙයා මේ ජාතික ආණ්ඩුවකින් සැරසිලා දැන්මෙයාගේ බලය පෙන්වන්න ලෑස්තිවෙලා ඉන්නේ. ධනය රාජසන්තක වෙලා.... බලය නැතිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා...

:       4471       1481

Nishan Saturday, 11 July 2020 07:03 AM

නඩුවේ චෝදනා ඇතුලේ තීන්දුවත් ලියවිලා තියෙනවා. නීතිපති නඩුව දානවා වැරදිකරු කරලා. අධිකරණයට කරන්න දෙයක් ඇත්තේම නෑ වගේ...

:       2       298

shanaka Saturday, 11 July 2020 07:45 AM

පාරෙ මිනිහෙක් මරලා දවසින් ඇපගත්තා... අනේ මන්දා ලංකාවේ නීතිය..

:       1       655

Sanka Saturday, 11 July 2020 07:49 AM

මෙතුමා වගේ උගත් අය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යා යුතුයි. මෙතුමා වගේ අය රටකට සම්පතක්... දැන් ඉන්න බේබද්දොයි, පස්වැලි හොරුයි, කප්පන් කාරයෝයි, බුකී කාරයෝයි, කුඩු මුදලාලිලයි තමයි අපේ ඡන්ද දායකයෝ පාර්ලිමේන්තු යවන්නේ. අහෝ..!!! මේ රටට ගිය කලක්. අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරුවෙයිද මෙහෙම ගියොත්...

:       1681       5887

NishanSaturday, 11 July 2020 10:15 AM

ඔබේ කොමෙන්ටුවට ඩිස්ලයික් දාපු අයගේ ප්‍රමාණෙන් දැනගන්න පුලුවන් මේ රට කොච්චර අරාජික වෙලාද, පිරිහිලාද කියන එක...

:       0       0

නෙවිල් Saturday, 11 July 2020 07:53 AM

ටිරාන්ගෙන් ඇහුවොත් කියා දෙයි...

:       6       735

kamal Saturday, 11 July 2020 08:27 AM

කවුරු ආණ්ඩු කළත්, ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නැතිව කැඩුවාම ඒක අමතක කරලා දාන්නත්, විරුද්ධ පක්ෂයේ කෙනෙක් නීතිය කැඩුවාම එයාට මරණ දඬුවමත් දිය යුතුයි.

:       60       76

Raveendra Saturday, 11 July 2020 08:47 AM

අපට නම් මේ " කාගේවත් " හිඟන පක්ෂ ශත 5කට විශ්වාසයක් නම් කොහෙත්ම නැත.. නමුත් මොහු හතර පෝයට අට සැරයක් සිල් ගන්න කෙනෙක් බව තමා විසින්ම මනාලෙස ඔප්පු කර ඇති බව පැහැදිලිය. කෙනෙකුව අබ්බගාතයෙක් කිරීම මෙලොවදීම මෙම සිල් රකින්නාට තේරුම් ගැනීමට නොහැකිවීමම ඇති මොහු බොරුවට සිල් රැකීමක් කරන බවට...

:       1805       1673

wicky Saturday, 11 July 2020 10:11 AM

අජිත් සහ රවීන්ද්‍ර යන අයගේ අදහස් පක්ෂග්‍රාහී බවයි මට නම් හැඟෙන්නේ... මේ අධිවේගී යතුරු පැදිය ලංකාවේ මහාමාර්ගවල ධාවනය කිරීමට ලංකාවේ නීතිය අනුව තහනම් බව ඔබලා දන්නවාද? ඔබලාගේ වාහනයක පිටුපසින් මොනයම් වාහනයක් හැප්පුණොත් ලෝකයම අනුගමනය කරන නීතිය ක්‍රියාත්මක කරනවද? හප්පපු කෙනාට අනුකම්පා කරලා ඔහු වෙනුවෙන් කටයුතු කරනවද?

:       0       0

කමල් Saturday, 11 July 2020 12:54 PM

වාහනය නොනවත්වාම ධාවනය කලා මෙන්ම වෙනත් පුද්ගලයකු වැරදිකරු ලෙස ඉදිරිපත් කිරීමත් ඉතාම බරපතළ වරදක් වේ... කරලා තිබුණු වංචා මගඩි සියල්ල බැලුවාම කිසිම සමාවක් දෙන්න වටින්නේ නැහැ.

:       332       280

විපරමා Saturday, 11 July 2020 03:07 PM

ඔවුන් බලයේ ඉන්න කොට මොවුන්ට නඩු දැම්මා. මේ අය බලයේ ඉන්න කොට හිටපු අයට නඩු දානවා. අපිටත් මේ රඟපෑම් බලබලා ඉන්ඩනේ සිද්ද වෙන්නේ?

:       0       23

BamunuarachchiSunday, 12 July 2020 04:35 AM

ගිය ආණ්ඩුව කාලේ නඩු දැම්මේ ඒ රජයයි. නඩු ඇසුවෙත් යහපාලක ආණ්ඩුව පත්කළ විනිසුරුවන් ඒ නඩුවලින් විත්තිකාරයින් නිදහස් වුණානම් ඒ විත්තිකරුවන් අහිංසකයින් නිසා... මේ රජය නඩු දමන්නේ මුලු රටම දන්න මාර්ග අනතුරකින් පලාගොස් තම දේශපාලන බලයෙන් බේරුණු දේශපාලකයෙකුට... නඩුව අසන්නේ ඒ විනිසුරුවන්ම තමයි... බලමු මොකද වෙන්නේ කියලා... අවුරුදු 10ක්වත් ඇතුළට යනවා නම් හොඳයි..

:       0       0

Saranapala. Saturday, 11 July 2020 06:03 PM

වටපිට අවධානය නොකර පිටුපස කණ්ණාඩියෙන් නොබලා පසුපසින් ධාවනය කරන එක ගැන නොසිතා එකවරම පාරමැද නතර කිරීම නීතිවිරෝධියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 344 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 717 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 887 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 483 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 532 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 190 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site