IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි

(තලාව උපුල් හේරත්)

අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගම්වාසීන් එක්වී අල්ලාගත් උකුස්සා අනුරාධපුර වනජීවී කාර්යාලයට බරදී ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලැබුවේ සුචරිතගම පදිංචි ඒ. දෙව්මිනි අමායා චන්ද්‍රසේකර නමැති හත් හැවිරිදි දැරියකි. ඇය සුළු තුවාල ලබා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

අඩි දෙක හමාරක් පමණ උසැති තටු විහිදූ විට අඩි පහක් පමණ දිගින් යුත් හොඳින් වැඩුණු මෙම උකුස්සා පෙරේදා (13) අනුරාධපුර සුචරිතගමට පැමිණ ඇත. එම ග්‍රාමයේ උස ගස්වල රැඳී සිටි මෙම උකුස්සා නිවාස අසලට පැමිණ දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරද්දී ගම්වාසීන් මහත් කලබලයට පත්වී ඇත.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සුචරිතගම පදිංචි අශෝකා මාලනී (60) මහත්මිය මෙසේ පැවසුවාය. 

මගේ නිවස අසල පදිංචි චාන්දනී නංගීත් එයාගේ අවුරුද්දක් පමණ වයසැති දරුවාත් පෙරේදා සවස නිවස ඉදිරියේ සිටියා. ඒ අසලට පැමිණි මේ උකුස්සා කුඩා දරුවා රැගෙන යාමට උත්සාහ කළා. ඒ වෙලාවේ චාන්දනී දරුවා රැගෙන නිවසේ කාමරයට දිව ගියා. උකුස්සා ඒ අසල තිබුණු බෝනික්කෙකු රැගෙන ගහකට පියඹා ගියා.

ඉන් පසු අද උදේ මේ උකුස්සා පාසල් යන දරුවකු පසුපස පන්නාගෙන යද්දී මෙය දුටු ගමේ කාන්තාවක් ඌට ඉදල්වලින් පහර දුන්නා. ඉන් බේරුණු කුරුල්ලා වහලයක් උඩට නැග්ගා. ඒ අසල සිටි අමායා දැරිය රැගෙන යාමටද උත්සාහ කළා. අපි බොහොම අමාරුවෙන් ඒ දරුවා බේරාගත්තා. අපේ ගමේ ඉන්න තරුණයන් දෙතුන් දෙනෙකු එක්වී කුරුල්ලා අල්ලාගන්න උත්සාහ කළා. පැයකට ආසන්න කාලයක් දැරූ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිවුණා. ඊට පස්සේ කඩෙන් මස් කෑල්ලක් ගෙනත් ඌට කන්න දී රෙදි කැබැල්ලක් උගේ ඇඟට දමා ඌ අල්ලාගෙන තොටිල්ලකට දැම්මා. පසුව වන ජීවී නිලධාරීන්ට බාරදුන්නා.

මේ සිද්ධිය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී උපාලි ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙම පක්ෂියා (Orieutal Hunny Bu‘art) නමැති විද්‍යාත්මක නමින් හඳුන්වන සිළු බඹර උකුස්සකු බවය. මෙම උකුස්සන් හාවුන්, කුකුළන් වැනි සතුන් දඩයම් කරමින් ජීවත් වන බවද ඔහු කීය.

 



අදහස් (17)

දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි

ලුම්බිණි Wednesday, 15 August 2018 05:35 AM

මේ විද්‍යාත්මක නම හරිද?

:       2       29

nuwan Wednesday, 15 August 2018 06:04 AM

කිලිනොච්චියේ සහ අනුරාධපුරේ වෙනස මේකෙන් පේනවා!

:       121       150

sumith Wednesday, 15 August 2018 06:36 AM

උදේනි කතා වස්තුවේ තියෙනවා , පරන්තන රජතුමාගේ ගැබ්බර බිසව හස්තිලිංග පක්ෂියෙක් උස්සගෙන ගියා කියලා, අන්තිමට ඒ බිසව තමා තාපසයාගේ සීලේ බිඳලා , තාපසය වසගෙට ගන්නේ , පුතාට තාපසය දන්නා හස්තිකාන්ත මන්තරය දෙනවා. සාමාවතී බිසව උදේනි රජාගේ එක බිසවක්, කොහොම හරි පොඩි උකුස්සෙකුට ළමයෙක් උස්සගෙන යන්න පුලුවන්ද කියලා මටනම් ප්‍රස්ණයක්.

:       42       5

Samathasena A . Aluthgamage.Wednesday, 15 August 2018 09:17 AM

සුමිත් මහතාණෙනි, විදෙස් මාධ්‍ය විචාරයේදී සහ විනිශ්චයේදී මේ හා සම්බන්ධ දේ මා දන්නවා. විශාල බරක් උසුලාගෙන පියාසර කළහැකි මේ සතුන්ට ඒ සඳහා ඔවුන්ගේ විශේෂ උපක්‍රම තියෙනවා. ලොව උස්කඳු මත දිවි ගෙවන එළුවන් විශේෂයක් සිටිනවා. ඔවුන් හඳුන්වන්නේ "රොක් ගෝට්ස් " යනුවෙනුයි. උකුස්සන් මේ එළුවන්ව එකවර ඔසවාගෙන ගොස් ගල් තලාවල් වලට අතහරිනවා. පසුව මියගිය එළුවන්ගේ මස් ඔවුන් අනුභව කරනවා. ඔබතුමාට එවැනි සිද්ධිවල වීඩියෝ දර්ශන අන්තර්ජාලයේදීද නැරඹිය හැකියි.

