IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට පියවර

(විනීතා එම් ගමගේ)

කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

එම පිළිසකර කටයුතු නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පෙරවරු 8.30 ට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් වසර හතර හමාරක පමණ කාලයේ දී නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් එම වෙළඳ සංකිර්ණයේ වෙළෙඳ සැල් වලින් සියයට අසූවක් මේ වනවිට වසා දමා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

එමෙන්ම එකී පාවෙන වෙළඳ සැල් පවත්වාගෙන යන ඇලෙහි ජලය අපිරිසිදු වීම හේතුවෙන් දැඩි  පාරිසරික ප්‍රශ්න මතුවී ඇති බවත් මේ නිසා ඉක්මණින් එහි පිළිසකර කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු ලංකාදීපයට පැවැසීය.

මේ පිළිබඳ අවධානය යොමුකළ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පිළිසකර කටයුතු වහා අරඹන්නැයි අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාව සිටියදී ඔහුගේ සංකල්පයක් අනුව ඉදිවූ මෙම පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කරන ලද්දේ 2014 අගෝස්තු 25 වනදාය.

 

 

 

 



අදහස් (9)

කොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට පියවර

kamal Monday, 24 August 2020 04:08 AM

කවුරු පටන්ගත්තත් මේක කිසිම ආර්ථික පදනමක් නැතුව හැදුව එකක් බව ප්‍රයෝගිකව උප්පු වෙලා ඉවරයි.

:       324       170

sajithMonday, 24 August 2020 05:36 AM

ඍණාත්මක බව සමහරුන්ට ආවේනික ලක්ෂණයක්.

:       6       114

lasanthaMonday, 24 August 2020 07:09 AM

ඉතාමත් හොඳ වැඩක්.. ඕනෑම දේක වැරැදි පැත්ත දකින මෝඩයොත් මේ රටේ ඉන්නවා.

:       0       0

NuwanMonday, 24 August 2020 11:25 AM

මෙතන සෑහෙන විභවයක් තියනවා. 2015 මෙතන තියන රෙස්ටුරන්ට් එකට ගියා. සුපිරි සේවය. මේක අතඇරලා දැම්මේ මිනිස්සුන්ට ගෝඨා මතක්වෙයි කියලා. අතඇරලා දැම්මට පස්සේ මිනිස්සුන්ට මේක අමතක කරන්න බැරිවුණා.

:       0       0

amila Monday, 24 August 2020 05:35 AM

එක්කෙනෙක් පත් වෙද්දී හදනවා අනිකා පත් වුනාම අතාරිනවා ආයේ අනිත් කෙනා ආවම හදනවා.

:       1       15

Rakitha Monday, 24 August 2020 05:35 AM

ඉතාම හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හරියට කලොත්.

:       4       110

kamal koyrala Monday, 24 August 2020 07:00 AM

නැවත ආරම්භ කිරීම් හොඳයි... මෙහි වෙළඳාමක් වෙන්න නම් කොටුව සම්පූර්ණයෙන්ම සුද්ද කර පදික වේදිකාව සහ බස් මගීන්ට රථවාහනවලට ඉඩපහසුව සලසා දීලා පික්පොකට් කරුවන් නැතිකළ යුතුයි.

:       0       0

vipula Monday, 24 August 2020 07:23 AM

මේවගේ අගය තේරෙන්නේ දවසකට හෝ පිටරට ගිය කෙනෙක්ට... ළිං මැඩියන්ට තේරෙන්නේ එක්තරා ප්‍රමාණයකට විතරයි.

:       0       0

සිරා Monday, 24 August 2020 11:25 AM

මෙතන ටිකක් බිස්නස් අඩුයි. මොකද මිනිස්සු විශේෂයෙන් මෙතෙන්ට කියලම එන්න ඕනෑ.. මෙතන තියන කෑම කඩ ටික විතරයි ඉතුරු වුනේ.. මෙතන ප්ලාස්ටික්, සෙල්ලම් බඩු, ඇඳුම් දාලා හරියන්නේ නෑ. මෙතෙන්ට ඕන වෙනම කන්සෙප්ට් එකක්... අර හෙළ බොජුන්, ඕගනික් මාර්කට් වගේ ඒවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 88 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 108 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 205 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 481 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 649 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 255 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site