IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති නියමයෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ

(ඉන්දිකා රාමනායක)

බි‍්‍රතාන්‍යයේ  ලන්ඩන් අගනුවර  ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ  සිද්ධිය මුල්කරගෙන  රාජකාරි කටයුතු වලින් ඉවත්කර  සිටි  ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර්  පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවය   ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා  ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ  ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය  ආරම්භ කර ඇති  පරීක්ෂණය එසේම සිදුකර  කරන ලෙසත් පරීක්ෂණය සිදුකළ  බි‍්‍රගේඩියර්වරයාග් සේවය ද යළි පිහිටුවන ලෙසටත් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශකයවරයා සඳහන් කළේය.

ඉකුත් (4) වැනි දින සිදු වු මෙම සිද්ධියෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා මහකොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතු වලින් ඉවත් කර තිබුණි. 

බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු



අදහස් (52)

ජනපති නියමයෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ

manoj Wednesday, 07 February 2018 11:57 AM

යුද්ධය අවසන් අදියරේ මහින්ද මැතිඳුන් ලඟින්ම සිටිමින් දිරිමත් කල සිරිසේන මැතිතුමනි. ඔබතුමාත් දන්නවා රණවිරුවන් හට මේ සිද්ධ වෙන්නේ දැඩි අසාධාරණයක් බව. ඔබගේ තීරණයට අපගේ ප්‍රණාමය. රණවිරුවන්ට ද්‍රෝහිකම් කරන ඒජාපයෙන් මිදී ඉක්මනින්ම පක්ෂය එකතුකර නැවත මේ රට හරි මාර්ගයට ගැනීමට ඔබ තව ශක්තිය ධෛර්ය ලැබේවා.

:       393       1082

donThursday, 08 February 2018 08:44 AM

මම මෙතුමා ගැන කියනවා නෙමෙයි. නමුත් වර්තමානයේ අපේ රටේ ඕනෑම හොරෙක් , වංචාකාරයෙක් , මිනිමරුවෙක් හෝ ඕනෑම අපරාදකරුවෙක් මොන තරම් ලොකු අපරාදයක් කලත් කමක් නැහැ ඔහු ජනතාවට පෙන්වනවා නම් තමන් වැඩ කරන්නේ රට සහ ජාතිය බේරගන්න කියල. අර්ජුන් මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නොපෙන්වුවෙත් එයමයි ..

:       0       0

sirimal Wednesday, 07 February 2018 11:58 AM

බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු ඊලාම් යුද්ධය පැවති අවධියේ මුල්ලන්කොවිල් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කල කෙනෙක්. 2010 මැතිවරණ කාලයේ කඳවුරේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වූ සුප්‍රකට ගායකයෙක් මැතිවරණයේදී එක්තරා අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙසට ඉල්ලීමක් කල අවස්තාවේදී කඳවුර ඇතුලේ දේශපාලනය කරන්න එපායැයි එතුමා එම ගායකයාට නියෝග කර තිබෙනවා. ඒ සඳහා එතුමා ඒ කාලයේ වැඩ තහනමකටද ලක්වු කෙනෙක්.

:       140       310

sachith Wednesday, 07 February 2018 11:59 AM

සේවය තහනම් කිරීමට විරුද්දව සමාජ මාධ්‍යජාල වලින් එල්ලවූ බලපෑම මත 10 මැතිවරණය ඉලක්ක කරගත් තීරණයක් විතරයි.

:       492       492

පිටිගල මිලානෝ Wednesday, 07 February 2018 12:07 PM

මේක ඡන්දය ගන්න දරන උත්සාහයක් විතරයි. ඡන්දෙන් පස්සේ පරීක්ෂණය දිගටම යයි.

