IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්ධන මිල යළි ඉහළට

රංජන් කස්තුරි
 
ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.
 
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.
 
මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.
 
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක   නව මිල 133කි.



අදහස් (52)

ඉන්ධන මිල යළි ඉහළට

Ranjan Monday, 10 September 2018 05:51 PM

ලක්ෂ 62 වෙනස සැපද? ඔබට සතුටුයිද දැන්?

:       223       3661

KamalTuesday, 11 September 2018 02:42 AM

තාම අප්පොච්චා හිටපු කාලේ ගානට වඩා අඩුය. එනිසා තාම සතුටුය.

:       1724       5174

RNG Tuesday, 11 September 2018 11:49 AM

මේ අයට ඒ කාලේ තෙල් මිල වැඩි වෙනකොට විතරනේ ලොකුවට පෙනුණේ ..දැන් පේන්නෙ නෑ

:       0       56

කමල් Tuesday, 11 September 2018 02:47 AM

දැන් හරිම නං මොකක්ද කරන්න ඕන. සතුටුයිද දුකද කියල බෑ. පරණ ආණ්ඩුව හිටියනම් මොකක්ද කරන්නේ කියලා කිව්වා නම් හොඳයි. ඒගොල්ලො ඉන්නවානං රජය වියදම් අඩු කරලා කාර්යක්ෂමතාව ඉහළ නං (සංඛ්‍යා දත්ත සහිතව ) හොඳයි. මට නම් වියදම් අතින් මේ ගොල්ලෝ හිටියත් එකයි අනික් අය හිටියත් එකයි. අපේ වියදම් වැඩි වෙනවා විතරයි

:       10       356

asnkaTuesday, 11 September 2018 03:04 AM

උදේ 10 වෙනකන් ඉන්නවලකෝ ඕක අඩු කරයි......

:       3       156

NuwanJTuesday, 11 September 2018 05:06 AM

පසුගිය අය බැරලය ඩො. 90 ගානට අරගෙන එදා ඒ මිලට දුන්නේ අද ඩො 60 ගණන් වලට අරගෙනයි මේ මාස් පතා වැඩි කරන්නෙ

:       1       119

SanjithTuesday, 11 September 2018 06:11 AM

රන්ජන් මහත්තයා මේගොල්ලන්ට කියලා වැඩක් නැහැ. මොලයක් තියෙන්න එපෑ දෙයක් තේරුම් ගන්න. ඒ කාලෙ බොරතෙල් බැරල් එකේ මිලයි දැන් බොරතෙල් බැරල් එකේ මිලයි සැසඳුවනම් ඒ කාලෙ ගාන වැඩි වුනේ කොහොමද කියලා තේරෙනවා. ඒත් හිතන්න බැරි නම්, මොලයක් නැත්තන් අපි මොනවා කරන්නද? රන්ජන් මහත්තය කියනවා වගේ ලක්ශ 62 න් අපිටත් අහන්න වෙන්නෙ වෙනස සැපද කියලා තමා. ඔබතුමාගෙ අදහසට දාලා තියෙන සමහර උත්තර එක්ක අපිටත් හිතෙන්නෙ දැන් ලක්ශ 62 න් සමහරක් වැටිලා කියලම තමා. ඒ කාලෙ ගානටම බොරතෙල් බැරල් එකේ ගාන ආපු දවසට දුන්න ගානට වඩා දෙගුණයක් විතර වෙයි තෙල් මිල. හැබැයි ඒකත් හොඳයි. එතකොට වෙනස තවත් සැප වෙයිනෙ.

:       0       54

OMG Monday, 10 September 2018 05:52 PM

හුරේ....

:       35       534

nihal Monday, 10 September 2018 06:17 PM

තවම 2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට තිබ්බ ගාන ඇවිත් නැහැනේ. මම මේ මතක නැති හින්ද කිව්වේ.

