IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොග්ගල්ලේ දී පොලිස් වෙඩි පහරකින් තරුණයෙක් මරුට

හම්බන්තොට සනත් ගමගේ
අම්බලන්තොට කොග්ගල්ල හබරත්තවල ප්‍රදේශයේ දි සිදු කළ  මෙහෙයුමක දී පොලිස් අණ නොතකා පලා ගිය කුඩා ලොරි රථයකට පොලිසිය වෙඩි  තැබීමෙන් තරුණයකු මියගොස්  ඇතැයි පොලිසිය කියයි.
මාර්ගයේ ගමන් ගත්  ලොරි රථයක් නතර කිරීමට අණ කළ ද එහි සිටි අය  පොලිසිය දෙසටද වෙඩි තබා  පලාගොස් ඇති අතර අද උදේ හබරත්තවල මාර්ගයේ පුද්ගලයෙක් ඝාතනය කර ඇති බවට පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ ලොරි රථයේ සිටි පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් පසු එම පුද්ගලයා මහ මඟ දමා අනික් අය පලා ගොස් ඇති බව අනාවරණය වි තිබේ..
පසුව පලා ගිය පුද්ගලයින් දෙදෙනෙක් සහ ලොරි රථය නීතිඥවරයෙකු මගින් අද  දහවල් අම්බලන්තොට පොලිසියට භාරදී ඇත.
හබරත්තවල මාර්ගයේ මළ සිරුර දමා ගොස් තිබූ ස්ථානයේ සිට එම මාර්ගයේ තැන්  කිහිපයක කෙසෙල් කැන්  දමා ගොස් තිබී පොලිසිය සොයා ගත්  බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් සිටින වයස අවුරුද 19 ක පමණ පුද්ගලයා ප්‍රදේශයේ විවිධ සොරකම් සම්බන්දව මිට පෙර අවස්ථා කිහිපයකදී පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අයෙක් බව පොලිසිය කියයි. 
හොරට කෙසෙල් කැන් කපා යන අතර පොලිසිය වහනය පරීක්සා කිරිම නිසා මෙම සිදුවිම සිදු වු බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව  පොලිසිය පවසයි.



අදහස් (19)

කොග්ගල්ලේ දී පොලිස් වෙඩි පහරකින් තරුණයෙක් මරුට

Bamunuarachchi Saturday, 11 November 2017 11:25 AM

පොලිසියෙන් කවුරු හරි විසඳන්න බැරුව තිබුණු හොර මැරකම් ඔක්කොම මැරුණු කෙනා පිටින් දාලා වැඩේ අවසන් කරනවා...

:       10       207

Raveendra Saturday, 11 November 2017 11:33 AM

මෙහි සදහන් විස්තර අනුව නම් කෙසෙල් හොරෙක් බව කිවහැක. (මෙහි සදහන් කරුණු අනුව). හොරකම කෙසෙල්ද, අබද, පොල්ද, මහා බැංකුවේ අතිවිශාල මුදල්ද නොව එය නීතිවිරෝධී සහ සමාජ විරෝධියි. එහි කිසිඳු වෙනසක් නොමැත. වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙසේ පොලිස් වෙඩිපහරින් ඝාතනය වුණා නම් අති විශාල මහා බැංකු මංකොල්ලයට පණ පිටින්ම ආදාහනාඝාරයකට ඇතුළු කලයුතු නොවේද?

:       63       1211

SanjaySunday, 12 November 2017 04:24 AM

හොරකම හොරකමමනේ කියනවානේ.....දඩුවමට ලොකු පොඩි වෙනසක් නැත්නම් ඇයි ලොකු මිනිසුන්ට දඩුවම් ප්‍රමාද කරන්නේ...

:       0       353

MatinsigngnoSunday, 12 November 2017 05:40 AM

මහබැංකු හොරුන් මාංචු දමා බැඳුම්කර සල්ලි හොයන්න යවමු නේද?

:       0       3

anura Saturday, 11 November 2017 12:00 PM

උතුරේ දී නම් පොලිස් නිලධාරීන් කූඩුවට, දැන් මෙහෙදී නම්....

:       0       491

Thusharasa- Qatar Saturday, 11 November 2017 12:51 PM

හොරකමට කොහොමත් දඬුවම් දෙන්න ඕනෑ.. එ්ත් දකුණට වෙඩි තිබ්බට.. උතුරෙන්.. නැගෙනහිරෙන් මෙයාල අම්බානට කනවා... ඒ අයට වෙඩි තියන්නේ නැහැ... එ්කයි වෙනස...