:       526       515

janatha naura milano Thursday, 08 February 2018 06:25 AM

සිහලුන් අතර අසිංහලයන්ද සිටිනවා එතනදී දේශපාලනය තම විශ්වාසය අදහන ආගම පෙරට සත්‍ය පසුපසට යනවා

:       0       0

බුද්ධික Wednesday, 07 February 2018 12:29 PM

කරන්නට තිබූ හොඳම දෙය තමා ඔහුව තාවකාලිකව ඉවත් කොට පරීක්ෂණයක් කිරීම. අපිට අනික් අයව හදන්න බැ. නමුත් රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී මීට වඩා බුද්ධිමත්ව තීරණ ගත යුතුව තිබ්බා. එතැන සිදුවීම් පිළිබඳව හරිහමන් පරීක්ෂණයක් කිරීමයි වැදගත්. එහිදී මෙම නිලධාරියා නිර්දෝෂී වුණොත් ඔහුව යළි සේවයේ පිහිටුවීමේ කිසිම ගැටලුවක් නෑ. නමුත් දැන් යළි සේවයේ පිහිටුවීම මම දකින්නේ ඡන්දය නිසා ගත්ත තීරණයක් ලෙසයි. නමුත් රටක රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඡන්දයක් හෝ වෙනත් දේශපාලන වාසියක් සඳහා යොදා නොගත යුතුයි.

:       573       510

wije Wednesday, 07 February 2018 12:42 PM

රටට ජාතියට ආදරය කරන කොන්ද පණ තියෙන එඩිතර සිංහලයෝ තවමත් ඉන්නවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ඔබ දේශයේ අබිමානය මුළු ලොවටම පෙන්වපු රණවිරුවෙක්. ඔබ වැනි රණවිරුවන් මුළු ලක් මවටම ආඩම්බරයක්. දේශප්‍රේමියෙක් හැටියට එම අවස්ථාවේදී ඔබකල යුතු දේ කලා. කල හැකිදේ කලා. ඔබට අපේ උත්තමාචාරය. ජනාධිපතිතුමනි ඔබතුමාගත් නිවැරදි තීරණය පිලිබදව ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය.

:       362       247

Muhan Wednesday, 07 February 2018 01:09 PM

තානාපති සේවයේ සිටින කෙනෙකු මෙවැනි දෙයක් කිරීම නුසුදුසුයි... මෙවැනි අවස්ථාවක රාජ්‍ය නායකයා කොන්ද කෙලින් තියාගෙන රටේ කිර්ති නාමය රැක ගැනීමට ක්‍රියා කල යුතුයි.

:       2638       1702

Mahesh jayawickrama Wednesday, 07 February 2018 01:13 PM

පණ බයේ පැනලා ගිය ඩයස්පෝරාවේ කොටි බොරුවට කෑ ගහනවා. සල්ලි වෙනුවෙන් කොච්චර කෑ ගැහ්වත් වැඩක් නැහැ. ඔක්කොටම කළින් ලංකාවේ පය ගහලා ඉන්න. එකතුවෙලා මේ රට දියුණු කරනවා මිසක් සුද්ද පස්සේ ගිහින් දියුණු කරන්න බැහැ. බ්‍රිෙග්ඩියර් ප්‍රියන්ත මහත්මයාණෙනි, ඔබ අප රටට ඉමහත් ආඩම්බරයක්... !!! 

:       319       1098

noel Wednesday, 07 February 2018 01:41 PM

කරුණාකර මේ පුවතෙන් කොපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයට දෙන්න. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ගේ සේවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා ඇති බව තාම දන්නේ නැත.

:       117       152

Bamunuarachchi Wednesday, 07 February 2018 01:55 PM

ජනාධිපතිතුමා, ඔන්න දැන් නියම ට්‍රැක් එකට වැටෙනවා. ජය ශ්‍රී! මුස්ලිම් අය දෙමළ අයට වඩා බොහොම භයානකයි. එ්කත් මතක් කර දෙන්නම්...

:       1017       1103

Bamunuarachchi Wednesday, 07 February 2018 01:58 PM

ඩයස්පෝරාවට කනේ පාර කොහොම වෙතත්.., පස්ස පැත්තට හොඳ පයින් පාරක් ලැබුණා.

:       555       416

Buddika Wednesday, 07 February 2018 02:06 PM

මේක හරියට මමයි ලොක්කා, කියලා ඉස්සර ගම්වල හිටිය චණ්ඩි කිව්වා වගේ.. මේ තීරණය වැරැදියි. නායකයෙකුට එය නොගැලපේ. රටේ ගරුත්වය රැකිය යුතුයි. කුමන රණවිරුවකු වුණත් වැදගත් වෙන්න ඕනෑ. මෙහෙම වෙනකොට ලෝකයට යන්නේ වැරැදි ලෙසටයි.