:       1284       1405

BamunuarachchiMonday, 10 September 2018 11:31 PM

ඔන්න 62 කෙනෙක් චූන්වෙලා. 2015 ගාන ගෙවන්න තිබුනා 2015 තිබුනාවගේ බදු නොගහ තිබුනානම්. පරබාකරනුත් කීව ඔහෙලට සුමාන දෙකෙන් අමතක වෙනවා කියලා. ඒකාලේ තෙල වැඩි එක විතරද මතක අනික් බඩුමිල අඩුබව මතක නැද්ද.

:       109       150

PereraTuesday, 11 September 2018 06:04 AM

ඒ කාලේ ගැස් මිලත් කීයද කියල දන්නවද?

:       54       15

saraTuesday, 11 September 2018 12:15 AM

නිහාල් තවම වතුර රත්වෙලා නැහැ නේද

:       15       43

rohana kumara Monday, 10 September 2018 06:30 PM

ඔව් සතුටුයි මොකද තාම පසුගිය ආණ්ඩුවේ තෙල් මිලට වඩා අඩුයි තාමත් හොදේ

:       1354       615

HafeelMonday, 10 September 2018 09:37 PM

එතකොට පහුගිය රජයේ ගාණ ඉකමවා ගියෙන් පසුව මොනවාද කියන්නේ? මේ රජය දැන් ගමන් කරන්නේ පහුගිය රජය ගමන්ගත් පීල්ලෙන් තමා.

:       0       26

Shanaka Monday, 10 September 2018 10:38 PM

ඔන්න දවසේ විහිළුව සමග කඩේ යාම.

:       7       69

ananda Tuesday, 11 September 2018 09:56 AM

ඉවසන්න තව මාසෙකින් ඒ මිල පහුකරලා යාවි....... ඒ මිල වැඩිවීම අවුරුදු නමයකට මේ අවුරුදු තුනකට ඒ බිහිසුණු යුද්දෙකුත් එක්ක මේ බිහිසුණු බැංකු මංකොල්ලයක් එක්ක ගස්උඩ ඉන්න රිලවුන්ට මේව මතක තියෙන්නෙ කොහොමද?

:       83       75

Thilina Monday, 10 September 2018 06:30 PM

කෝ කෝ අර සතයපාල සහ පිට රට ඉදන් කත් අදින අය. අපි තමයි මෙහෙ ඉදන් මේවා ගෙවන්නේ

:       38       673

hasantha Monday, 10 September 2018 06:47 PM

රටකට මෙහෙම ඉදිරියට යන්න බෑ. මේකෙන් තේරෙන්නේ රටේ මුදල් සංචිත බින්දුවට වැටිලා පිටරටින් ඒ අඩුව පුරවන්න මුදල් ණය විදියටවත් ලැබෙන්නේ නැති බවයි. මෙහෙම ගියොත් රට උකස් කරන්න හෝ හම්බන්තොට කළා වගේ විකුනන්න වෙනවා.

:       69       598

nasrudin Monday, 10 September 2018 07:12 PM

මිල සුත්‍ර කමිටුවේ සාමාජිකයෝ එකෙක්වත් යාචකයෙකුට දියයුතු අවම ගණන වත් දන්නේ නෑ වාගේ.

:       0       9

රජින්ද Monday, 10 September 2018 08:28 PM

මොන ගොන් වැඩක්ද මේක... ඉස්සර තෙල් වැඩි උනත් අඩු උනත් ඒක උනේ අවුරුදු කිහිපයක් ගිහින්. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට එය විශාල පහසුවක් උනා. දැන් මේ කරන විකාර වැඩේ නිසා තෙල් ඇමතිගේ ගෝල බාල ඉන්ධනහල් හිමියෝ ටික ගොඩ යනවා. මේ කරන්නේ තනිකරම ජනතාවගේ ජීවනබර සමග ක්‍රීඩා කිරීමක්. මේ පුංචි රටට මෙච්චර සංකීර්ණ ආර්ථික ක්‍රම උවමනා උනේ අසාර්ථක සහ අවුල් සහගත දේශ-පාලනයක් මේ රටේ බිහි වූ නිසයි.

