IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


නිරෝධායනයට නිවාඩු දුන්නාට උරණව ලොක්කන්ටත්‍ කොරෝනා බෝ කරන්න යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දින 14 ක කාලයක් නිවාඩු ලබාදී ඇති බව වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරියා පැවසීමත් සමගම උරණ වූ ජේලර්වරයකු "මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝකරන්න ඕනේ" යැයි පවසමින් දොරටු පාලක නිලධාරියා ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගැනීම සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රියේ මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

එතනින් නොනැවතුණු එම ජේලර්වරයා නිලධාරී විවේකාගාර වලට ගොස් එම ඇඳන් වල ද සැතපී ඇති අතර සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැළඳුම්ද  අතට ගෙන පොඩි කර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.  

මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලෙන් අනතුරුව එහි විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට නිවෙස්වල ස්වයං නිරෝධායයේ යෙදීමටත් දින 14ක කාලයක් නිවාඩු ලබාදීමට  බන්ධනාගාරයේ උසස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

එලෙස විශේෂ රාජකාරි සඳහා ගොස් නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණි ජේලර්වරයාට ඒ බව දොරටු පාලක නිලධාරියා විසින් පැවසීමෙන් අනතුරුව උරණ වූ ජේලර්වරයා මේ ලෙස හැසිරී ඇතැයි දැනගන්නට ඇත.

ජේලර්වරයාගෙ එම හැසිරීම සම්බන්ධයෙන් රාත්‍රී කාර්යභාර ජේලර්වරයා සහ දොරටු පාලක  නිලධාරියා පොලීසියට එම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ආයතන මට්ටමින් ද විමර්ශනයක් අරඹා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ආසාදිත රැඳවියන් බහුතරයක් දෙනා රඳවා සිටින මහර බන්ධනාගාරයේ    විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට නිවාඩු ලබාදී ඔවුන්ගේ නිවෙස් වලට මේ අයුරින් යැවීමෙන් යම් පාලනයකට නතුව තිබෙන කොරෝනා වෛරසය ඔවුන්ගේ පවුල් වල, ගම් නියම් ගම්වල පැතිරී නැවත මුළු රටම වෛරසයෙන් වෙලා ගැනීමේ දැඩි අවධානමක් මේ වන විටත් හටගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස රාජකාරිය සඳහා යෙදවූ නිලධාරීන් විධිමත් ක්‍රියා මාර්ගයක් ගෙන ස්වයං  නිරෝධායනයට ලක්කිරීමට මේ මොහොතේ සිට හෝ  පියවර නොගතහොත්  නැවතත්  කොරෝනා පොකුරක් බිහිවීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයි බන්ධනාගාර  නිලධාරීන්ගේ අදහසයි.

මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

නිරෝධායනයට නිවාඩු දුන්නාට උරණව ලොක්කන්ටත්‍ කොරෝනා බෝ කරන්න යයි

Prasad Thursday, 03 December 2020 01:40 AM

එළ කොල්ලෙක්.., මහරදී සිරකරුවන්ට සලකපු ජරා විදිහ දැකලා හිතෙන්න ඇති.

:       0       0

සමන්ත Thursday, 03 December 2020 01:44 AM

මේ වගේ මෝඩ මිනිස්සු නිසා තමයි කොරෝනා පාලනය කරන්න අමාරු.. ඉතා ඉක්මණට මෙවැනි පිරිස් අත්අඩංගුවට ගෙන සේවයෙන් නෙරපා නීතිය අනුව කොරෝනා පැතිරවීමට කටයුතු කළා කියලා දේපල රාාජසන්තක කරන්න. එක්කෙනෙක් දෙන්නෙක්ගේ මෙලෙස කළ පසු අනෙක් අය නිකන්ම හැදෙයි. මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සුද? අපි මේ වැටුප් නැතිව දැන් මාස ගණනක් ගෙවල්වල එළියටවත් යන්න බැරිව... මේ මිනිස්සුන්ට වැටුපත් සමග දෙන නිවාඩුව ගන්න බෑ.

:       0       0

fairoos Thursday, 03 December 2020 07:25 AM

කොරෝනාවලින් මිනිස්සුන්ට ආතතිය වැඩි වෙලාද මන්දා..?

:       0       1

banda Thursday, 03 December 2020 09:05 AM

ලංකාවේ ඉන්නේ පුදුම පිස්සන් ටිකක් නේද?

:       0       1

kamal Saturday, 05 December 2020 06:42 PM

මුස්ලිම් කෙනෙක් කළා නම් මේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර පිරිලා තියේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 94 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 345 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 623 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 301 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 231 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1889 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site