:       709       436

Raveendra Wednesday, 07 February 2018 02:21 PM

මේක පුදුම වැඩක්නේ.. !!! අපට නම් එහි කිසිදු වරදක් නොපෙනේ. (අපගේ මෙම අදහස් වලට වැඩිදෙනෙකු අකමැතිවෙනු ඇත) මොනයම් හෝ ත්‍රස්තවාදියෙක් නම් "ඒකා සමාජ විරෝධියෙකි" එහි කිසිඳු වෙනසක් නොමැත. එමෙන්ම එවැනි ම්ලේච්ඡයන් සමාජයෙන් තුරන් කිරීම හැර වෙන පිළිතුරක්ද නොමැත. එවැනි කාලකන්නින්ගේ ‘‘ ගෙළ සිඳ දැමීම" හැර වෙනත් විකල්පද නොමැත. ත්‍රස්තවාදීන්ට කිරි පොවන්නේ දේශද්‍රෝහීන්ය‍. පසුගිය යුදසමයේ අපගේ නිවට දේශපාලකයින්ගෙන් හොඳහැටි අපටම අත්දැකීම් බහුලය. කෙසේවෙතත් මෙම සිදුවීම එලෙසම සිදුවුණි නම් එම නිලධාරියා තම මව්බිමට අවංකවම ආදරය කරන නිලධාරියෙකි.

:       550       1462

Sudesh Wijenayaka Wednesday, 07 February 2018 02:27 PM

හමුදාවට අපේ උත්තමාචාරය !

:       59       324

tuanshiraz Wednesday, 07 February 2018 02:28 PM

අපේ ජනාධිපතිතුමාට ජයවේවා!

:       437       111

හිරාන් Wednesday, 07 February 2018 02:33 PM

එල්.ටී.ටී.ඊ. හිතවාදි නරුමයන්ට අපේ 70 වන නිදහසේ අභිමානය සමරන්න බැරි වුනේ මොකද කියලා දන්නවානේ.. මේ විරෝධතායන්ට එක්වූ ඩයස්පෝරා එ්ජන්තයින්ට ලංකාවේදි නම් ගහලා එලවන්න තිබුණා. නමුත් එසේ කරන්න බැරිවූ විට තම රටේ අභිමානය පෙන්වන්න. මේ බ්‍රිගේඩියර්වරයා ගත්ත උත්සාහය නියම ශ්‍රී ලාංකිකකම ඉස්මතු කලා. එ්ක තේරුම් ගන්න බැරි මොළයක් නැති විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයට හරි නම් වෙනම පරික්ෂණයක් කරන්න ඕනෑ... ජනාධිපතිවරයා මේ ගත්ත උත්සාහය අගය කරනවා.

:       131       555

maal Wednesday, 07 February 2018 03:09 PM

විදේශ ඇමති මාරපන කලිනුත් අස්කරපු ඇමති කෙනෙක් නේද? මෙයා ඡන්දයකට යන්න බැරි කෙනෙක් නේද? හැමදාම එජාප එකෙන් පත්කරන වැඩකට නැති කෙනෙක් නේද? ජනපතිතුමනි, මොහුව දැන්වත් ඉවත් කලොත් නරකද?

:       184       406

බද්රානි Wednesday, 07 February 2018 03:10 PM

හපොයි!! දැන් අර නැට්ටට ගිනිතියාගෙන කුලප්පු වෙලා රට ගිනි තියන්න දඟලපු හනුමන්තලාට මොකද වෙන්නේ?

:       2507       2375

Saman Wednesday, 07 February 2018 04:10 PM

දැන් ඔබතුමි කලබල නොවී ඉන්නකො.

