IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ ලොකුම යුද නැව නාවික හමුදාවට

( හින්දුස්ථාන් ටයිම්ස්)
ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ මස 22 වැනි දා මිලදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ‘‘ හින්දුස්ථාන් ටයිම්ස්  “ පුවත්පත වාර්තා කර සිටී.
ලබන 22 වන දා ඉන්දියාවේ ගෝවා හි පැවැත්වෙන උත්සවයකින් අනතුරුව මෙම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට නියමිත බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දීය රුපියල් කෝටි දහසක වියදමකින් මෙම යුද නෞකාව නිපදවා ඇති  අතර එහි දිග මීටර් 150ක් වේ. ටොන් 2400 කට වැඩි  බරක් ගෙන යා හැකි මෙම නෞකාව ගෝව ප්‍රාන්ත රජයට අයත් ෂිප්යාඩ් ලිමිටඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.
දැනටමත් එම යුද නෞකාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බව වාර්තා වන අතර ගෝව නගරයේදී එය නිලවශයෙන් බාරදීමෙන් පසු ලබන අගෝස්තු 2 වැනිදා  ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වීමට නියමිතය.

 



අදහස් (17)

ඉන්දියාවේ ලොකුම යුද නැව නාවික හමුදාවට

menna Monday, 17 July 2017 01:17 PM

ඉන්දියාවේ හදල ලංකාවට විකුනනවා කියන්නේ, මොකක් හරි අඩුවක් ඇති. පස්සේ දවසක අහන්න වෙයි, ඉන්දියාවේ ලොකුම අඩු පාඩු තියෙන යුද නැව නාවික හමුදාවට කියල. කමක් නැහැ හැමදාම අහන කතන්දර අහන්න ලැස්තිවෙලා ඉන්නම්.

:       1       174

akila Monday, 17 July 2017 01:40 PM

ඉන්දියාවේ ඔක්කොම කුණුගොඩවල් දැන් අපිට තමයි විකුණන්නේ...

:       1       184

Mahesh Monday, 17 July 2017 01:45 PM

අපිට මෙතරම් මුදලකට යුද නැව් අවශ්‍ය වන්නේ මන්ද ? යුද්ධය නොමැති වෙලාවක රටට කල යුතු දේ දහසකුත් ඇත. මට නම් හිතෙන්නේ මෙය ඉන්දියන් රජය මගින් බලෙන් අපේ පිට පටවා එති බවකි ! මන්ද යත් දියුණු නෞකා නිපදවා ලෝකය අනෙකුත් රටවලට විකිණීමට තරම දියුණු තාක්ෂණයක් ඔවුන් සතු නොවේ !

:       1       251

samantha Monday, 17 July 2017 02:55 PM

ත්‍රී රෝද රථ වගේ ඇති

:       0       177

Nandalal DE SILVA - France Monday, 17 July 2017 05:53 PM

මේකත් ඉන්දියන් කාරයන්ගේ කූට උපක්‍රමයක්. යුරෝපා සංගමයේ රටවල් 4-5 එකතුවී නිපදවූ "එයා බස්" ගුවන් යානය හදා, මගීන් පටවා සරුංගලයක් වගේ උඩ යැවුවේ නැහැ. වසර ගණනාවක් තිස්සේ එය විවිධ පරීක්ෂණවලට භාජනය කරමින් කිලෝ මීටර් සිය දහස් ගණනක් දුර පියාසර කරාට පසුවයි එය මගී ප්‍රවාහනය සඳහා අනුමතය ලැබුවේ. මෙතරම් විශාල යුද නැව් හැදීමට ඉන්දියාවට තාක්ෂණික දැනුමක් තිබේද ? මෙවැනි නැව් ඉන්දීය නාවික හමුදාවටත් තිබේද ? මේ මගුලට ශ්‍රී ලංකා බදු ගෙවන්නන් රුපියල් කෝටි කීයක් ගෙවන්න යනවාද ? යුද්දයක් නැති ශ්‍රී ලංකාව, ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව " මිලට ගන්න " හදන්නේ මොන කෙංගෙඩියකටද ? මගේ ආච්චි කියනවා ඉන්දියන් කාරයෝ හරියට එස්කිමෝවරුන්ට ශීතකරණ විකුනනවා වගේ වැඩක් කරලා තියෙනවා වගෙයි කියල !!!! උන්දැත් හරි තමා... නැව් එන්නේ නැති හම්බන්තොට වරායේ මේකවත් ගාල් කරලා මළකඩ කන්න ඇරලා, කාටහරි හොද්ද බොර කර ගැනීම සඳහා පරණ යකඩ වලට විකුනන්න ගහපු උප්පර වැට්ටියක්ද කියලත් මට හිතෙනවා. දුරගමන් සඳහා පාවිච්චි කරන, නමුත් ශ්‍රී ලන්කන් එයාලයින්ස් සමාගමට අනවශ්‍ය ගුවන් යානා තොගයක් ඇනවුම් කරපු, බයියලද මේ නැවත් ඇනවුම් කරේ ?