:       0       166

Bamunuarachchi Monday, 10 September 2018 11:45 PM

පැට්‍රොල් ෂෙඩ් කාරයෝ එක රැයින් කෝටිපතියෝ වෙනවා. එකත් නරක නැත.

:       1       74

nihal Tuesday, 11 September 2018 02:49 AM

දියවන්නාවේ ඉන්න නොහැකියාවෙන්..... පෙලෙන ....දුර්වල ..එඋන් නිසා ලංකික ජනතාවට සුගතියක් වෙන්නේ නැත ...

:       0       48

සඳුන් Tuesday, 11 September 2018 03:10 AM

ටයි කෝට් ඇඳගෙන ඇඟපත පුම්බං ආර්ථික ඔස්තාර්ලා වගේ හිටියට මේ කල්ලියට රටේ ආර්ථිකය කලමනාකරණය කරගන්න බැහැ. රැපියලේ අගය එන්න එන්නම වේගයෙන් පහළට වැටෙනවා. ඒනිසාම රැපියලට සාපේක්ෂ ණය සංචිතය එන්න එන්නම වැඩිවෙනවා. ජනතාවට නැට්ටටම බදුබර පටවල. රටේ ඔලුව උස්සන්න බලං ඉන්න මධ්‍යම පන්තිය තවත් පහළට තල්ලු කරනවා. බදු මදිවට පාරවල් දිගේ ගිණිගහන දඩ. ලක්ෂ 62 තැටියට දාගත්තෙ කුණුවූ රොටියක්. ඒවුනාට ලොක්කො ටික ජනතා මුදලින් ආර්ථික සමුලුවල ලොකු ටෝක්. රටේ දරුවන්ගේ අනාගතය එක්කයි මේ අය සෙල්ලම් දාන්නේ.

:       1       132

kapTuesday, 11 September 2018 05:09 AM

සෑම රටකම සල්ලි බාල්දු වෙලා තියෙන්නෙ ඩොලර් එක නෑග්ග හින්දා? ඔයා ආර්ථික ඔස්තාර් කෙනෙක්ද? මගේ පොඩි පුතත් දන්නවා මේ දවස්වල ගෝලීය ආර්ථික තත්ත්වය ගැන. මැද පෙරදිග රටවල්වලත් තෙල් මිල නැග්ගා සැප්තැම්බර්වල

:       109       8

සඳුන්Tuesday, 11 September 2018 07:51 AM

එතකොට මහ බැංකුව බිඳින්න කිව්වෙ මමද ?

:       0       24

athuraTuesday, 11 September 2018 06:28 AM

2015 දීත් හිටපු කෙනාම බලයට ආවනම් බලන්න තිබුණා මේ කෑගහන මිනිස්සුන්ට වෙන වැඩේ.

:       42       3

RNG Tuesday, 11 September 2018 11:57 AM

දැන් අනිත් අය ආවා කියලත් වෙනසක් නැති එකේ ඒ අයම හිටියා නම් හොඳයි කොහොමත් ..එහෙනම් රටත් සංවර්ධනය වෙලා මීට වඩා..

:       0       19

ajith Tuesday, 11 September 2018 03:11 AM

රජතුමාගේ කාලේ උසාවි නියෝගයටවත් ගරු නොකරමින් පෙට්‍රල් විකුණපු ගානට තවම ඇවිත් නැහැ නේද?

:       37       2

Ruwan Tuesday, 11 September 2018 03:16 AM

මිල වැඩි වන විට තමයි මිල සුත්‍ර මතක් වෙන්නේ. මිල අඩුවෙන කොට බලන්න ස්ථාවර ගාණක් වෙයි

:       1       14

theshan Tuesday, 11 September 2018 03:19 AM

ඒ කියන්නේ බස් ගාස්තු. ත්‍රීවීල් ගාස්තු ඉහළට සහ දුම්රියෙන් යන පිරිස වැඩිවීම, ප්‍රවාහන අමතිතුමෙනි, තව කොච්චි ටිකක වැඩිපුර දන්නා වෙයි, ඔය මරදානේ දිරපත්වන ඒවා.