:       226       1020

BamunuarachchiWednesday, 07 February 2018 11:26 PM

ජනාදිපති මෙහිදී ඩයස්පෝරාවට ප්යින්පාරක් දුන්නා වගේම මෙම නිලදාරියා විවේචනය කල අයට ටොක්කක් දුන්නාය. කොහොම නමුත් මෙමනිලදාරිය හැන්ගීම් වලට යටත් උන බවයි පෙනෙන්නේ. ඇඟිල්ලෙන් ගෙල සිනදිනවා වෙනුවට උපහාසාත්මක පල් හිනාවක් දෙමළුන්ට දැම්මානම් නිලදාරියාට චෝදනාවක් නොඑන ඉඩතිබුණි හැබැයි මෙදේම ලංකාවේ සිදුවෙලා උද්ගොෂකයෝ සිංහලයෝ උනානම් තවත් රතුපස්වල සිද්දියක් නේද?

:       74       54

godfrey Wednesday, 07 February 2018 03:12 PM

ලොවේ යම් රටක නිදහස සමරන අවස්ථාවක ඊට විරුද්ධව නැගීසිටින හෝ උද්ඝෝෂණ කර එය කඩාකප්පල් කරන පිරිස් මීට පෙර දැක තිබේද?.. එසේනම් එය කොයි රටේද..? රටක යුනිෆෝම් එකක් ඇඟලාගන්නේ පඹයන් සේ සිටීමට නොව, එදා මේ මව්බිම රැක්කා සේ අදද මගේ යුනිෆෝමය නොව, මොනක්‍රමයකින් හෝ රට රැක නිදහස සමරමි යැයි, මුළු ලොවටම නොබියව පෙන්නූ වීර සෙබලාට, ජනපතිතුමනි, ඔබගත් තිරණයද නිවැරදිය.

:       243       919

sam Wednesday, 07 February 2018 03:24 PM

බොහොම හොඳ තීරණයක්... ඔබතුමාට අපේ ආචාරය, කාලකන්නි කොටි ඇම්බැට්ට ෂෝ කාරයින්ට මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ හැම සෙල්ලමක්ම දාන්න පුළුවන් අපේ වීරෝදාර රණ විරුවෙක්ට අංග චලනයෙන් මුකුත් කරන්න හොඳ නැහැ. මේක යකාගේ නීතියක්නේ... කව්ද රණවිරුවාගේ වැඩ තහනම් කළේ? මොලේ කළඳක්වත් නැති එවුන් තමයි එහෙම කරන්නේ...

:       233       712

sirimal Wednesday, 07 February 2018 03:40 PM

අන්තර් ජාලය හරහා ගෙනයන පදනමක් හෝ කිසිම තේරුමක් නැති අනවශ්‍ය මත ප්‍රකාශ නිසා අවදානමට පත්වන්නේ මෙම සිද්ධියට මුහුණපා සිටින බ්‍රිගේඩියර් වරයායි. මෙම සිද්ධිය ගැන සමහරු කියන්නේ " අගමැති වරයා ලවා වැඩ තහනම් කර ජනාධිපති වරයා ලවා නැවත සේවයේ පිහිටුවීම" මඟින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කර ඇති නාඩගමක් බවයි. තවත් සමහරු කියන්නේ දැන් සේවය ලබාදී ඡන්දය අවසන් වුණු පසුව නැවත අස් කරන බවයි. මෙවැනි සාවද්‍ය ප්‍රකාශ වගකීම් රහිත හිස් මත බව කිව යුතුය. මෙම සිද්ධිට උපයෝගී කරගනිමින් දේශපාලන මත ප්‍රකාශ කිරීම ඉතාම ඛේදජනකය. එය වහාම නැවැත්විය යුතුය.

:       7       25

Ruchi Wednesday, 07 February 2018 03:42 PM

ඉතාම උසස් තීරණයක්. බ්‍රිගේඩියර් ප්‍රියංකව උසස්වීමක් දීලා සේවයේ පිහිටුවිය යුතුයි. මේ යුගයේ දැකපු එකම නිර්භීත ශ්‍රී ලාංකිකයා. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස භේදයක් අපිට අවශ්‍ය නැත. අපි ලාංකිකයෝ ලෙස ලංකාවට එරෙහි ත්‍රස්තවාදයට එරෙහිව තැන නොබලා සටන් කල යුතුයි. ප්‍රියන්කට අපේ ප්‍රණාමය. ජනාධිපතිතුමාට ද අපේ ගරුත්වය...!!!

