IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්.ගේ ව්‍යවස්ථාව බරපතලයි

 (විනීතා එම් ගමගේ)
 

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා කියා සිටියේ ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්. (ගෝඨාභය රාජපක්ෂ) ගේ ව්‍යවස්ථාව බරපතල බව පෙනෙන බවය.  2015 දී ජනතාව නැගී සිටියේ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීම වෙනුවෙනැයි ද ජනාධිපතිත් ආණ්ඩුවත් සිතා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටාව ඉවත් කිරීමට යැයි ද ඔහු සඳහන් කළේය.

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹීමට හා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව විස්සට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය. මේ වනවිටත් එහි ආරම්භක පියවර ලෙස එම සංශෝධනයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
 
මේ සම්බන්ධව ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ග මොනවා ද යන්න ගැන ඉදිරි සතිය ආරම්භයේ දී ජනතාව දැනුවත් කරන බව ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් හෙට පෙරවරු 7.00 සිට 9.00 දක්වා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පවත්වන බවත් ස්ටාලින් මහතා කීය.
 
ජෝෂප් ස්ටාලින් මහතා මේ අදහස් පළ කළේ ලංකා ගුරු සංගම් ශාලාවේ අද (30) පැවති මාධ්‍ය හමුවක දීය.  විවිධ මට්ටම්වල වෘත්තිය සමිති රාශියක් විස්සට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරය හා එක්ව ඇතැයි කී ඔහු රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යම යැයි ද කීවේය.
 
ලොකු ලොකු කතා කියමින් මැති ඇමති තනතුරු ගත් ආචාර්ය මහාචාර්යවරු 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා සමාජ ආතතියක් ඇතිවූ බව කියතැයි ද රජය කරන්නේ කොමිසන් සභා තියාගන්නා බව කියමින් ව්‍යවස්ථාදායක සභාව ඉවත් කර සියලු කොමිසන් සභා තමන් යටතේ තබා ගැනීමට පියවර ගැනීම යැයි ද ස්ටාලින් මහතා පැවැසීය.
 
19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ක්‍රියාත්මක කර ගත්තේ ඉතා අමාරුවෙන් යැයි ද රජයට අයිති ආයතනවල විගණනය තහවුරු කරන එම සංශෝධනය අහෝසි වූ පසු පාර්ලිමේන්තුව ඉදිරි විගණනවලට වග නොකියනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොමිසන් සභා මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනොගේම උවමනාවට ඇති වු ඒවා නොවේ යැයි ද ඒවා ජනතා ඉල්ලීම් ඉටුවීමක් යැයි ද හෙතෙම පැවැසීය.
 
ලංකා වෙළඳ හා  පොදුකම්කරු සංගමය වෙනුවෙන් මාධ්‍ය හමුව ඇමතූ සිල්වෙස්ටර් ජයකොඩි මහතා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට වඩා 20 වන සංශෝධනය ඒකාධිපති බවය.

 



අදහස් (11)

ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්.ගේ ව්‍යවස්ථාව බරපතලයි

de silva Wednesday, 30 September 2020 02:42 PM

අපේ සර් රජකරමු.

:       17       19

BamunuarachchiThursday, 01 October 2020 02:04 AM

නැතුව නැතුව පුතානොව එලෙව්වේ එකයි අපි.

:       1       0

L.G.P. Jathunarachchy Wednesday, 30 September 2020 03:50 PM

නීති හදන්නන් උත්සාහ කරන්නේ නිර්දෝශී ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් විනාශ කරන්නයි.

:       0       0

Wineetha Wednesday, 30 September 2020 03:53 PM

විවෘත ආර්ථිකයක් කියලා එකක් ගෙනැල්ලා එකඑකාට කුඩුයි ලෝකෙම තියෙන දහ ජරාවයි ගේන්න පුලුවන් විදියට ජේ.ආර් කියන එකා හදපු ව්‍යවස්ථාව ඔක්කොටෝම වඩා අන්තයි. ඒක හොඳ සිරිකොතේ ලැගලා ඉඳන් දන්කුඩ කන බත් බැලයින්ටයි, සිරිකොතේ ඉන්න අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න අයටයි...

:       1       0

NM Wednesday, 30 September 2020 04:52 PM

මොළය හොඳින් තියෙන කෙනෙකු දන්නවා වැඩි බලයක් නොමැතිව රටක් පාලනය කරන්න.., එසේ නොමැති නම් රටක් පාලනයට බලය වුවමනා කරනවා. මොලේ නොමැති නම් බලය යොදවන්න වෙනවා.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 30 September 2020 05:16 PM

බොහෝ මිනිස්සු බය වයවස්ථාව වෙනස් වෙනවට නෙමේ.. ලෝකේ නැති දහජරා වැඩ කරකර.. එ් වැඩ සාධාරණීකරණය කරකර සල්ලි හම්බකරගන්න අවස්ථාවන් ඇහිරෙනවට.. බොහෝ මිනිස්සු බය ව්‍යවස්ථාව අලුත් වෙනවට නෙමේ.. අම්මා අප්පා වුණත් කමක් නෑ විකුණලා මේ රට හපයක් වෙන තරමට තලුමරලා තමන්ට ලැබෙන රන්කාසි ටික නැති වෙයි කියන බයට.. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හරිම සුන්දර නිකැලැල් ප්‍රභාෂ්වර දෙයක්.. හැබැයි මේ රටේ මිනිස්සු ඒ සුන්දර දෙය හරි ලස්සනට භුක්ති විඳින්න දන්නේ නැහැ.. එහෙම මිනිස්සු ඉන්න රටකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම විනයක්... ඒක තමයි අද දවසේ අපට හරි ලස්සනටම පෙනෙන සිද්දිය...

:       0       0

Rohana Thursday, 01 October 2020 01:24 AM

අඩුම තරමින් වියතුන් කියන්නේ කරන හැමදෙයක්ම හොඳයි කියලා පිළිගන්න අයද?

:       0       0

Bamunuarachchi Thursday, 01 October 2020 02:39 AM

ජී.ආර්. මහත්තයෝ ව්‍යවස්ථාවෙන් පමණක්ම බරපතල වෙලා බැහැ.. ජී.ආර්. ට වඩා ක්‍රියාවලිනුත් බරපතල වෙන්න.

:       1       0

de silva Thursday, 01 October 2020 11:51 AM

පාර්ලිමේන්තුවේ 2/3 තියාගෙන, විධායක ජනාධිපතිකමකුත් තියාගෙන තවම බැරි වුණු අයවැයක් ගෙන එන්න, පිටරටවල අතරමංවෙලා ඉන්න විදේශ ශ්‍රමිකයෝ සෞඛ්‍යාරක්ෂිතව රටතුළට ගෙනත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන්න. රටේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකරන්න. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දෙන්න. මහ බැංකු හොරු අල්ලන්න.

:       2       7

Perera Thursday, 01 October 2020 06:30 PM

20 නැතුව ලංකාව සිංගපූරුවක් කරන්න බැහැ.

:       0       1

THARIDU . Friday, 02 October 2020 05:43 PM

ජේ.ආර් ජයවර්ධන කියන්නේ 1977 වෙනකොට අවුරුදු 55කට වැඩි දේශපාලන පළපුරුද්දක් තිබුන නායකයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 263 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 578 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 685 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 399 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 470 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site