IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඡන්ද පෙට්ටි ගෙනයාමට දරුවන් යොදාගනී

(ඩබ්.ඒ. පියතිලක)

පළාත් පාලන  මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කරවාගෙන තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 295 ක් තිබෙන අතර ඒවායේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ඇත්තේ පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයයි. 

ඡන්ද පෙට්ටි පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා බෙදාහැරීම සඳහා දරුවන් යොදා ගනු ලැබ තිබිණ. 

මේ සම්බන්ධයෙන් ජාතික ළමාආරක්ෂක අධිකාරියේ නිතී අංශයේ නිළධාරිනියකගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ නිලධාරිනිය පවසා සිටියේ වයස අඩු දරුවන් කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට කුමන සේවාවක හෝ යෙදවිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නිතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් සම්බන්ධ කරගත නොහැකි විය. 

පළාත් පාලන  මැතිවරණයේ  ඡන්ද විමසීම සඳහා  ඡන්ද පෙට්ටි සහ  නිළධාරින්  ඡන්ද මධ්‍යස්ථාන වෙත  ප‍්‍රවාහනය කිරිම අද (9)  පෙරවරුවේ සිට ආරම්භ විය. 

පළාත් පාලන ආයතන 340 කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරාගැනීමේ ඡන්ද විමසිම හෙට (10) උදැසන  7 සිට ආරම්භ වෙයි. අතර ඊට මහ නගර සභා 24ක්  නගර සභා 41ක්  සහ ප‍්‍රාදේශීය සභා 276 ක් ඇතුළත්ව ඇත.



අදහස් (12)

ඡන්ද පෙට්ටි ගෙනයාමට දරුවන් යොදාගනී

Bandara Friday, 09 February 2018 11:52 AM

විනෝදයට පෙට්ටිය අරන් ගියා කියලා මම හිතන්නේ නැහැ.. බරපතල දෙයක් කියලා, මෙය ළමා රක්ෂක බටහිර සමහර සංකල්ප අන්තගාමියි. ළමයි සුළු වැඩ කළාම ඒ අයගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා.

:       15       144

පිටිගල මිලානෝ Friday, 09 February 2018 12:16 PM

ජාතික අවශ්‍යතාවකදී විදුහල්පතිවරයකුගේ අනුදැනුම ඇතිව මෙවැනි කාර්යයක් සඳහා ළමයින් සහභාගි කරගැනීම වරදක් නොවේ. අදාළ නිලධාරීන් සමග උරෙනුර ගැටී වැඩ කිරීමෙන් ඔවුන්ට ලබාගත හැකි පොතපතේ නැති දැනුම මිලකළ නොහැක. අප කුඩා කල බාලදක්ෂ කණ්ඩායමේ සිටියදී බොහෝ වැඩ අනුන්ට කරදී ඇත. මෙවැනි ක්‍රියා ළමා ශ්‍රමය අවභාවිතා කිරීමක් නොවේ. දේශපාලකයන්ගේ මීටින් වලට බෑන්ඩ් ගසන්න, කොඩිය වනන්න යැවීම වැනි දේවල් නම් ජාතික අපරාධයන්ය. පුළුවන් නම් ඒවාට නඩු දාන්න.

:       53       340

සතයපාලFriday, 09 February 2018 04:27 PM

දැන් ඔබේ දරුවන්ව කවදා හෝ යවා තිබෙනවාද මේ මිලකල නොහැකී දැනූම ලබා ගන්න.

:       43       14

සතයපාල Friday, 09 February 2018 01:41 PM

දරුවන් මෙවැනි වැඩවලට යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් වෙන අතර මෙවැනි කාර්යයන් සඳහා මැතිවරණ කාර්යාලය අවශ්‍ය සේවකයන් යෙදිය යුතු අතර දරුවන් මෙවැනි කටයුතුවලට යෙදීමේදී අනතුරකට ලක් වුවහොත් එහි වගකීම බාරගන්නේ කවුරුන්ද? ඔවුන්ට දැනුම ලබා ගන්න ඡන්ද පෙට්ටි කර ගහනවාට වඩා තව කොතරම් ක්‍රියාකාරකම් තිබේද?

:       24       396

Sunil Friday, 09 February 2018 03:09 PM

ලාබාල කිරි දරුවන්ගේ ඡන්දෙ නේ. ඒ නිසයි ඒ ගොල්ලන්ව අල්ලාගෙන ඉන්නේ ඡන්ද පෙට්ටි ගෙනියන්න.

:       8       38

dias Friday, 09 February 2018 03:48 PM

ඡන්ද පෙට්ටිගෙන යාමට ළමයෙකු යොදා ගැනීම වරදක් නැහැ.

:       141       26

nimal Friday, 09 February 2018 04:17 PM

මේ ළමයි අනිවාර්යෙන්ම එස්.පී.ඕ. ගේම දරුවන්... තාත්තාගේ සුළු සේවකයා ලෙස යනවා. ඒ අයගෙන් සේවය අරගෙන කම්කරුවාගේ ගාස්තුව තමාටම ගන්න කරන දෙයක්. මේක විභාග ශාලාධිපතිලත් කරනවා. අනෙක් අතට දරුවන්ට හානියක් නොවන කාර්යයන් දරුවන් කිරීම වරදක් නොවේ. තමන්ගේ පවුලේ කටයුතුවල දරුවන්ට හානියක් නොවේ නම් මොකද්ද තියෙන වරද? හැබයි සමහර විට ගැටුම් පවා ඇතිවන තැනකට තමන්ගේම වුණත් දරුවෙක් රැගෙන යාම නම් සුදුසු නැත.

:       0       1

බුද්ධික Friday, 09 February 2018 05:37 PM

මේ බොහෝ විට ඡන්ද ස්ථානාධිපතිගේ දරුවෙක් හෝ නෑයෙක්. ඔහුට එක සහයකයෙක් ගෙන යා හැකියි.

:       3       25

kalpa Saturday, 10 February 2018 02:01 AM

ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව ලබන දරුවෝ අනාගතයේ සාර්ථක පුරවැසියන් වේ. එවැනි පිරිසක් සිටියොත් රටත් දියුණුවේවි!!!

:       0       0

ranjith Saturday, 10 February 2018 02:35 AM

මේ කරන්නේ උදව් කාරය ගැන දැනගන්න කරන වැඩක්... ඒ වුණාට ඒ සඳහා කුඩා දරුවන් එක්ක යන එක හොඳ මදි..

:       0       0

Bamunuarachchi Saturday, 10 February 2018 04:49 AM

මේ ගොල්ලෝ දරුවන් නොවෙයි කතාකළොත් දරුවන්ගේ තාත්තලා. කොහොම නමුත් මේ ගොල්ලො කරන්නේ ඡන්ද පෙට්ටිය අදාළ රථයට පටවාදීම පමණයි.

:       0       1

Bamunuarachchi Saturday, 10 February 2018 04:54 AM

ඇයි මේ අයගේ මුහුණ වහලා. මේ අය වැරදි වැඩක් කරනවා නොවෙයි... කුඩා දරුවෙක්, ළමයින් තමයි හරි වචනය, මේ කරන්නේ ජාතික කර්තව්‍යයකට උදව්වක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 225 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 494 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 595 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 366 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 444 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site