:       205       1228

Giripura Wednesday, 07 February 2018 04:29 PM

සිංහල ජාතියේ තේජස, එඩිතරකම සහ සිංහල හමුදාවේ වීරෝධාර ශක්තිය නිර්භයව පෙන්නු ඔබවන් වීර පුතෙක් වාරියපොළ සුමංගල හිමි පරපුරේම පුරුකකි . ජයශ්‍රී !!!. නැවත සේවයේ පිහිටුවාලීම අගය කරමු.

:       65       457

buddika Wednesday, 07 February 2018 04:36 PM

පසුවී හෝ හරි දේ කිරීම ගැන ජනපතිට ස්තුතියි, හමුදා නිලදාරියාට අපගේ උත්තමාචාරය

:       8       161

රොෂාන් Wednesday, 07 February 2018 04:54 PM

අර බද්රානි කියල තියනවා වගේ, රවින්ද්‍රලා වගේ නැට්ටට ගිනි තියා ගත්තු අය ක්‍රියා කරන විදිහට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ක්‍රියා කිරීම සුදුසු නැහැ නේද? බ්‍රිගේඩියර්වරයා ඒ අවස්ථාවේ සංවේදී වී එවැනි ප්‍රතිචාරයක් දැක්වීමේ යම්කිසි සාධාරණයක් තිබුනත්, අන්තර්ජාලයේ තප්පුලන මේ අය, අයත් වන්නේත් අර එංගලන්තයේ වීසා අලුත් කර ගැනීමේ ප්‍රශ්නයට මැදිව සිටින හා ලංකාවේ ඊලාම් රාජ්‍ය ගැන සිහින දකිමින් සිටින ඒ අය අයත් වන නඩයටම තමයි.

:       563       226

අප්පුහාමි Wednesday, 07 February 2018 05:20 PM

ඡන්දෙ මේ සුමානේ නොතිබෙන්න මේ කේස් එකට අත තියන්නේ නෑ.

:       1       263

leena from toronto Wednesday, 07 February 2018 07:33 PM

අපේ රට ,අපේ ජාතිය, අපේ ආගම , වෙනුවෙන් ජීවිතය පරදුවට තබා අපට මුළු ලොවටම "ආඩම්බරයෙන් අපි කියන්න " ම්ලේච්ච ත්‍රස්තවාදය අතු ගා දැමු රණවිරුවාණනි ඔබට අපේ උපහාරය !!!

:       0       30

janahitha Wednesday, 07 February 2018 11:09 PM

ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාව හැමෝම අගය කල යුතුයි.

:       54       148

Bamunuarachchi Wednesday, 07 February 2018 11:46 PM

මගෙත් හැන්ගීම් වලට යටත්වී කතාකරනවානම් ඇඟිල්ලෙන් ගෙල සිදිනවා පෙන්වා මැද ඇඟිල්ලද පෙන්විය යුතුය. නමුත් උසස් හමුදා නිලදාරියෙක් හැටියට උද්ගොෂ්කයින් දෙස නොබලා ඔවුන් සතේකට ගණන් නොගෙන සිටියානම් වඩාත් හොඳය. හමුදා විනය ගැන බලා ගන්න උවමනානම් රජීව් ගාන්දිට හමුදා සොල්දාදුවෙක් පහරදෙන අවස්ථාවේ අනෙක් සොල්දාදුවන්ගේ සීරුවෙන්සිටින ඉරියව්ව වෙනස් නොවුන හැටි බලන්න.

:       44       53

manjula Thursday, 08 February 2018 12:18 AM

පුතේ නුබ නියම හෙළ දරුවකේ, එත් අයතේ මවෙැනි වැඞ කරන්න එපා. ඡන්දෙ ලග නිසා නුඹ බෙරුන.

:       0       38

Ranjan Thursday, 08 February 2018 01:01 AM

සංහිදියාව කියන්නේ බොරුවක් නේද. TNA එක නිදහස් දිනය වර්ජනය කළා නේද . මේ ගැන මොක්කද්ද කියන්නේ .