:       23       163

Shez Monday, 17 July 2017 06:24 PM

හොඳ දෙයක්

:       168       0

arunaluTuesday, 18 July 2017 06:54 AM

මොලයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ වගේ.....

:       0       27

naushad Monday, 17 July 2017 07:58 PM

බොරැ කියන්න එපා. ඕක ඉන්දියාවේ නිෂ්පාදිත ලොකුම යුද නැව කියලා ඕක නිකම්ම නිකන් වෙරලාරක්ශක නෞකාවක් විතරයි මහාලොකු යුද නැවක් නෙවෙයි කොටින්ම කියනවනම් මේක ඉන්දියාවේ නිෂ්පාදිත කුණුගොඩක්

:       0       73

nayanana Tuesday, 18 July 2017 12:58 AM

මම කොහෙත්ම හිතන්නෙ නෑ මේක අපේ ඔනකමට ගන්නවා කියල. තනිකරම බල කිරීමකින් තමයි මේ කුණුගොඩවල් අපිට පටවන්නේ. කොන්ද පණ තියෙන නායකයො නැති වුනාම අපිට වෙන්නෙ අනික් රටවල ආර්ථිකය හදන්න උදවුවෙන්න තමයි..

:       0       43

abaran Tuesday, 18 July 2017 02:50 AM

යුද්දේ දිනාගෙන යනකොට පරිප්පු දාපු ඉන්දියන්කාරයෝ දැන් යුද්ද නැව් තොග ගානට විකුනනවා. කොහොමද ඉන්දියානුවගේ ආදරේ ලංකාවට ?

:       0       33

wedage Tuesday, 18 July 2017 03:42 AM

මේකත් අර ගිලන් රථ වගේ නිකන් දෙනවනම් මිසක් නැත්නම් වැඩක් නෑ මේ පිළිබඳව අපේ ජනරාල්තුමා සොයාබලා ඉක්මන් පියවරක් ගන්න

:       0       2

Lal Tuesday, 18 July 2017 03:45 AM

අපේ අයත් සැදීපැහෑදී ඉන්න එකනේ වැඩේ ඉන්දියාවේ කුනුගොඩවල් ලංකාවට ගෙන්වන්න.

:       0       18

sachith Tuesday, 18 July 2017 04:17 AM

කොළඔ නැවු තටකන්ගනේ මධ්‍යම ප්‍රමාණයේ මගී නැවු හදනවා, නාවික හමුදාවෙනුත් කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක බෝට්ටු හදල විදේශයන්ට විකුනනවා. එහෙම තියෙනකොට හරිහමන් පාලකයෝනම් කරන්න ඕනි මේ දෙගොල්ල එකතු කරලා, තව අපේ රටේ ඉන්න විද්වත්තු එක්ක අපේ රටේ අවශ්‍යතා වලට ගැලපෙන නැවු හදාගන්න එකනේ. එ්ත් කවදාවත් එහෙම කරන්නේ නැත්තේ මේ වගේ කාසි කබලකට දෙන කෝටි ගණක කොමිස් කුට්ටිය ලැබෙන්නේ නැති හින්ද.

:       0       65

arunalu Tuesday, 18 July 2017 06:56 AM

මේ හදිස්සියේ යුද නැවක් මොකටද අපිට?

:       0       1

Nuwan Tuesday, 18 July 2017 07:13 AM

මේක ලංකාවේ අවශ්‍යතාවයකට ගන්න එකක් මිසක් කාගෙවත් වුවමනාවකට ගන්න එකක් නෙමෙයි. හැමදෙයක්ම අසුබවාදීව හිතන්න එපා...

:       105       0

prabash Tuesday, 18 July 2017 08:09 AM

නැවක් නැති එක තමයි දැන් රටට තියෙන ලොකුම ප්‍රශ්නය. ලෝකෙට ණය වෙලා කියලා කෑ ගහන ගමන් මේ වගේ වැඩ කරලා කෝටි ගණන් සල්ලි අරගෙන.... මේ රජයත් අපිට දෙන්නේ මේක විතරයි. කාට හරි ලොකු කුට්ටියක් යනවා ඇති මේකෙන්...

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 19 July 2017 07:43 AM

"මසුන් මැරීමට" යොදා ගන්නා මෙම ඉන්දියන් බෝට්ටුව මිලදී ගැනීමට යන මුදලෙන් විශාල පිරිසකට රැකියා අවස්ථා සඳහා කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ කම්හල් කීයක් ඇති කිරීමට පුලුවන්ද ? රෝහල්වල බිම නිදා ගන්නා ලෙඩුන්ට ඇඳන් කීයක් සපයා දීමට පුලුවන්ද ? නොදියුණු පළාත්වල පාසල් සඳහා ඩෙස් පුටු අති විශාල සංක්‍යාවක් සපයා දීමට පුළුවන් නොවේද ? මේවාට රටවැසියන් ජාති ජාති වශයෙන් රජයට පින් දෙනු ඇත !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 73 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 101 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 95 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 287 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 637 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 131 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site