:       2       363

bamunuarachchiSaturday, 11 November 2017 04:42 PM

මම කියන්නේ රාජකාරිය සාධාරණව සහ නම්බුකාරව කරන්න බයවෙන්න එපා.

:       1       40

bamunuarachchi Saturday, 11 November 2017 03:56 PM

ලස්සන වැඩේ මෙතන අදහස් ලියන ඔක්කොම අර මිනිස්සු උසාවි යන්නත් කලින් තීන්දු කරලා ඉවරයි මේ ලොරියේ ආපු අය හොරු කියල. මහින්ද මහත්තයාටත් ඕනේ ඕකනේ. හොරා කියල ඉවරවෙලා තමයි හොයන්නේ හොරකම් කෙරුවේ මොනවාද කියලා. මෙතැන ලියන මිනිස්සු මොකක්හරි උගත් කමක් තිබෙනවානේ අනේ හිතන්න බැරිද තමන් කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ සාධාරන හේතු සහිතවද කියල.

:       267       258

samSaturday, 11 November 2017 09:32 PM

බමුණුආරච්චි, ඔබගේ කියමන නිවැරදියි. රටේ නීතිය අනුව උසාවියකින් වැරදිකරු කරනතෙක්, (බිඳ හෙළිය නොහැකි සාක්ෂි සහිතව චෝදනා ගොනු කරලා තිබුණත්) චූදිතයා නිවැරදිකරුවෙක්. මේ මියගිය තැනැත්තා හොරෙක්, මිනීමරුවෙක් හෝ ඊටත් වඩා බරපතල අපරාධකරුවෙක් කියලා වගකීමක් ඇතිව ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්නේ නඩු විභාගයේ තීන්දුව දෙන විනිසුරුටයි. මේ මරණය සාධාරණීකරණය කිරීමට මොන දේවල් කිව්වත් මරණ පරීක්ෂනයේදී සාක්ෂිවලට කිව හැක්කේ පොලිස් අණ නොතකා පලාගිය කෙනෙකුට වෙඩි තිබ්බා කියා පමණයි. පොලිසිය නීතිය දන්නේ නැති නිසා රාජකාරිය හරියටම ඉෂ්ඨ කරලාත් දොස් අහනවා.

:       3       0

sahanSunday, 12 November 2017 01:42 PM

හරි, හරි බමුණුආරච්චි, දෙන්නම හම්බන්තොම මිනිස්සුනේ, ඉතින් අනේ එකවගේ තමා..

:       0       0

Don Saturday, 11 November 2017 10:25 PM

මෙය අවම බලය පාවිච්චි කිරීමක්ද? මුලින්ම පොලිසියට උගන්වන්න ඕන වාහනයක් පලායද්දී ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වෙඩි තියන්නේ නැතුව වාහනයේ ටයර් වලට වෙඩි තියන්න.. පොලිසියට පුළුවන් මේ වගේ වැඩ කරලා ඕනෑම අහිංසකයෙක්ව ඒ අවස්ථාවේ දරුණු පුද්ගලයෙක් බව කියන්න... එහෙම කරන්න ගිහින් මොරටුවේදී සහ තවත් තැන් කීපයකදී පොලිසිය නා ගත්තා .. කෙසෙල් හොරෙක්ට දඬුවම මරණය විය යුතු නැහැ. අනික මට හිතන්න අමාරුයි... කෙසෙල් හොරකම් කරන්න තුවක්කුවක් අරන් යයි කියලා .. එහෙම තුවක්කුවක් හොරුන්ට තියෙනවා නම් ඒවා අරන් කෙසෙල් වතුවලට හොරෙන් පනිනවට වඩා ලංකාවේ කරන්න වැඩ ගොඩක් තියෙනවා.. අනිත් සියලු කාරණා ඇත්ත විය හැකි වුවත් පොලිසියට වෙඩි තබා පලා ගියා... ඒ නිසා වෙඩි තිබ්බා කියන එක නම් ඇඟ බේරා ගැනීමට ගොතපු කතාවක් විය යුතුයි.. මෙවැනි වරදවල් වලට දඬුවම් නොකළොත් කවදා හෝ තවත් පොලිස් නිලධාරියෙක් අතින් පාරේ ගමන් කරන අහිංසකයෙක් පරලොව යා හැකියි.

