IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඥානසාර හිමිට සමාව දීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා )

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම අද (11) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.

එහිදී විනිසුරුමඩුල්ල තීන්දු කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට දින නියම කරන ලදී.

පෙත්සම ඉදිරිපත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ සිර දඬුවම් නියම කළ අභියාචනාධිකරණය එම දඬුවම වසර හයකින් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කළ බවයි.

එවැනි බරපතළ චෝදනාවක් ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කර නිදහස් කර හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් සිදුවන බව පෙත්සම්කරු පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (10)

ඥානසාර හිමිට සමාව දීම ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි

thushara Thursday, 11 July 2019 06:19 AM

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කොහෙද හිටියේ? අර මුස්ලිම් ඇමැතිවරුන්ගේ කට්ටිය උසාවියට බනින කොට... උසාවි භූමියේ කුණුහරප කියලා ගල් ගහලා යුද පිටියක් කළා. ඒ වෙලාවේ මේ අය කොහෙද හිටියේ...?

:       57       416

Uditha - London Thursday, 11 July 2019 07:58 AM

ජනාධිපති සමාව දුන්නට පස්සේ තව මොන විකල්ප නීතිද ඉල්ලන්නේ තවත්? දැන් එතකොට වෙසක් එකට, නිදහස් දවසට ජනාධිපති සමාව ලැබිලා නිදහස් වෙන මිනිස්සුන්ටත් ඉවරයක් නෙති වේවිනේ.. එතකොටත් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙනවනේ.. මොවුන් ඉතින් අාපහු බලන්නේ ලෝකේ නැති දේවල් කියල අල්ලලා හිරේට දාන්නනේ.. උන්වහන්සේට ජනාධිපති සමාව ලැබිලා ඉන්න විදිහක් නැහැනේ... කොහොමත් ඔය NGO කාරයින්ට හරි හිසරදයක් ...

:       21       205

max Thursday, 11 July 2019 08:14 AM

කහ සිවුරට හැමදාමත් සරවනමුත්තුලා විරුද්ධයි. මේ ආණ්ඩුවත් එහෙමයි. එ්කනේ ආණ්ඩුවයි, සරවනමුත්තුලයි බොහොම සමාදානෙන් ඉන්නේ...

:       19       186

Chandima Thursday, 11 July 2019 08:18 AM

ඇත්තටම කියනවා නම් ඔය කියන එන්ජීඕ එක කරන පාක්‍යසෝති සරවනමුත්තු කියන මිනිසා සිංහල ජාතියට කරන්න පුළුවන් මහාම හතුරුකම අරියාදුව කරන්න බලන් ඉන්න අයෙක්. සිංහල බෞද්ධ කියන එක මිනිහට පෙන්නන්න බැහැ. මතකයිනේ ඒ කාලේ යුද්දේ අලකරලා කොටින්ව බේරා ගන්න, ඔවුන්ව යුද්දෙන් දිනන්න වැඩ සලස්වන්න. මිනිහා මේ රට තුළ මෙන්ම ජාත්‍යන්තරෙත් නොකළ උප්පරවැට්ටියක් නැහැ. ඒ විතරක්ද, හැම වතාවෙම ජිනීවා මානව හිමිකම් රැස්වීමට සති ගාණකට කලින්ම මිනිහා එහෙගිහින් අපේ සතුරෝ තොගපිටින් මුණ ගැහිලා අපේ රණවිරුවන් අමාරුවේ දාන්න කරන්න පුළුවන් හැම යටිකූට්ටු වැඩක්ම කරනවා. එක්නැලිගොඩ නෝනගේ මූලික අයිතීන් උල්ලංඝනය නෙමෙයි, මිනිහට තියෙන රුදාව ඥානසාර හාමුදුරුවන්ට කොහොම හරි ලෙඩේ අදින්නයි මිනිහ දඟලන්නේ.

:       176       170

Rata Perata Thursday, 11 July 2019 09:41 AM

ජනපතිලට ඕනවිදියට මිනිස්සු නිදහස් කරන්න පුළුවන් නම් නීතියක්, උසාවි මොනවටද? පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනෙක්, පොඩි නයක් ගෙවාගන්න බැරුව හිරේ ගිය කෙනෙක් නම් නිදහස් කලත් කමක් නෑ. මේවා ඔක්කොම තමන්ගේ වාසියට නීතිය නමන වැඩනේ. මතකද මහින්දත් ජයසුන්දරව අපහු වැඩට ගත්තේ නීතිය බල්ලට දාල. මේ ක්‍රමය නැති කල යුතුයි. මුන් ඔක්කොම නැතුව අලුත්ම කෙනෙක්ට අවස්ථාව දෙන්න කාලය මේ.

:       164       312

ChandimaThursday, 11 July 2019 12:38 PM

අනේ රට පස්සට මහත්තයෝ ඔහෙට තරහ යයිද දන්නේ නැහැ මම මෙහෙම කිව්වට. ඥානසාර හාමුදුරුවෝ හිරේ ගියේ පොල් ගෙඩි හොරකම් කරලා නෙමෙයි රටේ බුද්ධි අංශ නිලධාරීන් ගැන කතා කරන්න ගිය නිසයි.

:       123       134

Chanak los angelesThursday, 11 July 2019 10:05 PM

මෝඩයෙක් වුනාට ඒ බව පෙන්වන්න එපා.

:       0       0

BamunuarachchiFriday, 12 July 2019 12:11 PM

ඇයි ඊයේද ඉපදුනේ? ජේ.ආර්. එල්ලුම් ගහට නියම වෙච්ච දෙන්නෙකුට සමාව දුන්නේ. ඒ කාලේ ඔහේ තාත්තා ගාව වෙන්න ඇති.... එ්ක ජනාධිපතිට තිබෙන වරප්‍රසාද තමයි...

:       0       0

Raveendra Thursday, 11 July 2019 11:07 AM

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයද, මොකක්ද කියන මරණාධාර සමිතියේ ඉන්න ඔය හැත්තගේ පවුල්වල සියලුම සාමාජිකයින්ගේ තියෙන සේරම ගිණුම් පරික්ෂා කිරීමෙන් ඩොලර්වලට කහින මේ බත් බැලයන්ගේ සියල්ල හෙලිවෙනු ඇත.

:       86       158

gamarala Thursday, 11 July 2019 03:47 PM

සමහර ජාතකයින් ඉන්නවා අනුන් තියා තමන්ගේ අයගේ වැඩත් විවේචනය කරනවා. මොවුන්ට අරමුදල් ලැබෙන්නේ තටමපු තරමටයි. අර මහා කොටියාගේ ගෝලයෝ බටහිර රටවලට වෙලා අහිංසක තම ජාතිකයින්ගේ ඉහ මොළ හූරාකන්න නම් මොනවා හෝ බාල්දියක් මෙහෙ පෙරළන්ඩ එපායැ... බොරුවට තම ජාතිය දුක් විඳිනවා කියල කෑ ගහනවා. එහෙ ඉන්න තම ජාතීන්ට වැඩ දෙන එක තමයි කරන එකම දේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 469 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 928 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1091 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 622 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 626 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 215 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site