(තරිඳු ජයවර්ධන)
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබර පළමු වැනි දා සිට කිසිදු මුදලක් ලබා දී නැතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
කොමිෂන් සභාවේ සේවකයන්ට, නිලධාරීන්ට සහ කොමිෂන් සභා සාමාජිකයන්ට ඔක්තෝබර මාසයේ වැටුප පවා මේ වන තුරු ගෙවා නැතැයි එම ආරංචි මාර්ග පවසයි. ඇතැම් නිලධාරීන්ට මාස දෙකකින් වැටුප් ගෙවා නැතැයි දැනගන්නට තිබේ.
මුදල් නොමැතිකම නිසා කොමිෂන් සභාවේ පිරිස පසුගිය දින කිහිපයේ වතුර බෝතලයක් මිලදී ගැනීමටවත් නොහැකිව අපහසුතාවට පත්ව සිටියහ. කොමිෂන් සභාවට මේ වන විට අභියාචනා රැසක් ලැබී ඇති අතර මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා ඒවා විභාග කිරීමේ ගැටළු මතුවී ඇති බවත්, ඇතැම් නිලධාරීන් තම පෞද්ගලික මුදලින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දැනගන්නට තිබේ.
මුදල් වෙන් නොකිරීම ගැන කළ විමසීමක දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ එම ගැටළුව දැන් නිරාකරණය කර ඇති බවයි. තොරතුරු කොමිෂන් සභාවට ප්‍රතිපාදන ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ජනමාධ්‍ය අමාත්‍යංශයට මාරු කළ බවත්, ඒ නිසා යම් ප්‍රමාදයක් සිදුවූ බවත් මේ වන විට ඒ ගැටළු සියල්ල විසඳා අවසන් බවත් අතිරේක ලේකම්වරිය ප්‍රකාශ කළාය.
තොරතුරු දැන ගැනීමේ පනත අනුව පිහිටවූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ. ඊට සේවකයන් 10 දෙනකු පමණ අවශ්‍ය වුවත් මුදල් ගැටළුව නිසා තිදෙනකු පමණක් සේවය කරන බව දැනගන්නට ඇත.
මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් තොරතුරු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස නීතීඥ එස් ජී පුංචිහේවා, නීතීඥ ක්‍රිෂාලි පින්ටො ජයවර්ධන සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
ශ්රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තොරතුරු කොමිසමට මාසයක් තිස්සේ සතයක්වත් නෑ
කපිල ගුණරත්න Friday, 10 November 2017 08:51 AM
මා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රශ්ණ කිහිපයක් රජයේ එක් ආයතනයකට යොමු කලා. නමුත් ඔවුන් මා හට ලියා එවා ඇත්තේ ප්‍රශ්ණ වලට තොරතුරු දැනගැනීමේ පනත යටතේ පිළිතුරු ලබා නොදෙන බවයි. මෙහි සත්‍යය පහදා දෙන්න...
බුද්ධික Saturday, 11 November 2017 03:53 PM
එහෙම නම් ඔබතුමාට කරන්න තියෙන්නේ තොරතුරු කොමිසමට අභියාචනය කරන එක. සමහර තොරතුරු දෙන්න බැරි අවස්ථා පනත යටතේ තියෙනවා. නමුත් එයට මුවාවී යම්කිසි රාජ්‍ය ආයතනයක් ලබා දිය යුතු තොරතුරුද මඟහරිමින් කටයුතු කරනවා නම් කොමිසමට පුළුවන් නියෝග කරන්න එම තොරතුරු ලබා දෙන්න
Nandalal DE SILVA - France Friday, 10 November 2017 11:44 AM
[මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් තොරතුරු කොමිසමේ......] මේ මහත්තයා (අ)පිවිතුරු හෙළ උරුමයේ බොස්ගේ පවුලේ අයට සම්බන්ධ කෙනෙක්ද ? ඒ නිසාද දන්නේ නැහැ කපිල ගුණරත්නට තොරතුරු කොමිසම මගින් පිළිතුරු නොලැබුණේ....
daham Friday, 10 November 2017 12:19 PM
අධ්‍යාපන අමාත්‍යංශයෙන් අහන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ නැහැ කියල පහුගිය දිනවල මාධ්‍ය ගණනාවකම පුවත් පල වුණා.