:       0       1

saman Tuesday, 11 September 2018 03:20 AM

මෙහි මිළ සූත්‍රයක් නැත. ඔවුනට හිතෙනා ගණනට අප මිලදී ගතයුතුය. කිසිදාක මිළ සූත්‍රය පෙන්වන්නේ නැත. දැණගැණීමේ අයිතියක් අපහට නැද්ද?

:       0       15

chandana Tuesday, 11 September 2018 03:39 AM

රටට සැපයක් වෙලා තිතෙන්නේ මේ වගේ අයටත් සර්වජන ඡන්ද බලය ලැබීමයි. මහින්දගේ කාලේ තෙල් මිල මීට අඩුයි. ඒත් ඒකාලේ යුද්ධය වෙනුවෙන් විනාඩියකට රුපියල් හැට දාහක වියදමක් දරාගෙන. වැරදි දේ වැරදි විදියට දකින්න මනස අවදිකර ගන්න

:       3       83

දිලුම් Tuesday, 11 September 2018 03:52 AM

මේ රටේ මිනිස්සු හිගා නොකා හිගා කන තත්වයට ඇද දාල තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ. මේකේ කමෙන්ට් කොටන උනුත් අර ආන්ඩුවට වඩා අඩුයි මේ ක තාම හොදයි කිය කිය සන්සන්දනය කර කර ඉන්නවා වහල් මනසින්. අද රටේ පඩි ගෙවා ගන්නවත් සල්ලි නෑ කියල දන්නේ කීයෙන් කී දෙනාද. මොකක්ද මේ රටේ මුදල් ප්‍රතිපත්තිය මෙහෙම බදු වැඩි කරන්න ලක්ෂ ගණන් පඩි ගෙව ගෙව නිලධාරින් කන්තෝරුවල තියා ගන්න ඕනද. අද රටේ හැම මගුලටම එකම විසදුම බදු ගහන එක. මිනිස්සු කොහොමද මේ බර දරන්නේ කියන එක ඒව පනවන උන්ට වැඩක් නෑ. හරක් 225ක් නඩත්තු කර කර මේ රටේ හැට හැට හමාරක් ඉන්න නිලධාරියොත් නඩත්තු කර කර මේ රටේ මිනිස්සු අපි දුක් විදිනවා අද.

:       1       277

කසුන්Tuesday, 11 September 2018 12:15 PM

හරියට හරි දිලුම්. මෙතන අදහස් කොට කොට ඉන්න අයගෙන් රටේ හා දේශපාලුවන්ගේ කෙරුවාව හරියටම තේරුම් ගන්නට නොහැකි වීම ගැන කණගාටුවෙමි !!

:       0       0

K Perera Tuesday, 11 September 2018 03:54 AM

හරි පුදුම අදහස් සමහරු දමාලා තියෙන්නේ! ලෝක වෙලදපොලේ තෙල් මිල වැඩිවෙනකොට ලංකාවේ විතරක් නොවේ හැම රටකම වැඩිවෙනවා! රුපියල් හතර මෙයාලට උහුලන්න බැරි බරක් වෙලා.

:       362       46

priyanka nawarathnaTuesday, 11 September 2018 05:16 AM

අද දවසේ තෙල් මිල ඉහල දාපු එක රටක් පෙන්නපන් ..

:       21       81

K PereraTuesday, 11 September 2018 06:25 AM

පෙරේදා ඉන්දියාවේත් තෙල් මිල වැඩිකෙරුව.

