IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 1543කට නඩු


 
 
 
 
( ජුඩ් සමන්ත සහ තිළිණි ද සිල්වා )

 
උත්සව සමයේ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 512 ක් මිනිස් පරිභෝජනයට නුදුසුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 1543 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 
 
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමක් සිදුකර ඇත. එහිදී ව්‍යාපාරික ස්ථාන 25,600 කට වැඩි  ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට තිබේ.
 
සංචාරක හෝටල්, සුපිරි අලෙවිසල්, සිල්ලර අලෙවිසල්, සංචාරක ව්‍යාපාරිකයින්,අවන්හල්,ඇතුළු ව්‍යාපාරික ස්ථාන ඒ අනුව පරීක්ෂාවට ලක්කර ඇත. එම ව්‍යාපාරික ස්ථානවල තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් 1,45,60,000 ක් වටිනා ආහාර තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. 
 
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ, අලෙවි කිරීම සඳහා ප්‍රර්ශනය කර සහ ගබඩා කර තබා ගෙන සිටි ව්‍යාපාරික ස්ථාන 25 කට මුද්‍රා තැබීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. 
 
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයින් අතරින් අධිකරණ හමුවේ නඩු පවරා මේ වන විට අවසන් වී ඇති නඩුවලින් පමණක් රුපියල් 27,65,500 ක මුදලක් දඩ මුදල් ලෙස රජයට අය වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. 



අදහස් (1)

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 1543කට නඩු

A.Samathasena. Wednesday, 18 April 2018 08:37 AM

අද පී.එච්.අයි මහත්වරු හුඟාක්ම දක්ෂ නඩු දාන්නයි. දඩ ගහන්න පමණයි. නුසුදුසු ආහාර ගැන එසේ කිරීම හොඳ දෙයක්... එසේ වුනත් කලින් කලට වැඩමුළු තියලා, වෙළෙන්දන් දැනුවත් කොට, මේ වැඩේ මීට හොඳින් කරන්න පුළුවන්. එතකොට පොලීසිය නැතිව ගියත් ගුටි කන්න වෙන්නේ නැත. දඩ මුදලින් කොටසක් ලැබෙන නිසා බොහෝ නිලධාරීන් මෙවැනි වැටලීම්වලට දක්වන්නේ දැඩි උනන්දුවක්. කලකට ඉහතදී දකුණේ නිල්වලා ගඟ අවට බඩේ අමාරුවක් පැතිරුණා. මේ අය කිසිඳු පරීක්ෂණයක් නොකර දෙනියාය, කොටපොල, මොරවක, අකුරැස්ස හා තවත් ප්‍රදේශවල වෙළඳසල් වල තිබූ මස්, මාළු ආදී බොහෝ දේ භූමිතෙල් දමා වළලා දැමුවා. එහෙත්, බඩේ අමාරුව පැතිරුනේ ගඟේ ඉහළ සිටි පිරිස් ජලයට අසූචි මුසු කළ නිසා බව පසුව සොයා ගත්තා. කෝටි ගණනක ආහාර නිකරුනේ වළලා දැම්මා. මෙන්න මෙහෙමයි මේ අයගේ වැඩ. මේ අයගේ සමහර වැඩ ගැන මා ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අවධානය යොමු කරවූ අවස්ථා තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 23 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 53 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1104 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1951 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2187 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1102 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site