:       1       110

NUWANWednesday, 15 August 2018 09:54 AM

ඔයා අහල තියෙනවද අන්තර්ජාලය කියල එකක්? එ්කෙන් බලන්න පුළුවන් ලෝකේ දැනට ඉන්න සහ වඳවී ගිය විශාල පක්ෂීන් ගැන සහ එම සතුන්ගේ හැකියාවන්. ළිං ගෙම්බන් වගේ ජීවත් නොවී ලෝකේ දිහාත් බලන්න.

:       47       55

ඉන්දි Wednesday, 15 August 2018 07:02 AM

කුරුල්ලාට කරදරයක් නොකර අල්ලා ගත් එක ලොකු දෙයක්. තිරිසන් සතුන්ට හොද නරක තේරෙන්නේ නෑනේ..

:       0       8

Ananda Wednesday, 15 August 2018 07:34 AM

මෙය අතිශයින්ම භයානක පූර්වාදර්ශයකි. මෙවැනි සතුන් දුටු තැන විනාශ කල යුතුය. මුන් කැලයට ගොස් දැමුවද පියාඹාගන නැවත පැමිණිය හැක. අපගේ වෘක්ෂලතා හා සත්ව ආඥා පනත කාලීනව වෙනස් කළ යුතුය එසේ කල නොහැකිනම් ලංකාව අලින්ට,කොටින්ට,කිඹුලන්ට,දිවියන්ට හා නාගරීක ප්‍රදේශ අයාලේ යන බල්ලන්ට,හරකුන්ට භාරදී පුරවැසියන්ව ආපසු ඉන්දියාවේ-බංගලි දේශයේ ලාට රටට ආපසු යැවියයුතුය. මෙරටට ගිය කල!!

:       248       76

praveenWednesday, 15 August 2018 08:52 AM

ඔන්න කිව්වා මෝඩ කතාවක්... එහෙනම් ඔක්කොටම කලින් මිනිසුන්ව විනාශ කල යුතුයි.

:       20       55

nuwanWednesday, 15 August 2018 09:31 AM

ඔයාට ඕනේ නම් ආපු රටකට යන්න. අපිට වෙන රටක් නැහැ කොහෙවත් අපේ ශ්‍රී ලංකා දීපය හැර.... බහුතර නූගත් කට්ටිය තවම විජය කියලා පල් හොරෙක් පස්සේ යනවා. ඒ අය දන්නේ නැහැ විජය එනකොට ලංකාවේ රෙදි ඇඳපු මිනිස්සු හිටිය කියලා. කරුමේ තමයි!

:       23       53

SAMANWednesday, 15 August 2018 09:52 AM

සාක්ෂරතාවය අතින් ලංකාව ඉදිරියෙන් හිටියත් තවමත් නූගත්කම උපරිමයෙන් සමහරුන්ට තියෙනවා.

:       0       30

BamunuarachchiWednesday, 15 August 2018 10:46 AM

ඒ උකුස්සාට ලමෙයෙක් උස්සගෙ යන්න පුළුවන් කමක් නැත. එහෙම දෙයක් මේ ලංකාවේ වෙලා නැත. මේකතාව විස්වාස කර මෙවැනිසතුන් දුටුතැන විනාස කල යුතු බව කියන්න තරම් මේ මිනිසුන් මෝඩද? ලම්බෝගිනි විස්වාස කර ආණ්ඩු පෙරලුවේ මෙවැනි මිනිස්සුය. මෙවන් මිනිසුන් අතරේ ජීවත් වීම අති භයානකය

:       66       78

PRABATH Wednesday, 15 August 2018 09:45 AM

වන ජීවී නිලධාරීන් නිදිද?

:       19       3

laksman Wednesday, 15 August 2018 12:16 PM

බමුණුආරච්චි පටාචාරා කථාවඅහල නැද්ද. එහිදිත් ළදරුවෙකු ගෙනගියේ උකුසසෙක්. එහෙම දෙයක් ලංකාවේ වෙලා නැතත් වෙන්න බැරිද.?

:       0       4

Sampath Wednesday, 15 August 2018 02:17 PM

මෙය ඉතා භයානක ආරංචියක්.. මේ සතාව සත්වෝද්‍යානයට බාරදෙන්න. මොනම හේතුවකටවත් ආයේ යවන්න එපා. පොඩි ළමයෙක් අඩි 4ක්, 5ක් ගිහින් අත්ඇරියත් ඉවරයි.

:       0       3

Bamunuarachchi Wednesday, 15 August 2018 05:33 PM

ලක්ෂ්මන් මේ උකුස්සව මිනිසුන් අල්ලලා වනජීවියට බාර දුන්න බවත් ඇල්ලු පසු සතාගේ චායාරූපයකුත් පත්‍රයක පලවී තිබුනා එය දුටුවේ නැද්ද?

:       0       0

sanath Thursday, 16 August 2018 01:03 PM

මොවුන් විනාශ කිරීමට නීතියෙන් බාධාවක් ඇති නම් නීති වෙනස් කලයුතුයි.

:       0       0

Bamunuarachchi Thursday, 16 August 2018 10:59 PM

උස්සන් යයි කියලා බයටද? අනේද කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 308 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 646 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 784 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 431 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 502 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 177 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site