:       29       23

BamunuarachchiTuesday, 11 September 2018 05:37 AM

අපි ලීටරයක් ගහගෙන ඔහේ වගේ ත්‍රීවීලර් එලවන්නේ නැහැ. ෆුල් ටෑන්ක් ගහනකොට හොඳ ගානක් ගෙවනවා. හැම මාසෙම තෙල් මිල නැග්ගාම 2020 වෙනකොට ලීටර් එකක් රු 1000 වත් වේවි. හෙජින් ගිවිසුමට බැන්න මිනිස්සු කෝ දැන්?

:       23       115

BamunuarachchiTuesday, 11 September 2018 06:49 AM

ඒ කාලේ තෙල් වලට ගෑස් වලට විතරයි වැඩියේ ගෙව්වේ. බෙහෙත් වලට දොස්තර බිලට වැට් ගැසුවේ නැත. වැලි කාලා හම්බකරපු සොච්චම් ඩොලරයට බදු ගැහැව්වේ නැත. විශ්‍රාම පාරිතෝෂකය බැංකුවේ දමා ලැබුන පොලියට බදු ගැසුවේ නැත. ඩොලරය අඩු නිසා වාහන රෙපයාර් වලට වැඩි මුදල් ගෙව්වේ නැත. මෙරටේ ඉන්න අපිටද මේගොල්ලෝ ඉතිහාසය කියල දෙන්නේ එන්නේ.

:       0       3

RNG Tuesday, 11 September 2018 12:03 PM

හතර හතර ගානෙ මාසෙන් මාසෙට වැඩි වෙනකොට කොහොමද? වැඩේ කියන්නේ ඒකත් වැඩි වෙනවම විතරයි නේ..

:       0       6

TIKIRI Tuesday, 11 September 2018 05:05 AM

ඔය මිල සූත්‍රයට අනුව මහින්දගේ කාලේ තිබුණු බොරතෙල් මිලට පෙට්‍රල් ඩීසල් වල මිල හොයාගන්න බැරිද ?

:       0       0

TIKIRI Tuesday, 11 September 2018 05:05 AM

ඔය මිල සූත්‍රයට අනුව ඒ කාලේ තිබුණු බොරතෙල් මිලට පෙට්‍රල් ඩීසල් වල මිල හොයාගන්න බැරිද ?

:       0       42

rohana kumara mendis Tuesday, 11 September 2018 05:24 AM

ඔව් තෙල් වගේ දේවල් අඩු වෙන්නේ කලාතුරකින්. මමත් ඉන්නේ පිට රටක එකයි මේ කියන්නේ ඊයේ තෙල් මිල වැඩි උනා. අර කියනවා වගේ තෙල් නිෂ්පාදනය රටවල තෙල් මිල වැඩි කරනකොට ලංකාවට අඩුවට දෙන්න පුලුවන්ද? දෙන්න පුළුවන් කාලේ දුන්නේ නැහැ සමහර ආණ්ඩු .

:       120       31

sampath Tuesday, 11 September 2018 06:02 AM

මහින්දගේ කාලේ අරක වැඩියි මේක වැඩියි කියල බලයට ඇවිල්ලා, කිසිම සොයා බැලීමක් නැතුව මිල අඩු කලා. තෝරාගත් රජයේ සේවක කොටසකට විශාල ප්‍රමාණයකින් පඩි වැඩි කලා. එතකොට ඉබේම අය වැය පරතරය වැඩි උනා. ඊට පස්සේ ඒවා පියවන්න බදු වැඩිකළ. දැන් ආපහු හැම දේකම මිල ටිකෙන් ටික ඒ කාලේ තිබුණ ගානටම ගේනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබුණ ආර්ථික කළමනාකරණය නිවැරදියි කියන එකනේ. අන්තිමට මෙයාලා කරලා තියෙන්නේ හොඳට තිබුණ ආර්ථික සැලැස්ම විකෘර්ති කරලා, මහා බැංකුවත් සුද්ද කරලා, රුපියල මස්තබාල්දු කරපුඑක විතරයි.

