IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවෙති

(නිමන්ති රණසිංහ)

කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.

මෙම සාකච්ඡාව හෙට (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතව ඇතැයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් වන අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් මෙම හමුව සදහා සහභාගී වීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා සදහන් කළේය.
 



අදහස් (19)

එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවෙති

අමිල Tuesday, 31 March 2020 02:51 PM

දැන් මන්ත්‍රී වරු නැහැ. හිටපු මන්ත්‍රීවරු?

:       0       0

Champa Tuesday, 31 March 2020 03:26 PM

හොඳ සල්ලිකාර මන්ත්‍රීවරුනේ. අත් දෙක වනවනා යන්නේ නැතුව කොරෝනා අරමුදලට පරිත්‍යාගයක් අරන් යන්න.

:       117       311

RaveendraTuesday, 31 March 2020 06:04 PM

ගැටලුව තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය හොයන තක්කඩි පල්හොරෙකුත් රටේ ප්‍රධානියාව හමුවෙන්න යන එක. ඔන්න රාලහාමිලාට අවස්තාව ඇවිත් තියෙන්නේ මෙතෙක් කල් හැඟී හැඟී හිටිය ගල් ආයුධ එනකොටම මාංචු දාගන්න පුළුවන්..හෙට මේ පුවත්පතේම චායරුපයක් තියේවි නේද තක්කඩියව මංචි දාල කුදලාගෙන යනකොට... අපේ ලෝකේ හොදම තක්කඩි හොර ග්‍රහයන්ට ජය වේවා !!!

:       0       0

athuraWednesday, 01 April 2020 04:16 AM

ඕක ඔහේගේ අසහාය නායකයා මහින්ද මහත්මයටත් කිව්වොත් නරකද මොකද එයා දුප්පත් මනුස්සයෙක්ද ?

:       0       1

Nihal Tuesday, 31 March 2020 04:38 PM

මේ ඇදිරි නීති පනවල 6 ට ලිහිල් කර 2 පනවන කාලසීමාව හොදටම මදි නිසයි ජනතාව විශාල වශයෙන් නගරයට එන්නේ අත්‍යවශ්‍යම දෙයක් අරගෙන ගෙදර දුවන්නේ..., මේ ආශාවකට එන ගමනක් නොවෙයි, අඩු තරමින් සවස 6 දක්වාවත් දීර්ග කල යුතුයි. එහෙම නොකොළොත් රෝගීන් වැඩිවීමක් වෙන එකයි වෙන්නේ. රෝගීන් වැඩි උනේ සුළු පිරිසක් එය වසන් කිරීම හා පවුලේ අය සමගම නිරෝදායනය වෙන්න ගිහින් ,පවුලේ සියලු දෙනාටම බෝවුණු එකය. ගෙදර නිරෝදනය වෙන්න ගුවන් තොටින් නීතියක් අනුව කීවා නම් ඔබ ගෙදරට යනවිට දරුවන් දෙමව්පියන් අසල්වැසි නිවසක හෝ ඥාති නිවසකට ගිහින් හිටය යුතු බව. (හිතල කරන්න මොලයක් නැනේ ) ඔබ තනියම නිරෝදනය විය යුතුයි. අනිත් කාරනේ මේ ඇදිරි මුළු දිස්ත‍්‍රික්කයකම දානවට වඩා අදාල ගම ,නගරය නිවාස ලොක් ඩවුන් සීල් තබා ෆාමසිය ,බැංකුව සහ ආහාර වෙළද සැල් කීපයක් පමණක් විවුර්තව තිබ්බොත් නගරයක පාරිබෝගිකයන් සුළු පිරිසක් පමණයි ඉන්නේ .මේ වෙලාවේ නගරයට කිසි කෙනෙක් කැමැත්තකින් එනවා නොවෙයි...

:       0       0

ලියනගේ Tuesday, 31 March 2020 04:41 PM

පොහොට්ටුවේ මැති ඇමතිවරු ජනපති අතරමන් කර හෝ තනිකොට ඇති මොහොතක එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවී ඔහුව ශක්තිමත් කිරීමට කටයුතු කිරීම අගය කල යුතුවේ....

:       412       483

BamunuarachchiWednesday, 01 April 2020 02:23 AM

අපි නොදන්නා එජාප ගොයියෝ.

:       0       0

ChampaWednesday, 01 April 2020 06:25 AM

මොලය ඇති හැමට පේනව ඔය කියන එක නෙමෙයි වෙලා තියෙන්නේ විහින් අතරමං වෙලා කියල. යූඑන්පී මන්ත්‍රීවරුන් ලව්වා ශක්තිය ගන්න තරම් ජනාධිපති බංකොලොත්ද?

