(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිමට පෙර නවගත්තේගම මොරගහවැව ගම්මානයේ අබලන් වි ඇති මාර්ගය පැලැස්තර දැමීමට සූදානම් වූ රාජ්‍ය නිලධාරින්ට අද ( 26) ගැමියන්ගේ දැඩි විරෝධය එල්ල විය.
පෙබරවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන “ගම සමග පිළිසදරක් ,, හමුවට නවගත්තේගම මොරගහවැව ගම්මානය තෝරාගෙන තිබේ.
එහිදි ජනාධිපතිවරයා පැමිණිමට නියමිත මොරගහවැව මාර්ගය මේ වන විට ස්ථාන කිපයකදී අබලන් වි ඇති බවත් ජනාධිපතිවරයා පැමිණිට පෙර අබලන් වු මාර්ගය තාවකාලිකව බොරළු දමමින් සකස් කිරිමේ කටයුතු අද කළ අතර එහි නිරික්ෂණයට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ රාජකරුණා මහතා පැමිණිමත් සමඟ මෙම විරෝධය මතු විය.
2014 වසරේ කෝටි ගණනක් වැය කරමින් දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ගය සැතපුම් අටකට ආසන්න දුරක් සකස් කළ අතර එහි නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කිරිම නිසා මාර්ගය අබලන් වු බව ගැමියෝ කියති.
එසේ තිබියදී සියලුම රාජ්‍ය ආයතන වලට අවස්ථා ගණනකදි මෙම විනාශය පිළිබදව දැනුම් දුන්නද ඒ සදහා ජනාධිපති විමර්ශනයක් යන බව පවසමින් එම මාර්ගයේ අබලන් වු ස්ථාන වසර 7 ක් යන තුරුත් සකස් නොවු බවට ජනතාව නිළධාරින් හමුවේ ඔවුහු පැවසූහ.
එසේ තිබියදී කඩිමුඩියේ ජනාධිපතිවරයාට පැමිණිමට පමණක් මාර්ගයේ පැලැස්තර දැමිම තමන් අනුමත නොකරන බව ද ගැමියෝ කීහ.
මෙහිදි එම ස්ථානයට පැමිණ සිටි පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ. රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා විරෝධය මතුකළ ජනතාවට මෙසේ දන්වා සිටියේය.
“ඔබතුමාලාගේ විරෝධය අපි පිළිගන්නවා .නමුත් ජනාධිපතිතුමා මෙම මොරගහවැවට එන්නෙත් මේ වාගේ ගැටළු වලට පිළියම් ලබා දෙන්න. එහිදි ඔබතුමාලා ජනාධිපති තුමාට මේ ගැටළු ඉදිරිපත් කරන්න. එතෙක් මේ මාර්ගයේ අබලන් වු ස්ථාන වල ගල් ගලවලා බොරළු දමා සකස් කරන්න ඉඩ දෙන්න.මොකද ජනාධිපතිතුමා එන හමුවට වාහන 100 ක් විතර එන්න පුළුවන් එවිට මේ මාර්ගයේ පවතින තත්වය නිසා ගැටළු මතු වෙනවා යැයි පවසන්නට විය. මෙහිදි ජනතාව පවසා සිටියේ තමන් දිගින් දිගටම නිළධාරින්ගේ බොරු වලට අසුව ඇති බවයි.මේ නිසා නිළධාරින් පිළිබදව තමන්ට විශ්වාසයක් නැති බව විරෝධතාකරුවේ පැවසූහ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති එන්න පෙර පාරේ පැලැස්තර අලවන්න ගිය නිලධාරීන්ට ගැමියන්ගේ විරෝධය
helaya Tuesday, 26 January 2021 03:35 PM
යකෝ ජනාධිපති එන්නම ඕනේද මේක කරන්න?
Ranjan Tuesday, 26 January 2021 03:48 PM
ජනාධිපති එන්නේ වාහන 100 එක්ක... මොනවා බලන්නද මේවා බොරු ෂෝ? මිනිස්සු මුලා කරන ගමෙන් ගමට යන්නේ ජනාධිපති කෙනෙක් වුණාම ඔය වගේ දේවල් ද කරන්න තියෙන්නේ? එවිට නේද ඕනෑතරම් රාජ්‍ය නියෝජිතයන් ඉන්නේ ඒ අයට පඩි ගෙවන්නේ අසරණ මිනිසුන්ගෙන් ගන්න බදු මුදල් වලින් නොවේද? ඒ ගොල්ලෝ වැඩ නොකරනවා නම් අස්කර වැඩකරන නිලධාරින් ගන්නවා මිසක් මේ මොන විහිලුවක්ද? ගමින් ගමට ගෙවල් ගැන ගිහින් ප්‍රශ්න අහන්නේ....
