IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් උපදෙස් ගත්තාද

වත්මන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී සංවිධානය කෙරෙන මැතිවරණ රැළි ඇතුළු දේශපාලන රැළිවලට මෙච්චරක් පැමිණි බව අච්චරක් පැමිණි බව පැවැසීමට දේශපාලකයෝ උනන්දු වෙති. ඔවුන් එලෙස පැමිණි හෝ සහභාගී වූ ජන සංඛ්‍යාව තම පක්ෂයට ඇති කැමැත්ත ප්‍රකාශ කරන සාධකයක් බවට පත් කරගෙන තිබේ. ඔවුන් ඔළුගෙඩි ගණන එතරම් වැදගත් සාධකයක් කරගත්තද දේශපාලන පක්ෂයකට, ආණ්ඩුවකට හෝ විපක්ෂයකට හෝ මොනයම් හෝ පක්ෂයට ඇති ජන ප්‍රසාදය එමඟින් තීරණය කළ නොහැකි බව පසුගිය වසර තුන හතරක කාලය දෙස බැලීමේදී මෙරටින්ම ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැකිය. 


මැතිවරණ රැළි ආදී දේශපාලන රැස්වීම්, රැළි හා විරෝධතාවලට පැමිණෙන ජන සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කිරීමටත් වැඩි සංඛ්‍යාවක් පැමිණි බවටත් පැවැසීමට මෙරට දේශපාලකයෝ බොහෝ උත්සාහ ගනිති. එවැනි රැස්වීම් පැවැත්වුණු පසුව සංස්කරණය කරන ලද ඡායාරූප විශාල වශයෙන් සමාජ මාධ්‍යය තුළත් අන්තර්ජාලය තුළත් එහා මෙහා හුවමාරු වන අයුරු අපට පසුගිය දින කිහිපයේදීත් හොඳින් දක්නට ලැබිණි.
එවැනිම ආකාරයේ පුවතක් අපට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. තම දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූවාට වඩා වැඩි ජනතාවක් සහභාගී වූ බව පෙන්වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අවශ්‍ය වී තිබූ බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණ ඇත්තේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූවාටත් වඩා අඩු ජනතාවක් බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තේරුම් ගිය බවත් ඒ අනුව විශාල පිරිසක් පැමිණි පෙන්වීමට ඔහුට අවශ්‍ය වූ බවත් එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ. 


ශ්‍රී ලංකාවේ අපට තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතියට සමානම පනතක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සතුය. තොරතුරු නිදහස යනුවෙන් හැඳින්වෙන එම පනත යටතේ ‘ද ගාඩියන්’ පුවත්පත අදාළ ලියකියවිලි තමන් සතු කරගනිමින් ඉහත තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එවකට ධවල මන්දිර මාධ්‍ය ලේකම් (ධවල මන්දිර ප්‍රකාශක) ෂෝන් ස්පයිසර් වැඩි ජනගහනයක් පෙන්නුම් කරන අයුරින් ඡායාරූප සංස්කරණය කරන්නැයි දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ඡායාරූපශිල්පියෙකුට දුරකතන ඇමතුම් ලබා  දී ඇති බව එමඟින් අනාවරණය වී තිබේ.

 

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2017 වසරේ ජනවාරි 21 වැනිදාය. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනයට පසු දිනයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් එරට ජාතික උද්‍යාන සේවාව භාර අධ්‍යක්ෂවරයා වූ මයිකල් රේමන්ඞ්ස් හා සාකච්ඡා කර ඇත.


ෂෝන් ස්පයිසර් ජාතික උද්‍යාන සේවාවේ තවත් නිලධාරියකුට ද දුරකතන ඇමතුමක් දී ඇතැයි ‘ද ගාඩියන්’ පුවත්පත සඳහන් කරයි. දිවුරුම් දීමේ උත්සවයේ මුල් ඡායාරූපවල බොහෝ තැන්වල හිඩැස් තිබී ඇති අතර ඒ නිසා ජනතාව වැඩියෙන් පෙනෙන අයුරින් පෙනෙන ඡායාරූප ජනාධිපතිවරයාට අවශ්‍ය යැයි ෂෝන් ස්පයිසර් අදාළ නිලධාරියාට පවසා ඇත. ෂෝන් ස්පයිසර් ජාතික උද්‍යාන සේවාවේ තවත් නිලධාරියකු සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි පෙර කී නිලධාරියා පැවැසූ බව ‘ද ගාඩියන්’ පුවත් වාර්තාව සඳහන් කරයි. 


‘ද ගාඩියන්’ පුවත්පත අනාවරණය කරගන්නා ලද තොරතුරුවලට අනුව රාජ්‍ය ඡායාරූප ශිල්පියා, වැඩි ජනතාවක් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ අයුරු පෙනෙන පරිදි ඡායාරූප සංස්කරණය කර ඇත. 


ජනාධිපති ට්‍රම්ප් අදාළ ඉල්ලීම කර ඇත්තේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා 2009 වසරේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් උත්සවයේ ඡායාරූප සැසඳීමෙන් අනතුරුව බව ද තවදුරටත් අනාවරණය වී තිබේ. 


කෙසේ නමුත් සංස්කරණය කරන ලද ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ ද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.


එහෙත් ජනාධිපති ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ජන සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයකට සහභාගී වූ වැඩි ජන සංඛ්‍යාව බව ෂෝන් ස්පයිසර් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය. 


එහෙත් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා 2017 වසරේ ජූලි මාසයේදී ෂෝන් ස්පයිසර් ධවල මන්දිර මාධ්‍ය ලේකම් (මාධ්‍ය ප්‍රකාශක) තනතුරෙන් ඉල්ලා අස්විය. හෙතෙම එම වසරේ ඉතාම කෙටි කාලයක් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ධුරය ද හෙබවීය. 


- 055

ඬේලිමේල් ඇසුරිනි



අදහස් (3)

ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් උපදෙස් ගත්තාද

ravi Saturday, 08 September 2018 08:18 AM

මොනවද මේ... උද්දච්ච කියමන්? අපි ඇමෙරිකාව පස්සේ දුවනවා මිසක්.. ඇමෙරිකාව අපේ පස්සේ නොදුවන බව කරුණාවෙන් සලකන්න..!!! උද්දච්චකමට තාම බෙහෙතක් හොයාගෙන නැහැ වගෙයි ..

:       8       49

රවින් Sunday, 09 September 2018 03:34 AM

1969 අවුරුද්දේ නීල් ආම්ස්ට්‍රෝන් හඳ මත පා තැබූ පසුත් ඔය වැනි විශ්ලේෂණ තිබුණා තවමත් අන්තර්ජාලය සරිසරුවොත් හොයාගන්න පුළුවන්. නමුත් හැමදෙනාම හොඳින් දන්නා කාරණාවක් තමා හැමදාම බොරු බැහැ කියන එක. ඇත්ත හැමදාම පවතිනවා.

:       0       2

sarath hettiarachchiSunday, 09 September 2018 10:40 AM

මොන බොරුද? බොරු හැමදාමත් පුළුවන් එකම බොරුව හැමදාම බැහැ. අලුත් බොරුවක් ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 333 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 690 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 853 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 465 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 521 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 186 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site