:       0       367

වින්සන්ට් Saturday, 11 November 2017 10:33 PM

බමුණුආරච්චි මහත්මයා, ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව කිසිවිටක ගැටළුවක් නොමැත. නමුත් නිතරම ඔබේ අදහස සම්බන්ධව යමක් ප්‍රකාශ කිරීමක් පමණක් කිසිවකු විසින් කරන බව කරුණාවෙන් සලකන්න. අපිව ගොන් පොරයට දමා ඒවා නරඹන, පරම්පරා ගණනකට වස්තුව රැස්කරන තුප්පහි දේශපාලකයන් තමයි මම නම් ශ්‍රී ලංකාවේ දකින්නේ. ඔබතුමා සිතන වැඳුම් පිඳුම් කරන්න තරම් දේශපාලකයන් රටේ සිටියා නම් අද පවතින රටේ තත්වයක් ඇති නොවනවාට සැක නැත. අපි කෙනෙකුගේ කටු කන්නේ නොමැති නම් ජනතාවගේ පැත්තෙන් කවුරුත් සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. ඉහත සිදුවීමේදී සාමාන්‍ය පුරවැසියෙකුට නීතියේ බලය යෙදීමේ වේගයත්, ඔබතුමා කියන වගේ ප්‍රභූවරුන්ට පවතින ප්‍රමාදයත් අතර වෙනස තුප්පහි පැවැත්මක ලක්ෂණයක් බව අපි සලකමු.

:       0       0

ලුම්බිණි Sunday, 12 November 2017 01:49 AM

මම හිතනවා පොලිසිය වෙඩි තියපු එක වැරදියි කියල. පොලිස් අණ නොතකා යන හැමෝටම වෙඩි තියන්න යන එක හොඳ දෙයක් නොවෙයි.

:       4       69

Amith Sunday, 12 November 2017 03:48 AM

අනේ මෙම තරුණය යාපනේ හෝ කල්මුනේ ඉපදිලා හිටියනම් අදටත් ජීවතුන් අතර .!!!!!!!

:       0       114

GihanSunday, 12 November 2017 05:52 AM

එහෙමම වෙන්න ඕනේ නෑ. සිංහල නොවුණා නම් හොඳටම ඇති. සිංහලයෙක් කෙහෙල් කැන් කැපුවම වෙඩි... වෙන ජාතියක අය හරක් හොරකම් කරපු වාහනෙන්ම කෙල්ලො 2ක් යට කරල මැරුවත් මුකුත් නෑ. ඊලඟ පාරවත් සිංහල අය වෙනුවෙන් පෙනී ඉන්න නායකයෙක් ‍තෝරා ගනින්...

:       0       0

sahanSunday, 12 November 2017 01:44 PM

හරි මචන්... ඔය පැත්තේ ඉන්නේ හොරු තමයි...

:       0       0

Amith Sunday, 12 November 2017 05:03 AM

සජිත් පේමදාස මහත්තයට දුන්නනම් හරි .

:       6       0

Sampath Sunday, 12 November 2017 05:48 AM

මේක පිළිගන්න අමාරුයි.. කෙසෙල් කැන් ලොරියකින් ගිහින් හොරකම් කරන්, අනෙක් කෙසෙල් කැන් හොරකම් කළා කියලා ඔප්පු කරන්න පහසු නැහැ. මොනවා වුණත් මේ ලොරිය අල්ලන්න තිබ්බේ වෙඩි නොතියා... හොරකමට දඬුවම් කළානම් හරි. නමුත් මෙය තාමත් සැක සහිතයි. කෙසෙල් කැන් අරන් යන මිනිස්සු පොලිසියට වෙඩි තියන්නේ මොකටද? ඕනෑම කෙනෙක් දන්නවා පොලිසියට වෙඩි තිබ්බොත් ප්‍රතිප්‍රහාර එල්ලවෙන බව... මේවා නිසයි සාධාරණ විමර්ෂණයක් කළයුතු වන්නේ..

:       0       1

anura Sunday, 12 November 2017 07:55 AM

කැස්සොත් මාස 6යි, පොල් ගෙඩියක් නම් ඇපත් නැහැ, කෙහෙල් කැනක් නම් මරණීය දණ්ඩනය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 22 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 174 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 594 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 150 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 209 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 592 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site