:       0       60

BamunuarachchiThursday, 08 February 2018 02:43 AM

මෙතැන බොරුවක් නැත සංහිදියාව වුවමනා යහපලකයින්ට මිස සින්හලයින්ටවත් දෙමළුන්ට වත් නොවේ. එමනිසා උන් උද්ගෝෂණය කලාවේ අපි දියරෙද්දෙන් කොහොමවෙතත් ඇඟිල්ලෙන් හරි බෙල්ල කපන හැටි පෙන්වමු

:       0       3

Bamunuarachchi Thursday, 08 February 2018 02:05 AM

Raveendra මහතා සාමාන්‍ය සිංහල කෙනෙක් ඔය දේ කලානම් එය කොහෙත්ම පස්නයක් නොවේ. නමුත් හමුදා නිලදාරියෙක් හැටියට හැගීම් වලට ඉඩ දීම කොහෙත්ම හොඳ නැත. මොකද දෙමළුන් සහ අපි මේ කිරීයා වලිය දිහා බලන්නේ අකිනෙකට පර්තිවිරුද්ද පැතිවල ඉදන්ය නමුත් ලෝකය මෙය බලන්නේ මදියස්ත්වය. එවිට ලෝකයට හමුදා නිලදාරියෙකුගේ නිහික්මුනු ගතිය දකිනු ඇත. අපි සිංහල උද්ගොෂකයින්වෙලා හමුදා නිලදාරියා දෙමළෙක් කරලා පැති දෙක මාරුකරගෙන පරස්නය දිහා බලමු. හමුදාව මෙහෙයවන නිලදාරියෙක් මෙවැනි හැගීම් වලට යටවෙනවානම් ඔබට සහ මට සුදුකොඩි ඔසවා යටත්වීම බලාපොරොත්තු විය නොහැක.

:       122       245

sudesh Thursday, 08 February 2018 02:45 AM

සේවයේ පිහිටුවීම ජන්දය අවසන් වන තෙක් විය හැක

:       1       42

shantha Thursday, 08 February 2018 03:30 AM

ඔබ ගැන අපිට බොහොම සතුටක් දැනෙනවා. රස්සාවටවත් ලැබෙන සැප සම්පත් වලටවත් බයේ කට වහගෙන ඉන්නේ නැතුව කරපු වැඩේ හොදයි බ්‍රෝ . ඕකතමා නියම සිංහලකම. මෙහෙ උන්ටයි ලෝකේ උන්ටයි මතක් කරලා දුන්නට ස්තුතියි.......ඔබ ගැන ආඩම්බරයි

:       46       56

KANDEPOLA Thursday, 08 February 2018 03:52 AM

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතානයේ මහා කොමසාරිස් ධුරයට උසස් කල යුතුයි.

:       0       3

lalithsjm Thursday, 08 February 2018 04:42 AM

ඡන්දෙට දින කීයද බලමුකෝ.

:       0       0

Wasantha Jayasinghe Thursday, 08 February 2018 05:04 AM

ඒක ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයක් නොව ත්‍රස්තවාදී ක්‍රියාවක්. බ්‍රිතාන්‍ය ඊට උඩගෙඩි දෙනවා

:       0       0

SANJAYA Thursday, 08 February 2018 05:15 AM

නැවත බුකිය ගිනිගෙන ඇත.සිංහල අන්තවාදීන් තම සුපුරුදු සෙල්ලම තවත් වටයකින් පටන්ගෙන ඇත. එන්ජීඕ මුදලින් මඩිය තරකරගන්නා සිංහල ජාතිය එකහෙලා පිළිකුල් කරන නඩයද කල එළියට බැස ඇත. බුකියේ අතිමහත් බහුතරය මේ අන්ත දෙකින් වඩාත් ආකාර්ශණීය අන්තයවෙත පිවිස ඇත.

:       0       187

BamunuarachchiFriday, 09 February 2018 08:23 AM

මොනවද මෙයා මේ කියන්නේ මට නම් තේරෙන්නේ නැත...

:       0       0

rocky Thursday, 08 February 2018 05:26 AM

මේ සිදුවීමෙන් විදේශ සබඳතා පළුදුවීම් වැනි ගැටළු උද්ගත වුවහොත් දීර්ඝ ඉතිහාසයක් ඇති අභිමානවත් ජාතියක් හැටියට අප පසු බැසිය යුතු නැත.

