IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කසළ එවූ එංගලන්ත සමාගමෙන් ශ්‍රී ලංකාව වන්දි ඉල්ලයි

(ඉන්දිකා රාමනායක)
 
ජත්‍යන්තර නීති රිති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට කසල අපද්‍රවය  බහාලුම් 263  මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එංගලන්තයේ  සමාගමෙන් වන්දි ලබා ගැනීමට ඉදිරියේ කටයුතු  කරන බව රේගුව පවසයි.
 
 මේ සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාවලිය නිමවීමෙන් පසු වූ අදාළ වන්දි මුදල ලබා ගැනීමට කටයුතු කරන බව  රේගු මාධ්‍ය ප්‍රකාශක  අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
 
 මේ සම්බන්ධයෙන්  බලධාරීන් සමග ඉදිරියේ    එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා  පවත්වන බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.
 
මේ සම්බන්ධයෙන් එංගලන්තය සමඟ පැවැත් වු සාකච්ඡාවකින් ඔවුන් බහාලුම් කිහිපයක්  නැවත ගෙන්වා ගැනීමට කර තිබූ එකගතාවකට අනුව ඉතුක් (26) දින කසල බහාලුම් 21ක් නැවත ප්‍රතිනැව්ගත  කර තිබුණි.
 
රේගු නීතිය උල්ලංඝනය කරමින් 2017 වසරේ දෙසැම්බර්  මස මෙරටට  ගෙන්වා ඇති මෙම බහාලුම් වල තිබි  එරට නිවාස වලින් ඉවතලූ දෑ මෙන්ම නාගරික අපද්‍රව්‍ය තිබු  බව රේගුව පවසයි.
 
ශ්‍රී ලංකාව හා එංගලන්තය යන දෙරටම පාර්ශවකරුවන් වන ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේද මෙවැනි ඒවා එවීමට පෙර ආනයනය කරන රටින් පූර්ව අවසර ගැනීම කොන්දේසියක් බවත්  මෙහිදී මෙම කොන්දේසිය කඩවී ඇති බව රේගුව පවසයි.

(ඡායාරූපය ටී.කේ.ජි කපිල)
 



අදහස් (4)

කසළ එවූ එංගලන්ත සමාගමෙන් ශ්‍රී ලංකාව වන්දි ඉල්ලයි

විජිත් Monday, 28 September 2020 10:29 AM

එංගලන්තයේ කසල මෙරටට ආනයනය කරපු, රාහු කාලය පන්නලා වැඩ කරන , කෙනාව අල්ලගන්නේ නැත්තේ ඇයි..? ඔහුගේ දේශපාලන හයියට බයේද...?

:       1       24

kamal koyralaMonday, 28 September 2020 11:03 AM

බය නැහැ ඡන්ද වැඩවලට කැසිනෝ සල්ලි නැති වෙයි කියලා බය.

:       3       14

DM Monday, 28 September 2020 11:56 AM

බහාලුම් 21ක් නැවත එංගලන්තයට යැව්වා කිව්වට, කොළඹ වරායෙන් ගිහින් වටෙන් කැරකිලා ආපහු හම්බන්තොට වරායට ගොඩ බායිද දන්නැහැ. එහෙම වුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ.

:       2       22

rocky Tuesday, 29 September 2020 03:06 AM

‘‘මේඩ් ඉන් එංග්ලන්ඩ්‘‘ නම් බඩු නියමයිනේ...!!! අපරාදෙ ආපහු යවන්නේ. ඕවා පැකට් කරලා විකුණන්න පුළුවනි කොත්තු රොටි හදන්න. ඊට පස්සේ අපි ඒවා එංගලන්තයට අපනයනය කරමු..!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 650 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 792 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 432 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 506 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site