අමල් පෙරේරා.Wednesday, 27 January 2021 03:35 AM
ඒ රාජ්‍ය නිලධාරියා කටට ආපු බොරුවක් කියලා තියෙන්නේ වැඩේ කරගන්න. වාහන 100ක් එන්නේ නෑ. ආපු වෙලාවක බලන්න වාහන කීයක්ද එන්නේ කියලා. මේක හොඳ වැඩක්.. මේ වැඩෙන් ගම් වල තියෙන ප්‍රශ්න ඉවර වෙනවා. අයිස් ගහන රාජ්‍ය නිලධාරීන්ගේ රෙදි ප්‍රසිද්ධියේ ගැලවෙනවා. අපි දන්නවා කට්ටියට ඉරිසියයි කියලා මේවා දකිද්දී. අනික ජනාධිපතිතුමා ඇහැ කන පේන වෙලාවේ එන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න බලන්න. මහ රෑ හැංගි හැංගි නෙමේ අර පුතාණෝ වගේ. අගය කරන්න බැරි වුණාට කමක් නෑ... විවේචනය කරන්න එපා.
senaWednesday, 27 January 2021 09:33 AM
මේක නම් බොරුම බොරු වැඩක් අමල් මහත්තයෝ.. මේ විදිහට ඉතිරි කාලයට ජනාධිපතිතුමාට ගම් කීයක් ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? ඕකටද අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ..?
විජේ Wednesday, 27 January 2021 03:46 AM
රන්ජන් ඕකෙන් 80%ක් මාද්‍ය...
mali Tuesday, 26 January 2021 05:07 PM
ආඩම්බරයි. ඔබ ගැන මොරගහවැව ජනතාවනි, සත්‍ය තේරුම් ගැනීම ගැන...
පොඩි මල්ලි Tuesday, 26 January 2021 05:09 PM
ඒක මේ ජනාධිපතිගේ නොවේ.. කලින් හිටපු හැමෝම ඉද්දී වූ දෙයක් ඕක.. එන්න දවස් දෙකක් තියෙනකොට RDA එකෙන් ඇවිත් දානවා උඩින් කාපට් එකක්.. මාසයක් යන්න කලින් ඔක්කොම හෝදගෙන යනවා. ජනාධිපතිතුමනි, එනකොට පාර දිහාත් බලාගෙන එන්න. කාපට් එක අලුත් පිට කළුම කළු පාටට තියනවා නම් හිතාගන්න නිලධාරින්ගේ වැඩ. ඕක ගැලවිලා ගියාම ආපහු අවුරුදු 10කින් තව ජනාධිපති කෙනෙක් ඔය පැත්තේ ආවොත් මිනිස්සුන්ට යන්න පාර හදයි. හදන්න බෑ මේ රට මේ සිස්ටම් එකම තමයි සදාකල්..
රාජුන් Tuesday, 26 January 2021 07:41 PM
රටේ ලොක්කා දැන් කරන්නේ ග්‍රාමසේවකගේ ජොබ් එකනේ... ඉස්සෙල්ලා හිටපු එක්කෙනාත් ග්‍රාම සේවක කෙනෙක් කියනවනේ... රට කරවන අය රට කරවන්නත්, ගම කරවන අය ගම කරවන්නත් ඕනෑ. ඒ දෙක පටලවා ගත්තොත් අපි ඔක්කොම අමාරුවේ.
සමන් Tuesday, 26 January 2021 08:59 PM
ගහලා එලවලා දාන්න තිබුණේ...
HK Tuesday, 26 January 2021 09:33 PM
මේ වගේ ගම් කොච්චර තියෙනවද? ගමක දෙකක ප්‍රශ්න විසඳීම ප්‍රමාණවත්ද?
දිමුත් Wednesday, 27 January 2021 05:20 AM
දැයට කිරුළ කියලා අමු බොරුවක් කලේ. ඒක තියපු පැතිවල ජනතාවගෙන්ම අහලා බලන්න..
Kamal Koyrala Wednesday, 27 January 2021 06:45 AM
මොරගහවැව ජනතාවට ජය වේවා... මේ නිලධාරී පැළැන්තියේ හොර වැඩවලට ඉඩ දෙන්නම එපා...
Rata Perata Wednesday, 27 January 2021 07:48 AM
මේක තව එක බොරු සංදර්ශනයක් විතරයි.
kadr jayawadana Saturday, 30 January 2021 07:17 AM
මේවා අමූලික බොරු වැඩ... තවමත් තණකොළ කනවා... කවදා ඔලුව පෑදෙයිද? ජනපති කෙනෙක් ගමින් ගමට යන්න ඕනෑද? එහෙනම් රාජ්‍ය නිලධාරීන් මොකටද?