:       0       0

BamunuarachchiFriday, 09 February 2018 08:26 AM

අපි පසුබසින්නේ නැත නමුත් අපිව පස්සට තල්ලුවනු ඇත.

:       0       0

Chanak Los angeles Thursday, 08 February 2018 05:31 AM

අපිට නම් දකින්නේ ඡන්ද ගොඩ වැඩිකරගන්න දුන් අවස්තාවාදී තීන්දුවක් ලෙසටයි

:       1       0

nimal Thursday, 08 February 2018 05:54 AM

1985 පමණ වන විට ලෝකයේ ජනතාව බොහෝදුරට වර්ගවාදී හැගීම් වලින් අඩු වීමට පටන් ගෙන තිබුණා. ඒ සමාජවාදයට පිං සිදු වන්නට. ඒත් දැන් වර්ගවාදි නොවන ජනතාව ඉතා අඩුයි. තම හැගීම් අනුව වැඩ කිරීමට නිළධාරින් අවශ්‍ය නැත. ඒ සදහා රස්තියාදු කාරයින් ඕන තරම් ඉන්නවා. නිළධාරින් නීති ගරුකව රාජකාරි කළ යුතු යි.මන්ද ඔවුන් මහජන මුදලින් වැටුප් ලබන අය.

:       0       0

Rajah Thursday, 08 February 2018 06:02 AM

ගිරිපුර මෙතන තියෙන්නේ සිංහල දෙමල ප්‍රශ්නයක් නෙවේ. මම දෙමල එහෙත් මම මගේ රටට ආදරෙයි. මගේ ජාතික කොඩියට ආදරෙයි, මගේ ජාතික ගීයට ආදරෙයි. එහෙත් LTTE ට කවදත් විරුද්දයි, විශ්ෂයෙන් ඔය ඩයස්පෝරාවට. එමනිසා සිංහල වේවා, දෙමල වේවා, අපි සියලුම දෙනා අපගේ වීරෝධාර සෙබලා කළදෙය, ඉතා අගය කරනවා. මේ රටේ තියන සාමය විනාස කරන්නේ ඔය හොර ඩයස්පොරවයි. මම ඔතන හිටියනම් මමත් කරන්නේ ඔය වීරෝදාර සෙබලා කරපු දේමයි. ජයවේවා!!!

:       63       13

Chandima Thursday, 08 February 2018 06:39 AM

මේ වැඩේ කිසි වරදක් නැහැ. මේක හොඳ වැඩක්. අරහේ අර විදියට කෑ කෝ ගහන කොට අපිත් ඒවාට උත්තර දෙන්න එපාද? දැන් වත් ඒ අයට පැහැදිලි කරලා කියන්න ඕනි.

:       0       0

janahitha Friday, 09 February 2018 02:31 AM

කොටි ත්‍රස්‌තවාදීන්ගේ යකඩ හස්‌තයෙන් මුලතිව් මුදාගැනීම වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක්‌ ඉටුකළ බ්‍රිගේඩියර් ප්‍රියංක විශිෂ්ට හමුදා නිලධාරියෙකි.

:       0       0

Dr. Edward Perera Germany Friday, 09 February 2018 03:28 PM

මේ ප්‍රශ්නය හැඟීම් බරව කතා කළ යුතු දෙයක් නොවෙයි. සමහරු ඒ නිලධාරියාට දඬුවම් කරන තුරු නොඉස්පාසුවකින් කතා කරන අතර තව පිරිසක් ඒ ක්‍රියාව අගය කරමින් ඒ නිලධාරියට සුභ පතනවා. ඇත්තෙන්ම කිවහොත් මෙය මේ සිදුවීම පිලිබඳ පශ්චාත් සාකච්චාවක් ලෙස නොව අපේ තානාපති කාර්යාලවලට යවා ඇති හමුදා නිලධාරීන්ගේ කාර්ය භාරය කුමක්දැයි කලින් නිර්වචනය කළ යුතු දෙයක් කියා අප සිතනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 404 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 822 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 990 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 560 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 582 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 202 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site