:       1       0

Nihal Tuesday, 31 March 2020 04:43 PM

කාට හෝ මෙය නෙත ගැටුනොත් ජනාධිපතිතුමාට කියන්න අමතක කරන්න එපා...

:       0       33

vipula Tuesday, 31 March 2020 05:24 PM

බාර් ලයිසන් වැඩිමනක් තියෙන්නේ හිටපු දේශපාලකයන් 225 අතේ... ඒවා නැවත ඇරගන්න පුලුවන්ද කියල බලන්න යනවා ඇති.

:       25       355

anura Tuesday, 31 March 2020 05:44 PM

ජනාධිපතිතුමනි පරිස්සෙමින් ඔය අතර අනිවාර්යෙන්ම කොරෝනා ආසාදිතයන් ඉන්නවා. ඔය එන්නේ කරගෙන යන වැඩ පිළිවෙල කඩා කප්පල් කිරීමටය. නැතිනම් අහවල් අය මළොත් පුළුස්සන්නේ නැතිව තියන්න කියන්න.

:       0       0

vidya Tuesday, 31 March 2020 06:37 PM

ජනාධිපතිතුමා... , කරුණාකරලා මේ ගොල්ලන්ට වැඩ කොටසක් බාර දෙන්න. නිකම්ම කයිවාරු කියකිය අතන මෙතන විවේචනය කරනවා වෙනුවට සතොසේ ආහාර පැකට් කිරීම.., ගෙවල් වලට ආහාර බෙදීම , බෙහෙත් හේත් බෙදීම මේ අයට පවරන්න... ගම්මන්පිලල , වීරවන්සලටත් ලොරි ටිකක් දීල එලොලු ලොරි එලවන්න දමන්න. නැතිනම් පාර්ලිමේන්තුවට ආයෙමත් ආවොත් පරණ සෙල්ලමම තමයි කරන්නේ... වාසුදේවට මීටර් දෙකේ පොල්ලක් දීල මිනිසුන් මීටර් දෙකේ දුරින් තියන්න වැඩක් බාර දෙන්න...

:       0       0

Rasika Tuesday, 31 March 2020 09:18 PM

ඔය හිටපු විදියටම ගෙදරට වෙලා හිටියනම් හරි. ජනාදිපති කරගෙනයන විදියට ඒක කරන්න ඉඩදීල.

:       0       0

M Muthaz Tuesday, 31 March 2020 09:33 PM

රවී කරුණානායක යන්නේ මොකක් හරි හොර ගැටයක් ගහන්න බලන්න වෙන්න ඇති. කොරෝනා උනත් කමක් නැහැ විකුනන්න තියෙනව නම්.

:       0       0

මුණසිංහ Wednesday, 01 April 2020 12:52 AM

නෑ ඔය මොකකටවත් නොවෙයි. මෙයාල ට ඊළග සැරේ පාර්ලිමේන්තුවට යන්න පුලුවන් වේවිද සැකයි. මේකෙන් හරි ලකුණු කීයක් හරි දාගෙන ගොඩ යන්න ක්‍රමයක් ඔය බලන්නේ. නැත්නම් රටටවත් ගෝඨ ටවත් ආදරේට නෙවෙයි.

:       0       0

Bamunuarachchi Wednesday, 01 April 2020 02:22 AM

මෙවෙලාවේ වැඩ තිබෙන්නේ වෛද්‍ය වරුන්ට, හමුදාවට, පොලිස්සිසියට, අහාර, බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය බෙදාහරින්න මිස මේ අයට නොවෙයි.

:       0       0

jayath Wednesday, 01 April 2020 02:34 AM

මොනවා කියන්නද හලෝ මෙච්ච්ච්ර දොහක් හිටිය විදියටම ඉන්නවකෝ... කරන්න ඕන ඔක්කොම දැන් කොරල ඉවරයි. ඇයි මේකට ඔයාලගේ අර "ගොඩ වෙදා " ට කතා නොකළේ?

:       2       0

Bamunuarachchi Wednesday, 01 April 2020 03:19 AM

"එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට, අප්‍රේල් 1, ජනපති හමුවෙති" ඔව් අද මෝඩයගේ දවසනේ.

:       1       0

thilak Wednesday, 01 April 2020 03:34 AM

එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ ඔය මන්ත්‍රී කට්ටිය විතරයිනේ. ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න ඕනේ. නමුත් අපි අකැමති වෙන්නේ බැංකු හොරා, රජයේ කොන්ත්‍රාත් කරයකුත්, දුෂකයෝ ටික ‌ගෝඨා සර්ට කිට්ටු වෙන එකයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 271 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 591 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 705 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 405 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 474 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site