IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොතලාවලට ගනිද්දී මුදල් අය කළැයි සයිටම් සිසුන්ගෙන් නිහඬ විරෝධතාවක්

(නිමල කොඩිතුවක්කු)
 
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් සයිටම් සිසුහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිට අද(10) නිහඬ විරෝධතාවයක නිරත වුහ.
 
එක් එක් සිසුන්ට පෞද්ගලිකව ඇති ගැටලූ සදහන් කරමින් වෙන වෙනම ලියූ ලිපි සදහන් ලේඛනයක්ද එහිදි සිසුන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.
 
සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදි වසරකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවිමට සිදුවන බවත් සයිටම් ආයතනය සදහා මුදල් ලබා දි ඇති බැවින් යළි මුදල් ලබාදීම ගැටලූවක් වී ඇති බවද එම සිසුහු සදහන් කරති.
 
මේ හේතුවෙන් සයිටම් ආයතනයට  සම්පූර්න පාඨමාළාව ගෙවා  අවසන් කර ඇති සිසුන්, සයිටම් ආයතනය මගින් ශිෂ්‍යත්ව ලබා දුන් සිසුන් සහ රජය මගින් ශිෂ්‍යත්ව ලබා දුන් සිසුන් මේ දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
 
විරෝධතාකරුවන් ගාලූ මුවදොර පිටියේ සිට විරෝධතා පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපටට පැමිණ  විරෝධතාවයේ නිරත විය.
 
‘‘විජයදාස  ඇමතිතුමනි විසදුම් අසාර්තකයි’’, ‘‘සයිටම් සිසුන් කබලෙන් ලිපට’’, ගාස්තු ගෙවා අවසන් තව ඉල්ලන්නේ ඇයි?’’, ආදී විරෝධතා පුවරු රැගෙන සිසූහු විරෝධතාවයේ නිරත වුහ.
 
තම ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්චා කිරිමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම සිසුන් එහිදි ඉල්ලා සිටියේය.
 
සිය ගැටලූ සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සදහා සිසුන් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමට ආරකෂක අංශ මැදිහත්වී අවස්ථාව සළසා දුන්හ.
 
 
 
 
 
( ඡායාරූප- ඉෂාන් සංජීව)
 



අදහස් (7)

කොතලාවලට ගනිද්දී මුදල් අය කළැයි සයිටම් සිසුන්ගෙන් නිහඬ විරෝධතාවක්

tommy Monday, 10 September 2018 11:42 AM

ලංකාවේ තරම් කෙනෙකුගේ අධ්‍යාපනයට ඊර්ෂ්‍යා කරන, අකුල් හෙලන රටක් මුළු ලෝකෙම නැතුව ඇති...

:       258       210

කපිල Monday, 10 September 2018 11:45 AM

ඔයාලට සල්ලි තියෙනවා. ඇයි ඔයාලා ඉගෙන ගන්නේ? දුප්පත් ළමයින්ගේ අවස්ථා උදුරා ගන්න එපා. දුප්පතුන්ට රස්සාවක් කරලා හැදෙන්න දෙන්න. ඔබලාට ගෙදර ඉඳන් ජීවත්වෙන්න ක්‍රම තියෙනවනේ...

:       265       212

මහේෂ් Monday, 10 September 2018 11:54 AM

ගාස්තු ගෙව්වේ නෙවිල් මුදලාලිටනේ.. පාරවල් අවහිර නොකර ඒ උන්දැගෙන් බැලන්ස් එක ඉල්ල ගන්නයි තියෙන්නේ...

:       43       461

buddikaMonday, 10 September 2018 02:36 PM

ඇත්ත කතාව, නෙවිල් ලොක්කගෙන් ගිහින් ඉල්ලගන්න.

:       61       11

රවින් Monday, 10 September 2018 01:40 PM

ගාස්තු (ගෙවලා) සහිතවනේ ඉගෙනගන්න ගියේ... ඉතින් ඇයි විරෝධතා? නොමිලේ ඉගෙනගන්න ගිය අයගෙන් මුදල් ගත්තනම් විරෝධතා සාධාරණයි. පටු දේශපාලකයන්ගේ අතකොලු නොවී තමන්ගේ කොටස හරියට කරන්න. නැතිනම් අන්තරේට එකතුවෙලා විරෝධතා කරන්න.

:       11       59

dilanka Monday, 10 September 2018 02:35 PM

ඒ ගමන මේ ගොල්ලොත් පිනට ඉගෙන ගන්න හදනවා ... සල්ලි ගන්නමයි තියෙන්නේ

:       3       12

Sanath Monday, 10 September 2018 05:26 PM

සයිට්ම් එකට කෝටි එක හමාරක් ගෙවන්න සල්ලි තිබුනනම් මේකේ ලක්ෂ 14 ගෙවන්න බැරි වෙන්න මොකද?

:       1       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 84 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 108 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 205 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 481 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 647 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 255 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site