:       24       50

kap Tuesday, 11 September 2018 06:31 AM

මෙතන ඉන්න ඔක්කොම වැඩ කාරයො වගේ මට පේන්නෙ. ගෙදර ආර්ථිකේ කරගන්න බැරි එවුන් රටේ ආර්ථිකේ ගැන කතා කරනවා.

:       17       24

siril Tuesday, 11 September 2018 06:48 AM

මම හොඳ වෙලාවට බයික් එකට පැට්‍රල් බාගයක්ම ගහගෙන තිබුනේ !

:       0       0

සතයපාල Tuesday, 11 September 2018 07:37 AM

ලෝක වෙලඳ පොලේ තෙල්මිල ඉහළ යනවිට ලංකාවේ තෙල්මිල ඉහළ දැමීමත් ලෝක වෙළඳ පොලේ තෙල්මිල පහළ යන විට ලංකාවේ තෙල්මිල පහළ යාමත් වහලුන්ට හැර අනිත් ජනතාවට තේරුම් ගතහැකි හා පිලිගත හැකි ක්‍රමවේදයකී.එය එසේ නමුත් ඒ සමයේ ලෝක වෙළද පොලේ තෙල්මිල පහළ ගිය විට ලංකාවේ තෙල්මිල පහළ යනවා වෙනුවට ගියේ ඉහළට ලෝක වෙලද පොලේ ගෑස් මිල ඉහළ යනවිට ලංකාවේ ගෑස් මිල ඉහළ ගිය අතර ගෑස් මිල පහළ යනවිට ලංකාවේ ගෑස් මිල එලෙසම තබා ගනිමින් වැඩි වැඩියේන් සැප ගත්තාය. ලෝක වෙළද පොලේ කිරිපිටි සීනී අල හා බී ළුණු වැනී අතවශය ආහාර වල මිල පහළ ගිය විට ඒවට බදු පනවමින් තම පවුලේ සුඛ විහරණය සදහා එම මුදල් භාවිතා කලහ.අවසානයේ කිවයුතු කරුණ නම් වසර තුනාමාරකට පසුවද තෙල් කිරිපිටි ගෑස් අර්තාපල් පරිප්පු බී ළුණු හා සැමන් වැනි අතවශය පාරිභෝගික භාණ්ඩ වල මිල තවමත් එදාට වැඩිය අද පහළ මිලක පැවතිම ගැන යහාපාලනය සදහා ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාව වු අපට සතුටුය.

:       80       1

BamunuarachchiTuesday, 11 September 2018 04:55 PM

මෙන්න තවත් පණ්ඩිත කතාවක්. ලෝක තෙල් මිල ඉහල යනවිට ඉහල යන මෙහෙ තෙල් මිලට සමගාමීව ඉහල අනික් බඩු මිල තෙල් මිල පහලට යනවිට පහලට නොයන බව යහපාලකයන්ට නොතේරීමයි ප්‍රශ්නය.

:       0       0

Soma dubayi Tuesday, 11 September 2018 07:37 AM

පෙට්‍රල් ලීටරයක මිල අනිවාර්යෙන් 250 කරන්න ඕනේ..... යහපාලන රජය ජනවාතට සහනේ දෙනවා....

:       0       15

Bamunuarachchi Tuesday, 11 September 2018 04:59 PM

ඔන්න බලන්න 2020 වෙනකොට හැම දෙයක්ම අඩුකරනවා. අහුවෙන්න එපා ඒ ගැටේට.

:       10       4

OMG Wednesday, 12 September 2018 05:14 AM

උනුත් එකයි, මුනුත් එකයි. අපි හැමදාම කෙලවා ගන්නවා පමණයි.

:       0       0

ravi Wednesday, 12 September 2018 07:25 AM

බදු ගෙවන්න අකමැති උනොත් .. මේ තියන දේවල් නඩත්තු කිරීම සහ දීර්ඝකාලීන භාවිතයට ගැනීම බිඳහෙලා වැටෙනවා ... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 283 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 610 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 733 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 412 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 481 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 170 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site